M.V. Balan

M.V. Balan

එම්. වී. බාලන්

Full Name: Mahadevan Vellupillai Balakrishnan Born 03 March 1941 Died 14 January 2017

03 March 1941 - 14 January 2017

59.48% · 2,197 votes
Rate this artist

Summary

NameM.V. Balan
Sinhala Nameඑම්. වී. බාලන්
Full NameMahadevan Vellupillai Balakrishnan
Born03 March 1941
Died14 January 2017

Biography

ahadevan Vellupillai Balakrishnan (born 3 March 1941 – died 14 January 2017 as එම්. වී. බාලන්) [Sinhala]), popularly as M. V. Balan, was an actor in Sri Lankan cinema. Career spanned for more than four decades, Balan has worked as a film production manager, assistant director, choreographer and a filmmaker.

Personal life

Balan was born on 3 March 1941 (Sarasaviya recorded the birth date as 15 March 1940) in Ganepalla village, Yatiyanthota. Balan was married to a Sinhala woman Chandrawathi Hesarasinghe and the couple has two children.

He died on 14 January 2017 at the age of 75. His remains are kept at the 8th floor of the Mount Lavinia housing scheme, Kalmdemulla Road, Golumudama Junction, Ratmalana until 3.00 pm. The funeral took place on 16 January 2017 at 4.00 pm at the Mount Lavinia General Cemetery.

Career

He joined Ceylon Studios as a technician in 1958 and was first involved as a lighting artist in the film Sihanaya.

He made his acting debut in 1958 film Wanaliya with a minor role. Then he appeared in many dramatic and comedy roles including Wanaliya, Pirimiyek Nisa, Suvineetha Lalani, Ganthera, Sasaraka Hati and Cheriyo Captain. Balan worked as the choreographer in many popular films such as Sithaka Mahima, Ipadune Ai, London Hamu and Okkoma Hari. His acting in the film Nomiyena Minisun with Gamini Fonseka was a memorable feat in his career. His role as a servant was highly appreciated by critics.

He has directed 11 films in Sinhala cinema started with Oba Nathinam in 1969. In 1975, Balan directed the film Hitha Honda Minihek starred by Gamini Fonseka. In 1978, he was the producer of film Mage Ran Putha.[7] He also directed popular films Rahasak Nathi Rahasak and Deviyani Sathya Surakinna. Apart from Sinhala films, Balan also directed several Sri Lankan Tamil films such as Manjal Kunkumam and Nirmala.

නළුවෙකු,චිත්‍රපට නිෂ්පාදක කළමනාකරුවකු, සහාය අධ්‍යක්ෂවරයකු, නැටුම් අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් ද සිංහල සිනමා වංශ කතාවට එක් වු ඔහු එම් (මහාදේවන්) වී (වේලුපිල්ලේ) බාල (ක්‍රිෂ්ණ)න්ය. ඔහු හිත මිතුරන් අතරේ බාලන්, බාලා විය. දිගු කලකට පසු සරසවිය හා පිළිසඳරට එක්වන එම් වී. බාලන්.

කලාව තුළ ඔබ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන හැඩයි?

එහෙම නැහැ. අදටත් මම කලාව තුළ කටයුතු කරනවා.

කලාව ගැන කටයුතු කරනවා කිව්වට කලා නිර්මාණ තුළ දකිනවා අඩුයිනේ?

අද වෙන කොට මම රඟපානවා ඇරෙන්න වෙන වෙන අංශවලට දායක වෙනවා අඩුයි.

ඒ කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂණයට දැන් සමු දීලාද?

මම සමුදිලා නෑ. සමු දෙන්න වෙන තත්ත්වයට වැඩ සිද්ධ වෙලා. මම මේ කල්පනා කර කර ඉන්නේ අලුත් චිත්‍රපටයක් ඩිජිටල් තාක්ෂණයෙන් කරන්න. ඒත් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. අපේ සිනමාව දිනෙන් දින කඩා වැටෙනවා. නළු නිළියන් හොයා ගන්න තියෙන අපහසුවත් එහෙමයි. මේ වගේ වටපිටාවක් තුළ චිත්‍රපටයක් කරන එක සුළු පටු නැහැ.

නිෂ්පාදක පිරිවැය සපුරන්න පුද්ගලයන් ඔබට ඉන්නවාද?

ඉන්දියාවේ කට්ටියක් එක්ක තමයි චිත්‍රපටය හදන්න සැලසුම් කරලා තියෙන්නේ.

මෙච්චර නළු නිළියන් සිටිත්දිත් ඇයි ඔබට නළු නිළියන් සොයා ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?

හරි මට කියන්න අද අපේ සිනමා කර්මාන්තය පැත්තට හැරිලා අපිට අද නළුවෝ නිළියෝ ඉන්නවද කියලා. අපේ සිනමාව පස්සට ගියත් හරි අපට නළුවන් නිළියන් බිහිවුණේ නැහැ. සිනමාව පස්සට යන කොට එයාලත් පස්සට ගියා.

ඔබ ඔය චෝදනාව එල්ල කරන්නේ වගකීමකින්ද?

පැහැදිලිවම ඔව්. අද අපිට විකුණන්න ඇක්ටර්ස්ලා නෑ. කියන්න බලන්න අද ප්‍රේක්ෂකයෝ ඉල්ලන එක් කෙනෙක් හරි. එහෙම අය නෑ.

අද නෑ කියන ඇක්ටර්ස්ලා එදා හිටියද?

ඔව්. ගාමිණී, මාලිනී, විජය එහෙම යුග තිබුණා. අතීත සිනමාවක් අපට තිබුණා. අද බලන්න චිත්‍රපටයක් බලපු ප්‍රේක්ෂකයෝ රඟපාපු නළුවා නිළිය ගැන කතා කරනවාද? එදා චිත්‍රපටයක් බලලා හෝල් එකෙන් එළියට එන ප්‍රේක්ෂකයෝ කතා කළේ චිත්‍රපටයේ රඟපාපු නළුවා ගැන. ගැලරියේ විසිල් පාර ගියේ චිත්‍රපටයට නෙමේ. නළුවට නිළියට. හෝල් එකෙන් එළියට එන ප්‍රේක්ෂකයා එදා නළුවන්ට නිළියන්ට මාකට් එකක් හැදුවා. අන්න ඒ මාකට් එක අපිට නළුවෝ බිහි කරලා දුන්නා. අද කවුද අහවල් නළුවා ඕනෑ කියලා කියන්නේ. එහෙම මාකට් එකක් අද අපේ නළු නිළියන්ට නැති නිසා අපිට නළු නිළියෝ හොයන්න සිද්ධ වෙලා.

ඔබ කියන ඔය ප්‍රේක්ෂකයන්ට විකුණන්න ඇක්ටර්ස්ලා නැහැයි කියනවා නම් ඔය අද හදන චිත්‍රපට දින සීය පැනලත් තිරගත වෙනවා. එතකොට ඒව බලන්නේ ප්‍රේක්ෂකයෝ නොවෙයිද?

චිත්‍රපට අරන් බලන්න, මිනිස්සු බලනවා, හැබැයි නළුවා නිළිය ගැන කතා කරනවාද? නිෂ්පාදකවරුන්ට තියෙන වත් පොහොසත්කම් අනුව මාකට් කිරීම සාර්ථක නිසා චිත්‍රපටය දුවනවා. ඔය කෙරුවාව හැම කෙනාටම කරන්න බෑනේ.

ඉන්දියාව වගේ රටක චිත්‍රපටයක් නිෂ්පාදනයේදී දරන අධික පිරිවැය තරම් මුදලක් දරා චිත්‍රපට කරන්න තරම් අපිට නිෂ්පාදකයෝ නෑනේ?

සිනමා නිර්මාණයකට බය නැතුව ආයෝජනය කරන්න අද නිෂ්පාදකයෝ බයයි. අද තනි නිෂ්පාදකයකුට විශාල පිරිවැයක් දරා චිත්‍රපටයක් කරන්න අමාරුයි. රුපියල් කෝටි දහයක් පහළොවක් ඕනෑ අපේ මට්ටමෙන් හොඳ චිත්‍රපටයක් කරන්න. කවුරු හරි ආයෝජනයක් කරන්නේ ලාභයක් බලාපොරොත්තුව. වැලිව් ස්ටාර්ස්ලා නැතිව පෝලිමට චිත්‍රපට තියන් ඉන්න මේ රටේ තියා පිටරටකවත් නිෂ්පාදකයෝ සල්ලි දමන්නේ නැහැ චිත්‍රපට කරන්න. අද අලුත්ම ලෝක ප්‍රවණතාව චිත්‍රපටය හදන්න පටන් ගන්න කොට අනිත් පැත්තෙන් ඒ එක්කම විකුණගන්න වෙළෙඳපොලක් හදන එක.

සිනමාවේ පරිහානියට ඇත්තෙන්ම වගකියන්න ඕනේ කවුරු කියලද ඔබ හිතන්නේ?

මුලින්ම වග කියන්න ඕනේ අධ්‍යක්ෂවරු. නිෂ්පාදකවරුන්ට දොස් කියන්න එපා. නිෂ්පාදකවරු ගොනාට ඇන්දූවේ අධ්‍යක්ෂවරු. පික්චර් කියන එක නැති වුණාම ප්‍රේක්ෂකයා චිත්‍රපටවලින් ඈත් වුණා. ප්‍රේක්ෂකයාට ඕනෑ දේ දුන්නේ නැහැ. තමන් හිතන ඕනෑ මල ජරාවක් ගහලා චිත්‍රපට හැදුවා. එහෙම ගැහුවත් බලන්න ඕනෑ සල්ලි දීලා ප්‍රේක්ෂකයෝ නේද කියලා ඔවුන් හිතුවේ නැහැ. අන්න එතනයි වැරදුන තැන. අද වුණත් නිෂ්පාදකයෙක් චිත්‍රපටයකට සල්ලි දාන්න ඉස්සෙල්ලා හොයන්නේ බලන්නේ වැලිව් ස්ටාර්ස්ලා කවුද කියලා.

අධ්‍යක්ෂවරයාගේ නමටත් ප්‍රේක්ෂකයෝ චිත්‍රපට බලන්න ඇදුණා නොවේද?

මම නැහැයි කියන්නේ නැහැ. ලෙස්ටර් කළොත් චිත්‍රපටය මෙහෙම ඇති. චිත්‍රපටයේ ලෙවල් එක මෙහෙමයි කියලා නිගමනයක හිටිය පිරිසක් හිටියා. ඒ වගේ තව අධ්‍යක්ෂවරුන් කරපු නිර්මාණ අනුව ප්‍රේක්ෂකයෝ නිගමනවලට පැමිණ චිත්‍රපට බැලුවා. කොමර්ෂල් චිත්‍රපට අපේ ප්‍රේක්ෂකයෝ ඉල්ලුවේ. ඒ වගේ චිත්‍රපට හැදුව අධ්‍යක්ෂවරුන්ට ප්‍රේක්ෂකයෝ කිව්වේ ඌ ෂෝක් ඩිරෙක්ටර් කියලා.

ඇත්ත ඉන්දියාවේ ඩිරෙක්ටර් කෙනෙක් චිත්‍රපටයක් කරනවා ලංකාවේ කොල්ලෙක්ගේ නමක් දානවා ඩිරෙක්ටර් විදියට. කොහෙද එතන කලාව තියෙන්නේ. අනුන් කරපු චිත්‍රපටයකට තව කෙනෙක්ගේ නමක්. නම දෙන කෙනාට තියෙන්නේ නම විතරයි. වැඩ නැහැ. ඔය වගේ වැඩවලින් වෙන්නේ අපේ සිනමාව තවත් වලපල්ලට යන එක. ඇයි අපිට අලුත් පරම්පරාවක් නැතුව යනවා. නම දාගත්තට වැඩක් නැහැ. තමන්ට නිර්මාණ හැකියාව නැත්නම්. සල්ලිවලට අද නිර්මාණ මංකොල්ලයක් තියෙන්නේ. තව කෙනෙක්ගේ ලේබලයක් ගහගෙන චිත්‍රපටය කළේ මමයි කියන ඩිරෙක්ටර්ස්ලා අද සිංහල සිනමා කර්මාන්තයේ බිහිවෙනවා. ඉතින් අපේ සිනමාව ගැන තව කවර කතාද?

අද සිනමාව පිළිබඳ පැහැදිලි අනාගතයක් නැති එකේ ඔබටත් තිබුණනේ ඔය වගේ ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක්ගේ චිත්‍රපටයකට ගිවිසුම්ගතව නමින් පෙනී සිටින්න?

මම තැනක් තියන් ඉන්න මිනිහෙක්. තැනක් නැතිව නොහැකියාව තුළ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න හීන මවන අය කරන අඳ බාල වැඩ මම කරන්නේ නැහැ. මේ බාලන් ගාව ලේබල් වැඩ නැහැ.

මහා දේවන් වේලුපිල්ලේ බාල ක්‍රිෂ්ණන් නැතහොත් එම්. වී. බාලන් ලෙසින් සිනමාවට සම්ප්‍රාප්ත වෙන ඒ අතීතය ගැන කතා කරමු?

මගේ ගම යටියන්තොට ගනේපල්ල. උපතින්ම මම කලාකාරයෙක්. මම අවුරුදු 14 දී තමයි රැකියාවට යන්නේ. ඒ බම්බලපිටියේ ග්‍රීන්ලන්ඩ් හෝටලයේ වේටර්වරයෙක් ලෙසින්. ඒ කාලේ ග්‍රීන්ලන්ඩ් හෝටලය හරි ප්‍රසිද්ධයි. ලංකාවට එන බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් නවාතැන් ගත්තේ මේ හෝටලයේ. චිත්‍රපටවල රඟපාන්න එන නළු නිළියන් වගේම ලංකාවේ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් මේ හැම කෙනෙක්ම එදා කොළඹ ඇවිත් නැවතුණේ මේ හෝටලයේ. මම හෝටලයේ වේටර්. නවතින්න එන නළු නිළියන්ට කෑම බීම සංග්‍රහ සියල්ල මගේ අතින්. කාලයක් යන කොට මේ අමුත්තෝ මගේ හිතවතුන් වුණා. මගේ ආදර සංග්‍රහ එයාලට හිතට ඇල්ලුවා. දවසක් මාතලන් චිත්‍රපටය හැදුව ඒ. ඇස්. නාගරාජන්ට මගේ තියෙන පිච්චර් පිස්සුව ගැන කිව්වා. ඒ අනුව මට වේටර්කමට ආයුබෝවන් කියලා 1958 දී ලංකා චිත්‍රාගාරයට බැඳෙන්න අවස්ථාව උදා වුණා.

ලංකා චිත්‍රාගාරය ඔබේ කලා දිවියේ තිඹිරි ගෙය?

ඔව්. ලයිට් බෝයි වශයෙන් තමයි මම මුලින්ම ලංකා චිත්‍රාගාරයේ වැඩ කළේ. පඩිය වශයෙන් මට ලැබුණේ රුපියල් තුනයි. ඒත් මම හැම කෙනෙක්ගේම හිත දිනාගෙන චිත්‍රගාරයේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. හැම කෙනෙක්ගේම සුරතලා බවට මම චිත්‍රාගාරයේ පත් වුණා. නිදා ගත්තෙත් චිත්‍රාගාරයේ. නැඟිට්ටෙත් චිත්‍රාගාරයේ. චිත්‍රාගාරයේ වැඩ කළ හැම කෙනෙක්ට මාව නැතුවම බැරුව ගියා. නළු නිළියන් වුණත් මම කලින් හෝටලයේ වැඩ කරන කොට හඳුනාගෙන තිබෙන නිසා එයාලත් මට පුදුම විදියට ආදරය කළා. ඒ නිසා කවුරුවත් මාව ඈත් කළේ නැහැ. චිත්‍රාගාරය තුළ ලබන අත්දැකිම් දකින දේවල් එක්ක මම ඉබේටම ඕල් රවුන්ඩ් කෙනෙක් බවට පත් වුණා. ඒ අත්දැකිම් එක්ක මට චිත්‍රපටවල සුළු සුළු චරිත මුලින් රඟපාන්න ලැබුණා. කොහොම හරි කාර්මික ශිල්පියෙක් ලෙස කලා ජිවිතයේ ගමන ඇරඹුව මම සහය අධ්‍යක්ෂ, නැටුම් අධ්‍යක්ෂ, නිෂ්පාදන කළමනාකරු, සම නිෂ්පාදක, අධ්‍යක්ෂක, රංග ශිල්පි ආදී බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සිනමාවේ ඉදිරියට පැමිණියා.

මුලින්ම ඔබ නළුවෙක් වෙන්නේ?

සිහිනය චිත්‍රපටයෙන්.

කාර්මික ශිල්පියෙක් වශයෙන් සිනමාවට එන ඔබ විකට ශිල්පියෙක් වශයෙන් සිනමාවේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා?

ඔව්. මම චිත්‍රපට එකසිය දහයක විතර රඟපාලා ඇති. ඒ වැඩි ප්‍රමාණයක මට ලැබුණේ විකට චරිත. අල්ලපු ගෙදර, දීපශිඛා, ධීවරයෝ, චෙරියෝ කැප්ටන්, මමයි රජා ආදී චිත්‍රපට බොහොමයක මගේ හොඳ විකට රංගනයන් දකින්න පුළුවන්.

නොමියෙන මිනිසුන් චිත්‍රපටයේ ඔබේ රංගනය වෙනස් මාවතකට එක් වෙනවා?

ප්‍රථම වතාවට තමයි මට මේ චිත්‍රපටයෙන් චරිතාංග නිරූපණයකට එක් වෙන්න ලැබෙන්නේ. මෙහෙකරුවාගේ චරිතය මගේ රංගන ජීවිතයේ සුවිශේෂි චරිතයක් වගේම මා තෘප්තිමත් වූ චරිතයක්.

නැටුම් අධ්‍යක්ෂණයෙන් ද ඔබ සිනමාවේ තවත් පැතිකඩක් සොයා යනවා?

සිතක මහිම, ඉපදුණේ ඇයි, සූර චෞරයා, ලන්ඩන් හාමු, ඔක්කොම හරි වගේ චිත්‍රපට බොහොමයක මම නැටුම් අධ්‍යක්ෂණය කළා.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා?

ඔව්. මම කලාවට ආපු විධිය මම හිටපු තැන දැක්කම මට ඒක විශ්මය ජනක අත්දැකීමක්. 1969 දී ඔබ නැතිනම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් මම මුල්වරට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් වුණා.

ඊට පස්සේ මම හිත හොඳ මිනිහෙක්, රහසක් නැති රහසක්, දෙවියනි සත්‍ය සුරකින්න ආදී චිත්‍රපට බොහොමයක් මම අධ්‍යක්ෂණය කළා. මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන කොට මට වයස අවුරුදු විසි හතරයි.

ඇත්තද මේ රුපියල් 185 ක මුදලක් අතේ තියන් මුලින්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණා කියන්නේ?

රුපියල් 185 ක් අතේ තියන් තමයි මම ඔබ නැතිනම් චිත්‍රපටය පටන් ගත්තේ. මේ කාර්්‍යයේදී මට ක්ෂේත්‍රයෙන් ගොඩක් අපවාද අවලාද විඳින්න සිද්ධ වුණා. ලයිට් බෝයිට චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් ද කියලා මේ වගේ අපහාස විඳිමින් මම ඉන්න කොට ගාමිණී ෆොන්සේකා මා වෙනුවෙන් පෙනී සිටියා. එතකොට සමහරුන්ගේ කට වැහුණා. මේ දුප්පත් මට අත දෙන්න ගාමිණී මේ චිත්‍රපටයේ මා වෙනුවෙන් නොමිලයේ රඟපෑවා.

ඔබේ චිත්‍රපට අධ්‍යක්ෂණයේ ගුරුවරයා වුණේ?

මගේ කලා දිවියේත් චිත්‍රපට අධ්‍යක්ෂණයේත් ගුරු දෙවියන් වුණේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න. ඒ හැරුණු කොට මම බොහෝ දේ ගාමිණී ෆොන්සේකාගෙනුත් ඉගෙන ගත්තා.

ඔබ විසින් අධ්‍යක්ෂණය කළ හිත හොඳ මිනිහෙක් හොඳට දිව්වා. ඒකට විශේෂ හේතුවක් තිබුණාද?

මම හැම චිත්‍රපටයක්ම නිර්මාණය කළේ පවුලේ කතාවක් හැටියට. මම විශ්වාස කරන්නේ පවුලේ කතාවකට හැම විටම ස්ථිර පදනමක් තිබුණා. ඒ තුළින් මම පණිවුඩයකුත් සමාජයට දුන්නා. හිත හොඳ මිනිහෙක් චිත්‍රපටය ඒ කාලේ වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ගැලරියේ ටිකට් එක සත 55 ට තියෙන කොට පළමු වටයෙන්ම රුපියල් ලක්ෂ 32 ක් හෙව්වා. ඒ කාලේ ඒක අද කාලේ කෝටි ගාණක්.

දෙමළ චිත්‍රපට කිහිපයකුත් ඔබ අධ්‍යක්ෂණය කළා?

මංජල් කුංකුමම්, නිර්මලා.

මේ වෙනකොට ටෙලි නාට්‍ය නාළුවෙක් පමණක් වෙලාද?

මට මතක හැටියට සරත් ධර්මසිරිගේ මිරිඟු දිය ටෙලි නාට්‍යයේ තමයි අවසන් වරට රඟපෑවේ. ආරාධනා ලැබූණොත් චිත්‍රපට වගේම ටෙලි නාට්‍යවලත් මම රඟපානවා. මොන දේට කතා කළත් නිර්මාණය කරන කෙනා දිහා වගේම නිර්මාණය ගැනත් මම සෑහීමකට පත් වුණොත් විතරයි රඟපෑමක් භාර ගන්නේ.

ඔබ හිතන්නේ අපේ සිනමාව කඩා වැටුණේ, නළු නිළියන්ගේ අහේනිය ඇති වුණේ කොයි වකවානුවේ පටන් කියලද?

විජය කුමාරතුංගගේ අභාවයත් සමඟ ප්‍රේක්ෂකයන්ගේ වැලිව් එක ඇතුව නළුවෙක් ඇති වුණේ නැහැ. එතනින් පස්සේ සිංහල සිනමාව කඩා වැටෙන්න පටන් ගත්තේ අමු අමුවේ කුණුහරුප චිත්‍රපට කරන්න ගත්තට පස්සේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල් කියන නළුවෝ දෙන්නාගේ ඇක්ෂන් රිඇක්ෂන් ගැන මගේ හිතේ සතුටක් තියෙනවා.

ඔබ වරක් කියා තිබුණා සිංහල සිනමාව නැති කරන්නේ චිත්‍රපට සංස්ථාව කියලා?

ඒක මම අදත් කියනවා. චිත්‍රපට පෝලිමක් තියාගෙන නිර්මාණකරුවා පල් කර කර තියන් ඉන්නේ සංස්ථාව. සංස්ථාව සතු බලය පුද්ගලීකරණයට නතු කරලා අද හුලං ඇර ඇර සිනමාව වලපල්ලට ඇදගෙන යනවා.

සිනමා වංශ කතාවේ පතාක යෝධයෝ දෙන්නෙක් එකළ ඔබව නිතර ප්‍රශංසාවට ලක් කළා. මම හිතන්නේ ඒ අය ගැනත් කතා කළොත්?

ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා වගේම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. මේ දෙපල මට මුලින්ම හමුවන්නේ එකම ස්ථානයකදී. එතකොට මම සිලෝන් ස්ටුඩියෝ එකේ වැඩ කරන්නේ. මට දවසක් කොම්පැණියෙන් දුන්නා ලියුමක් ලෙස්ටර් මහත්තයාගේ ගෙදර ගිහින් දෙන්න කියලා. මම ෆුට් සයිකලයෙන් දෙහිවල එතුමාගේ ගෙදරට ගියා. ඒ යන කොට ගාමිණී මහත්තයත් එහෙ ඇවිත් හිටියා. මම ගිහින් ලෙස්ටර් මහත්තයා අතට ලියුම දුන්නා. ඒක කඩල බලලා ලෙස්ටර් මහත්තයා ගොඩක් සංතෝස වෙලා ගාමිණී මහත්තයාට මොනවදෝ ඉංග්‍රීසියෙන් කියාගෙන ගියා. ඒ ලියුම් කවරයේ තිිබිල තියෙන්නෙ රේඛාව චිත්‍රපටයට පාස් කරපු සල්ලි චෙක් එක. කොහොම හරි එදා මගේ ඔලුව අතගාලා ලෙස්ටර් මහත්තයා මට රුපියල් දෙකක් දුන්නා. මම ඒකත් අරන් ෆුට් සයිකලේ නඟින කොටම ගාමිණී මහත්තයා මගෙන් ඇහුවා එන්න පෙයර් කියලා. මම කීවා බාල ක්‍රිෂ්ණන් කියලා. ඒ තමයි මුල්ම හමු වීම. කිහිප අවස්ථාවකදීම ලෙස්ටර් මහත්තයා මා ගැන ප්‍රශංසාත්මකව කතා කළා. 1961 දී මම ලෙස්ටර් මහත්තයාගේ වාර්තා චිත්‍රපටයක රඟපෑවා. එහිදී මගේ කැපවීම දැක්ක ලෙස්ටර් මහත්තයා අනාවැකියක් කිව්වා. කවදා හරි ඔබ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලා. මට මතක හැටියට නිධානය චිත්‍රපටය කරන කොට මම ඒ ලොකේෂන් එකට ගියා. එහිදී ලෙස්ටර් කිව්වා එයා ආස කරන විකට නළුවන්ගෙන් එක් කෙනෙක් මම. අනික් දෙන්නා හොලිවුඩ් සිනමාවේ ජෙරී ලුවිස්, දෙමළ සිනමාවේ එන්. එස්. ක්‍රිෂ්ණන් කියලා.

මට තවත් සිද්ධියක් මතක් වෙනවා. මගේ හිත හොඳ මිනිහෙක් චිත්‍රපටයේ මුහුරත් උලෙළට ලෙස්ටර් මහත්තයාට අරාධනා කළා. එතනදි මම සිංහලෙන් කතාවක් කළා. ඊට පස්සේ කතාව තිබුණේ ලෙස්ටර් මහත්තයාට. එතුමා එතනදි කට්ටිය සිනහා ගන්වමින් මෙහෙම කිව්වා. මට බාලන් ගැන ඊර්සියයි, මටත් වඩා හොඳට සිංහල කතා කරනවා කියලා.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පිරිමියෙක් නිසා චිත්‍රපටයෙන් තමයි මට රංගනයේදී මුලින්ම හම්බ වෙන්නේ. මම ප්‍රධාන චරිතය මුලින් කළේත් ඔහුත් සමඟ. එතනදි එයාගේ හිතට මාව ඇල්ලුවා. මගේ හිතට එයාව ඇල්ලුවා. තවත් දවසක චණ්ඩියා චිත්‍රපටයේ රූපගත කරන දර්ශන තලයට ඇවිත් හිටිය කරුණාරත්න අබේසේකර කිව්වා ගාමිණී උන්නත් දාහයි මලත් දාහයි කියලා. ඒක අහගෙන හිටිය චණ්ඩියා නිෂ්පාදක කේ. ගුණරත්නම් ඒ වචන දාලා සිංදුවක් හදන්න කිව්වා. ගාමිණී ෆොන්සේකා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්. හිත හොඳ මිනිහෙක්. මනුස්සකම තියෙන ශ්‍රේෂ්ඨ නළුවෙක්. ඒ වගේ උත්තමයෙක් එක්ක මම වගේ පුද්ගලයකුට සමීපව ඉන්න ලැබීමත් මම ලැබුව භාග්‍යයක්.

එදා සහ අද සිනමාවේ වෙනස ඔබ දකින්නේ කොහොමද?

එදා චිත්‍රපටයක ආදර්ශවත් කතාවක් තිබුණා. හොඳ උපදේශන පණිවිඩයක් තිබුණා. එදා අපි චිත්‍රපටයක් කරලා මිනිස්සුන්ට යමක් දුන්නා. අද හැදෙන චිත්‍රපට එහෙම පණිවිඩයක් දෙනවද? එදා අපි කොපි චිත්‍රපට හැදුවා. මගේ හිත හොඳ මිනිහෙක් (රාමන් එත්තෙනෙයි රාමන්ඩ්) කියන දෙමළ චිත්‍රපටයේ කොපියක්. මම ඒ චිත්‍රපටයෙන් අපේ සංස්කෘතියට ගැළපෙන චිත්‍රපටයක් හැදුවා රාමුවෙන් රාමුවට කොපි නොකර. දෙමළ චිත්‍රපටයේ සිවාජි ගනේෂන් රඟපෑවා. මගේ චිත්‍රපටයේ ඒ චරිතය ගාමිණී ෆොන්සේකා රඟපෑවා. සිවාජි ගනේෂන් ඉටිලි තෝසෙ කන කොට මම ගාමිණීට මෙහෙ කැවුම් කැව්වා. ඒකයි නිර්මාණශීලීකම. අද කරන්නේ ප්‍රේම් බයි ප්‍රේම් කොපි කිරිමක්නේ. පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ රඟපාන්න සිවාජි ගනේෂන් ලංකාවට ආපුවහම මම හිත හොඳ මිනිහෙක් චිත්‍රපටය පෙන්නුවා. ඒක බලපු ශිවාජි කිව්වා මට වැඩිය හොඳට ගාමිණී මගේ කැරැක්ටර් එක රඟපාලා තියෙනවා. චිත්‍රපටයත් හරි අපූරුවට කරලා තියෙනවා කියලා.

ඉතිං කොහොමද දැන් පවුලේ තොරතුරු?

මගේ බිරිය චන්ද්‍රවතී හේසාරසිංහ. ඇය සිංහල කාන්තාවක්. මගේ දුව ඩයනා මධුෂාණි. ඇය දැන් විවාහකයි. මාත් සමඟ තමයි ජිවත් වෙන්නේ. පුතා ජීවන්ත දිල්රුක්ෂාන්. දැන් විදේශ ගතවෙලා ඉන්නේ.

තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු කලාකාරයකු වුණ එකේ දරුවෝ කලාවට යොමු කළේ නැද්ද?

පුතා ගායනය, රංගනය වගේම ශබ්ද පරිපාලනය පැත්තෙන් කලාවට ආවා. සිල් ටෙලි නාට්‍යයේ, තිතට වැඩ චිත්‍රපටයේ රඟපෑවා. මියුසික් විඩියෝ කළා. සිංදු මියුසික් කළා. දැන් නම් විදේශ ගත වෙලා චෙෆ් කෙනෙක් වශයෙන් රැකියාව කරනවා. මම දරුවන්ව උනන්දු කළේ නැහැ අපේ කර්මාන්තයේ තියෙන අවිනිශ්චිත බව හේතුවෙන්.

එදා සිනමාවේ බොහෝ නළු නිළි පිරිසක් සමඟ ඔබ රංගනයේ නියැලියා?

රුක්මණීි දේවි, ජෝසප් සෙනෙවිරත්න, මේබල් බ්ලයිත්, ෆ්ලොරිඩා ජයලත්, ඩොමී ජයවර්ධන, හියුගෝ මාස්ටර්, ක්‍රිස්ටි ලෙනාඩ් ඔය වගේ විශාල නළු නිළි කැලක් එක්ක මට වැඩ කරන්න ලැබුණා.

අද සිනමාව ගැන ඔබට මොකද හිතෙන්නේ?

දුකයි! සිනමාවට වෙච්ච දේ ගැන. සල්ලි තන්හාවට සිනමාව බිල්ලට දුන් අය ගැන දෙයියෝ බලා ගනියි. කලාව කියන්නෙත් දේවත්වයෙන් අදහන්න පුළුවන් දෙයක්. මේ කර්මාන්තයට ගරහන අය ගැන දෙවියෝ බලා ගනියි.

ඔබේ ආගමනය ගැන ආපසු හැරි බලන කොට මොකද හිතෙන්නේ?

මගේ ජීවිතය ගැන මට හරි සතුටුයි. මම ආපු ගමන ගැන මම දුක් වෙන්නේ නැහැ. එදා එම්. වී. බාලන් කියන කොට මේ ෆීල්ඩ් එක දන්න කෙනෙක් වෙන්න මට දෙවියෝ වරමක් දුන්නා. මම තරම් දුක් විඳලා බැට කාලා මේ තත්ත්වයට ආපු කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයේ නැතුව ඇති. මට එලව එලව ගැහුවා. ඒත් මං වැටුණේ නැහැ. ගහන්න ගහන්න මම නැඟිට්ටා. සිනමාවට දර දිය ඇදලා මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දක්වා ගමනක් ආවා. මට එතනට එන්න වචනයකින් හරි උදවු කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම මම මේ පොළවට ආදරෙයි. මිනිස්සුන්ට ආදරෙයි. මම ගතින් දෙමළ වුණත් හිතෙන් සිංහල.

FG8, කල්දෙමුල්ල පාර, ගල්කිස්ස මහල් නිවාස, රත්මලාන එම්. වී. බාලන්ගේ ලිපිනයයි.

චන්දන දයාසිරිවර්ධන

As a Cast

#Film NoYearFilm RoleDirector
1 491958 Vanaliya වනලිය Actor B.A.W. Jayamanne
2 571959 Awishwasaya අවිශ්වාසය Actor T. Somasekaran
3 601959 Purusha Rathnaya පුරුෂ රත්නය Actor A.S. Nagarajan
4 611959 Sri 296 ශ්‍රී 296 Actor Premnath Moraes
5 621959 Sihinaya සිහිනය Actor T. Janaki Ram
6 661960 Sandeshaya සංදේශය Actor Dr. Lester James Peries
7 691960 Kavata Andare කවට අන්දරේ Actor B.A.W. Jayamanne
8 721960 Pirimiyek Nisa පිරිමියෙක් නිසා Actor K.A.W. Perera, T. Somasekaran
9 761961 Suvinitha Lalani සුවිනීත ලාලනී Actor Robin Tampoe
10 771961 Ganthera ගංතෙර Actor A.B. Raj
11 781961 Daruwa Kageda දරුවා කාගේද Actor Herbi Senewirathna
12 801962 Daskon දස්කොන් Actor Upali Wanasinghe
13 811962 Sansare සංසාරේ Actor Shanthi Kumar Seneviratne
14 821962 Suhada Divi Piduma සුහද දිවි පිදුම Actor Robin Tampoe
15 831962 Ranmuthu Duwa රන්මුතු දූව Actor Mike Wilson
16 861963 Vena Svargayak Kumatada වෙන ස්වර්ගයක් කුමටද Actor Kingsly Rajapaksha, T. Somasekaran
17 871963 Suhada Sohoyuro සුහද සොහොයුරෝ Actor L.S.Arya, L.S. Ramachandran, K.A.W. Perera
18 921963 Deepasika දීපශිකා Actor Kingsly Rajapaksha
19 941964 Heta Pramada Vadi හෙට ප්‍රමාද වැඩියි Actor Shanthi Kumar Seneviratne
20 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Actor Shanthi Kumar Seneviratne
21 971964 Dheevarayo ධීවරයෝ Actor M. Masthan
22 991964 Suba Sarana Sapa Sithe සුභ සරණ සැප සිතේ Actor T. Somasekaran
23 1001964 Samiya Birindage Deviyaya සැමියා බිරිඳගේ දෙවියාය Actor W.M.S. Tampoe
24 1041964 Sasaraka Hati සසරක හැටි Actor S. Ramanadhan
25 1051964 Sithaka Mahima සිතක මහිම Actor M.S. Anandan
26 1091965 Handapana හඳපාන Actor Kingsly Rajapaksha
27 1151965 Yatagiya Dawasa යටගිය දවස Actor W.M.S. Mahendran
28 1171965 Hathara Maha Nidhanaya හතර මහා නිධානය Actor L.M. Perera
29 1181965 Adarayai-Karunawai ආදරයයි කරුනාවයි Actor Ananda Jayarathna
30 1191965 Hithata Hitha හිතට හිත Actor Kingsly Rajapaksha
31 1201965 Allapu Gedara අල්ලපු ගෙදර Actor M. Masthan
32 1211965 Satha Panaha සත පනහ Actor M.S. Anandan
33 1221965 Sweep Ticket ස්වීප් ටිකට් Actor Florida Jayalath, Raja Joshua
34 1311966 Mahadena Muththa මහදැන මුත්තා Actor Robin Tampoe
35 1321966 Athulveema Thahanam ඇතුල්වීම තහනම් Actor M.S. Anandan
36 1351966 Kinkini Paada කිංකිනි පාද Actor Douglas Kothalawala
37 1391966 Sampatha සම්පත Actor S. Ramanadhan
38 1411966 Sudu Duwa සුදු දුව Actor Lenin Morais, Raja Joshua
39 1421966 Oba Dutu Da ඔබ දුටු දා Actor S. Sivananda
40 1621967 Ipadune Ai ඉපදුනේ ඇයි Actor S. Ramanadhan
41 1651967 Okkoma Hari ඔක්කොම හරි Actor Wijepala Hettiarachchi, S. Ramanadhan
42 1671967 Sura Chauraya සූර චව්රයා Actor M. Masthan
43 1711968 London Hamu ලන්ඩන් හාමු Actor Chundukili Somasekaran
44 1731968 Mathru Bhumi මාතෘ භූමි Actor Wimalanath Dissanayaka, Ariyadasa Kumarasinghe
45 1781968 Amathikama ඇමතිකම Actor Kithsiri Nihal Jayasinghe
46 1801968 Indunila ඉඳුනිල Actor Kingsly Rajapaksha
47 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Actor M. Masthan
48 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Actor M.V. Balan
49 2151970 Penawa Neda පේනවා නේද Actor Wijepala Hettiarachchi
50 2251971 Kalana Mithuro කලණ මිතුරෝ Actor Kingsly Rajapaksha
51 2581973 Suhada Pathuma සුහද පැතුම Actor Kingsly Rajapaksha
52 2641973 Sinavai Inavai සිනාවයි ඉනාවයි Actor Kingsly Rajapaksha
53 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Actor Subayar Makeem
54 2931975 Hitha Honda Minihek හිත හොඳ මිනිහෙක් Actor M.V. Balan
55 3821978 Kundala Keshi කුණ්ඩල කේශී Actor Wimalanath Dissanayaka
56 3881978 Deepanjali දීපාන්ජලි Actor Darmasri Kaldera
57 6571988 Gedara Budun Amma ගෙදර බුදුන් අම්මා Actor Roy De Silva
58 6601988 Angulimala අංගුලිමාල Actor Baptist Fernando
59 6671989 Mamai Raja මමයි රජා Actor Sunil Soma Peiris
60 6721989 Obata Rahasak Kiyannam ඔබට රහසක් කියන්නම් Actor Sunil Soma Peiris
61 6731989 Shakthiya Obai Amme ශක්තිය ඔබයි අම්මේ Actor Anton Kingsley, Ranga Wijendra
62 6801990 Yukthiyata Wada යුක්තියට වැඩ Actor Sunil Soma Peiris
63 6811990 Jayashakthi ජය ශක්ති Actor Kusum Chandra Gamage
64 6851990 Hondin Nathnam Narakin හොඳින් නැත්නම් නරකින් Actor V. Siwadasan, Thilak Wehalla
65 7071991 Raja Kello රජ කෙල්ලෝ Actor Shirley P. Wijeratne
66 7151991 Cheriyo Doctor චෙරියෝ ඩොක්ටර් Actor Roy De Silva
67 7571993 Surayan Athara Veeraya සූරයන් අතර වීරයා Actor Roy De Silva
68 7581993 Come Or Go Chikago කම් ඕ ගෝ චිකාගෝ Actor Dinesh Priyasad
69 7731994 Nomiyena Minisun නොමියෙන මිනිසුන් Actor Gamini Fonseka
70 7761994 Nohadan Kumariye නොහඩන් කුමරියේ Actor Ranga Wijendra
71 8711998 Eya Obata Barai ඇය ඔබට බාරයි Actor Sunil Soma Peiris
72 9732002 Somy Boys සොමි බෝයිස් Actor A.A. Junaideen
73 10322005 Kauda Buwa කව්ද බුවා Actor -

As a Crew

Choreographers

#Film NoYearFilm RoleDirector
1 1651967 Okkoma Hari ඔක්කොම හරි Choreographers Wijepala Hettiarachchi, S. Ramanadhan

Director

#Film NoYearFilm RoleDirector
1 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Director M.V. Balan
2 2931975 Hitha Honda Minihek හිත හොඳ මිනිහෙක් Director M.V. Balan
3 3731978 Mage Ran Putha මගේ රන් පුතා Director M.V. Balan
4 5081982 Rahasak Nathi Rahasak රහසක් නැති රහසක් Director M.V. Balan
5 8071995 Deviyane Sathya Surakinna දෙවියනේ සත්‍ය සුරකින්න Director M.V. Balan
6 8371996 Hitha Honda Gahaniyak හිත හොඳ ගැහැනියක් Director M.V. Balan

Producer

#Film NoYearFilm RoleDirector
1 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Producer M.V. Balan

Script

#Film NoYearFilm RoleDirector
1 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Script M.V. Balan

Other Type Films

Director

#Film NoYearFilm Movie Group RoleDirector
1 71970 Manjal Kungumam Tamil Director M.V. Balan