තොරතුරුඡායාරූප
Kauda Raja / කව්ද රජා
[ Black & White 35 mm ]
චිත්‍රපට අංකය : 324
නිකුත් වූ දිනය : 1976-02-27
55.700197238659
56% |   2028  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Kauda Raja / කව්ද රජා
චිත්‍රපට අංකය : 324
නිකුත් වූ දිනය : 1976-02-27
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35 mm
වර්ගය :
සමාගම : Seven Arts
ප්‍රධාන නළුවා : ගාමිණි ෆොන්සේකා
ප්‍රධාන නිළිය : මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය : J. Selvarathnam
අධ්‍යක්ෂණය : J. Rasarathnam
නිෂ්පාදනය : M. Ramasamy

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ගාමිණි මාලිනි යුගය අවසන් කළ ,කව්ද රජා......
 
1975 වසරේ මැද භාගයේ පමණ මරදානේ පැවති එක්තරා සංගීත සංදර්ශනයක ගී ගයන්නට පැමිණි ජන කාන්ත ගායක එච්.ආර්.ජෝතිපාල එක ගීතයක් ආර්ම්භ කරන්නට පෙර කිවා මෙහෙම කතාවක්,”මි ලඟට මම ගායනා කරන්නට යන්නේ  තිර ගත වන්නට නියමිත කව්ද රජා චිත්‍රපටයේ ගීතයක් ,හැබැයි රජා මං නෙමෙයි ගාමිණි ෆොන්සේකයි”. මෙසේ පැවසු ඔහු ගායනා කෙරුවා දිනේ ලංකා කියන ගීතය,ඒ වන විට කව්ද රජා චිත්‍රපටය තබා එහි ප්‍රචාරක පටයවත් සිනමාහල්වල  ප්‍රදර්ශනය වුනේ නෑ. මෙහි ප්‍රචාරක පටය මතක විදිහට සිනමාස් මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්නට යෙදුණේ එම වසර අවසන පමණ තිර ගතවූ සංගීතා චිත්‍රපටයත් සමගයි,මේ අනුව  තිර ගත වන්නටත් පෙර වඩාත් ජනප්‍රියවූ චිත්‍රපටයක් තමයි කව්ද රජා චිත්‍රපටය, ඒ වගේම තමයි එවකට වැල්ලම්පිටිය ප්‍රදේශයට අයත්ව පිහිටුවා තිබු ජනප්‍රියතම සිනමාහලක් වූ රුක්මනී සිනමාහලෙහි මෙම චිත්‍රපටය සම්බන්ධ ප්‍රචාරක දැන්වීමක් තිබුනා රුක්මනී මුවිස්ගේ කව්ද රජා යනුවෙන්,ඒ මෙය තිර ගත වන්නට දිගු කලක් තිබියදී,කොහොම නමුත් මේ චිත්‍රපටය තිරයට එන්නේ 1976 වසරේයි, 1972 එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයෙන් ඇරඹි විනෝදාත්මක සිනමාවේ ගාමිණි-මාලිනි යුගයේ අවසානය සටහන් කරන ,ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස රඟපාන අවසන් චිත්‍රපටය මෙය බවයි කිව හැක්කේ. එදා යුගයේ අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ලෙනින්  මොරායස් වගේම නම කියැවුණු තවත් අධ්‍යක්ෂකවරයෙකු තමයි ජේ.සෙල්වරත්නම්,ඔහුත් ලෙනින් වගේම ජනප්‍රිය චිත්‍රපට  රැසක් අධ්‍යක්ෂණය කළා,ඔහොම හොඳද චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂක ලෙසත්,සහනය,හොඳට හොඳයි,පසු කලෙක සබීතා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළෙත් ඔහුයි.ඔහු ජේ.රාසරත්නම් සමග අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තමයි කව්ද රජා. අවාසනාවකට වගේ දැන ගන්නට තිබුණු තොරතුරුවලට අනුව 1983 වසරේ එළඹුණු කළු ජූලියෙන් පස්සේ ඔහු ඉන්දියාවට  ගිය බවයි වාර්තා වන්නේ.
 
කව්ද රජා චිත්‍රපටය මුලින්ම තිරගත වන්නේ මරදානේ සෙන්ට්‍රල් සිනමා හල ඇතුළු සිනමාහල්වල,ගාමිණි,මාලිනි,සෝනියා,බැප්ටිස්ට්,ඇලෙක්සැන්ඩර්,හියුගෝ,රුක්මනී,ඇන්තනි,බි.එස්.,මාක් සමරනායක වගේ ජනප්‍රිය නළු නිළියන් රාශියක් චරිත නිරුපනය කළ මෙය සවාලේ  සමාලි නමැති ශිවාජි ගනේෂන් හා   ජයලලිතා රඟපෑ 1971 වසර අවසාන පමණ  මෙරට දීත් තිරගතවුණු ද්‍රවිඩ චිත්‍රපටය අනුසාරයෙන් තමයි නිෂ්පාදනය වී තිබෙන්නේ, එම.කේ.රොක්සාමිගේ සංගීතයට අනුව පන්දම් අල්ලා ගත් නම්බු නාමේ, නෑඹුල් දුල් මල් මාලා ,දිනේ ලංකා,මා කව්රුදෝ ,ප්‍රේමේ මේ සිහින ලොවේ,රන්වන් පහන කෝ,මල්  සුපිපෙන වියේ වගේ ගීත 07 ක් මෙහි අන්තර්ගතයි,ඒ වගේම අතිශයින් ජනප්‍රියත්වයට පත් මෙහි  ගීත ගායනා කළේ ජෝතිපාල හා ඇන්ජලින් දෙදෙනා වන අතර දිනේ ලංකා ගීතයේ අවසන් කොටසට ෆ්‍රෙඩ් සිල්වා රංගනයෙන් වගේම ගායනයෙන් තම දායකත්වය ලබා දීමත් විශේෂයි. මෙහි එන මධුර ගීත රචනා කළා කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ වගේම නිහාල් ජයසිංහ යන අපට හිටිය දක්ෂතම ගීත රචකයින්, වලවුවේ හාමු කෙනෙකු සමග සටන් වදින දිළිඳු තරුණයෙකු ඉන් ජයගෙන අවසානයේ ඔහුගේ දියණියත් විවාහ කර ගන්නා අන්දම මෙහි  කතා පුවත ට ඇතුලත් මෙහි දුප්පත් තරුණයා ලෙස ගාමිණි ෆොන්සේකාත්,හාමු ලෙස හියුගෝ ප්‍රනාන්දුත්,හාමුගේ ආඩම්බරකාර දියණිය ලෙස මාලිනි ෆොන්සේකාත් චරිත නිරුපනය කළා ,කව්ද රජා චිත්‍රපටයේ බැප්ටිස්ට් ප්‍රනාන්දු රඟපෑවේ හාමුගේ පුතා නැතහොත් මාලිනි ගේ සොහොයුරා ලෙසයි. මෙහි සටන් පුහුණුව ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් වන අතර නැටුම් අධ්‍යක්ෂක ලෙස රොනල්ඩ් ප්‍රනාන්දු කටයුතු කළා.
 
අනිල් වීරසිංහ
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
J. Selvarathnam
අධ්‍යක්ෂණය
J. Rasarathnam
නිෂ්පාදනය
M. Ramasamy
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS