සුමනා අමරසිංහ

සුමනා අමරසිංහ

Full Name: Denipitiya Vithanage Sumana Amarasinghe උපත 21 February 1948 විපත 05 June 2022

21 February 1948 - 05 June 2022

57.21% · 3,066 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසුමනා අමරසිංහ
සම්පූර්ණ නමDenipitiya Vithanage Sumana Amarasinghe
උපත21 February 1948
විපත05 June 2022

චරිතාපදානය

70 දශකයෙන් සිනමා ගමන ආරම්භ කරලා, ලාංකීය සිනමාව වර්ණවත් කළ නළු නිළි යුවළක් තමා රෝයි – සුමනා කියන්නේ. අද වෙද්දී රෝයි ද සිල්වා මහතා නම් සිනමා ගමනින් පමණක් නොව සිය ජීවන ගමනින්ද සමුගෙන වසරකුත් ඉක්ම ගිහින්. අද පිනිපලස “මගේ පළමු පියවර” ගැන සිහිපත් කරන්නේ සිංහල සිනමාවට අනුපමේය සේවාවක් කළ ප්‍රවීණ සිනමා නිළි සුමනා අමරසිංහ.

මම මුලින්ම පාසල් ගියේ ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. මගේ ගම නුවර කටුගස්තොට. ඒත් අපි ගල්කිස්සෙ කුලී ගෙදරක පදිංචිවෙලා හිටියෙ. මගේ තාත්තා වැඩ කළේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. අපේ පවුලේ ගෑනු දරුවො හතර දෙනයි, පිරිමි දරුවො දෙන්නයි. මම අපේ පවුලෙ දෙවැනියා. මගේ අම්මා නම් කලාවට කැමැති කෙනෙක්, ඒත් අපේ තාත්තා එච්චරම කලාවට කැමැති කෙනෙක් නෙවෙයි.

කොහොම හරි මම සිනමාවට එන්නේ, ලස්සන මුහුණු තරගය නිසා. ලස්සන මුහුණු තරගයට ඉදිරිපත් වෙන කොට මම පාසල් යනවා. ඒ වෙද්දී මම හිටියෙ එස්.එස්.සී. පන්තියේ. මගේ ෆොටෝ එකක් නන්දා කියලා යාළුවෙක් ළඟ තිබිලා එයා මේ තරගයට මම නොදැනුවත්වම මගේ ෆොටෝ එක දාලා තියෙනවා. එදා ඒ තරගෙට දෙදාහක් විතර ඉඳලා තියෙනවා. මම ඒකෙන් තිහටත් තේරිලා තියෙනවා. පස්සේ පර්ෆෝම්ස් කරන්න තියෙනකොට එයාට ලියුමක් ඇවිල්ලා. එයාට යන්න බැහැනේ. ඒක නිසා එයා මට කිව්වා මම මෙහෙම දෙයක් කළා කියලා. මුලදී අම්මාත් දොස් කිව්වා. ඒත් අන්තිමට අම්මත් මාත් එක්ක ආවා. ඊට පස්සේ දහ දෙනාට තේරුණා. තුන්දෙනාටත් තේරුණා. පස්සේ විනිශ්චයට ආපු අය මාව චිත්‍රපටවලට තෝරා ගත්තා.

මට සිනමා ක්ෂේත්‍රය තෝරා ගන්න ඕනේ කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. මම ආස කළේ හෙදියක් වෙන්න, නැතිනම් ගුවන් සේවිකාවක් වෙන්නයි. ගොඩක් දෙනෙක් කිව්වා ඔයාගේ උස නිසා ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් කියලා.

ඉතින් එදා ලස්සන මූණ තරගෙ විනිශ්චය මණ්ඩලේ හිටපු රූබි ද මෙල්ගෙන් චිත්‍රපටයක රඟපාන්න ඇරයුම් ආවා. මම නම් එක පාරින්ම කැමති වුණා ඒත් අපේ තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ මම රඟපානවට. රූබි ද මෙල් ගෙදරටම ඇවිල්ලා කිව්වා, මමයි මේක නිෂ්පාදනය කරන්නේ දුවව එවන්න කියලා. ඔය අතර කාලේ මට දෙයියන්ගේ අසනීප හැදුණා. මම ඉතින් ලෙඩේටයි රඟපාන්න යන්න බැරි වෙන එකටයි දෙකටම ඉකි ගසා අඬන්න ගත්තා. ඒක බලන් ඉන්න බැරිම තැන තාත්තා කිව්වා පළවැනි චිත්‍රපටියෙ විතරක් රඟපාන්න යන්න දෙන්නම් එතැනින් එහාට නම් අහන්න එන්න එපා කියලා.

ඊට පස්සේ තමා මම පිපෙන කුමුදු චිත්‍රපටියෙ රඟපාන්න ගියේ. ඒ චිත්‍රපටියේ රුක්මණී දේවිත් හිටියා. මං ඉතින් බොහොම ආසාවෙන් රඟපෑම්වලට අම්මා එක්ක ගියා. ඊට පස්සෙ මට දිගටම චිත්‍රපටි කිහිපයක් ලැබුණා. මම ඒ හැම එකකටම ගියේ රුබී ඇන්ටිගෙ චිත්‍රපටියට යනවා කියලා. ඒවා තමා රෑන ගිරව්, දහසක් සිතුවිලි, බිනරමලී, සමනල කුමරියෝ, ඔය අතරේ මට ලැබෙන හයවැනි චිත්‍රපටිය තමයි හතර පෙරළිය. හතර පෙරළියත් අහම්බයක් වගේ, ඒක වෙන්නේ මෙහෙමයි. දවසක් මමයි අම්මයි පන්සලට යනකොට අපි ඉන්න තැන කාර් එකක් නැවැත්තුවා. එතකොට අපි දැනගෙන හිටියේ නැහැ ඒ එල්.එම්. පෙරේරා මහතා කියලා. අපේ අම්මට කිව්වා ආන්ටි මම කැමතියි දුවව චිත්‍රපටයකට ගන්න. මම තමයි එල්. එම්. පෙරේරා කියන්නේ, අපි ‘‘හතර පෙරළිය' කියලා චිත්‍රපටයක් කරනවා. ඒකට දුවව එක්කගෙන එන්න කියලා. ඉතින් අම්මා මාව එක්ක ගියා. එතැනදී මාව තෝරාගත්තා එල්.එම්. පෙරේරාගේ බිරිඳ විදියට. ‘‘හතර පෙරළිය' ගීතමය චිත්‍රපටයක්. හතර පෙරළියෙන් පෙරළියක් වුණා කියන්නේ මගේ සහකාරයා රෝයි ද සිල්වා හමු වුණා.

මම හරි ආසයි 'ගෙදර බුදුන් අම්මා', චිත්‍රපටයේ චරිතයට. ඒක ආදර්ශමත් කතාවක්. අම්මා කැමති නෑ පුතාව කොළඹට ඇරලා උගන්වන්න, ඒත් තාත්තා කැමතියි. කොළඹට ඇරලා උගන්නලා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා ජනප්‍රිය වෙනවට. අන්තිමට එයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අම්මා දුක් විඳිනවා. ඒ චරිතයට මම හරි ආසයි. ඒ වගේම සුදු පිරුවට, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි කළ චරිතය මට කරන්න ලැබුණා. ඒක මට ලැබුණු ලොකුම සම්මානයක් කියලා මං හිතනවා. ඒක රෝයි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.

ඇගයීම් නම් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඕනෑ තරම් තියෙනවා. සුදු පිරුවට චිත්‍රපටයට සම්මානයක් ඔන්න මෙන්න තියෙද්දී මට ලැබුණේ නැහැ. ඒ ගැන හරි කනගාටුයි. ඒකට මට ලැබුණේ කුසලතා සම්මානයක් විතරයි. පසුව නම් මට සම්මාන කීපයක්ම ලැබුණා. ඒ එක්කම මේ පසුගියදා පැවති සුමති සම්මාන උළෙලේදීත් මට ජීවිතේ එක් වරක් පිදෙන යාවජීව සම්මානය ලැබුණා.

මම කලාවට අමතරව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළුණා. 1980 රූපලාවණ්‍ය ගැන මම ඉගෙන ගත්තා. මම ඒ ගැන අධ්‍යාපනයක් ලැබුවේ ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව වගේ රටවලින්.

මම ඇත්තටම සතුටු වෙනවා. මම රෝයිගේ චිත්‍රපටවල තමයි වැඩියෙන්ම රඟපෑවේ. ප්‍රේක්ෂකයෝ නම් අහනවා ඇයි දැන් රඟපාන්නේ නැත්තේ කියලා. මට හොඳ ගැළපෙන චරිතයක් ලැබුණාම රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනුෂා රණසිංහ

Sumana was born on 21 February 1948 in Katugastota, Kandy, Sri Lanka as the second child in a family with six siblings. Hi father worked in the Inland Revenue Department. Since her family could not stay in Kandy, they came to Colombo and stayed in a rented house in Mt. Lavinia. She first went to the Mount Lavinia Buddhist Girls' College and later to Kalubowila Buddhaghosha Maha Vidyalaya. She has one sister and four brothers.

Amarasinghe was married to Roy de Silva, who was also a renowned actor and director. She met de Silva during the 1969 film Hathara Peraliya. The wedding was celebrated on 30 August 1975. The couple have two children. De Silva died on 30 June 2018 while treated for a heart attack at Sri Jayawardenepura General Hospital. His remains were buried on 2 July 2018 at Borella Cemetery.

In 2014, Amarasinghe was admitted to the hospital due to sudden illness. During her tour to India for a film, she is known to have had a drink which contained a poison. It has affected her liver as well as her heart. At one point her heart even stopped. This germ has not entered her brain and she recovered slowly. She currently works at her own beauty shop, Salon Sumana.

She contested the beauty pageant "Lassana Muhuna", while she was in school times and won the title. Then she acted in the film Hathara Peraliya directed by L.M. Perera. Her maiden cinematic experience came through 1967 film Pipena Kumudu, directed by Ruby de Mel.[13] Her father allowed Sumana to go only for that movie due to Ruby de Mel. However, she lied to her father and later played a lot of other movies such as Rena Giraw, Dahasak Sithuvili, Samanala Kumariyo and Hathara Peraliya.

In addition to acting, she was involved in the beauty industry, where she learned beauty courses in India, Singapore, Canada in 1980. Her first major breakthrough came through 1975 film Sukiri Kella, which earned her nickname "Sweet girl in Sinhala cinema".

She acted in a few films with her real husband, which made a cult in Sinhala cinema. Then she joined Tissa Wijesurendra in many popular films screened for more than 100 days which include Sudu Paraviyo and Sithaka Suwanda. In 1982, she acted in Kadawunu Poronduwa remake, where she acted the role previously acted by Rukmani Devi. Even though she started film career with dramatic roles, she turned to comedy roles in later stages particularly through films directed by husband. Some of her popular films are Binaramalee, Sunethra, Jonsun and Gonsun and Re Daniel Dawal Migel trilogy.

සම්මාන

ජාතික සම්මාන

1 Best Performance Award Sudu Piruvata - 1994 23rd Sarasaviya Awards - 1995 - 1995
2 Best Performance Award Kadawunu Poronnduwa (New) - 1982 11th Sarasaviya Awards - 1983 - 1983

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1521967 පිපෙන කුමුදු පිපෙන කුමුදු Actress Ruby De Mel
2 1631967 රෑන ගිරවු රෑන ගිරවු Actress Dharma Sri Kaldera
3 1821968 දහසක් සිතුවිලි දහසක් සිතුවිලි Actress G.D.L. Perera
4 1941969 හතර පෙරලිය හතර පෙරලිය Actress L.M. Perera
5 1981969 බිනරමලී බිනරමලී Actress Mudalinayaka Somarathna
6 2091970 සුමුදු භාර්යා සුමුදු භාර්යා Actress Cyril P. Abeyratne
7 2101970 දැන් මතකද දැන් මතකද Actress Neil Rupasinghe
8 2341971 සමනල කුමරියෝ සමනල කුමරියෝ Actress Wimaladasa Perera
9 2431972 සිංගප්පූරු චාලි සිංගප්පූරු චාලි Actress Dommie Jayawardena
10 2471972 හතර වටේ හතර වටේ Actress L.M. Perera
11 2491972 ලොකුම හිනාව ලොකුම හිනාව Main Actress K.A.W. Perera
12 2501972 මේ දෑස කුමටද මේ දෑස කුමටද Actress Thimothy Weerarathna
13 2581973 සුහද පැතුම සුහද පැතුම Actress Kingsly Rajapaksha
14 2641973 සිනාවයි ඉනාවයි සිනාවයි ඉනාවයි Actress Kingsly Rajapaksha
15 2651973 සුනේත්‍රා සුනේත්‍රා Main Actress Joe Dev Ananda
16 2701974 දුලීකා දුලීකා Actress K.A.W. Perera
17 2741974 ශීලා ශීලා Actress K.wenkat, Jo Suganda
18 2951975 ඔබයි මමයි ඔබයි මමයි Main Actress Joe Dev Ananda
19 3011975 සූකිරි කෙල්ල සූකිරි කෙල්ල Main Actress Joe Dev Ananda
20 3051975 මගේ නංගි ශ්‍යමා මගේ නංගි ශ්‍යමා Actress M.S. Anandan
21 3091975 රන්වන් රේඛා රන්වන් රේඛා Main Actress M.D.M. Daas
22 3151975 සධානා සධානා Actress S. Ramanadhan
23 3161975 හදවතක වසන්තය හදවතක වසන්තය Main Actress Sumanadasa Weerakodi
24 3421976 මංගලා මංගලා Actress Titus Totawatte
25 3461976 රන්තිලකා රන්තිලකා Main Actress W. Wilfred Silva
26 3471977 නීලා නීලා Actress Jo Suganda
27 3491977 සුදු පරවියෝ සුදු පරවියෝ Main Actress Kingsly Rajapaksha
28 3591977 හොඳ හිත හොඳ හිත Main Actress Danny Mariyadasan
29 3661977 ටොම් පචයා ටොම් පචයා Main Actress Stanly Perera, Roy De Silva
30 3671977 නිවෙන ගින්න නිවෙන ගින්න Actress Amaranath Jayathilake
31 3701978 සිතක සුවඳ සිතක සුවඳ Main Actress S.V. Chandran
32 3731978 මගේ රන් පුතා මගේ රන් පුතා Main Actress M.V. Balan
33 3881978 දීපාන්ජලි දීපාන්ජලි Main Actress Darmasri Kaldera
34 3961979 සමන්මලී සමන්මලී Actress Dayananda Jayawardena
35 4131979 අනුෂා අනුෂා Actress Dayananda Rodrigo
36 4211979 නුවන් රේණු නුවන් රේණු Actress Milton Jayawardhana
37 4281980 ජෝඩු වළලු ජෝඩු වළලු Main Actress Pathiraja L.S. Dayananda
38 4301980 සිල්වා සිල්වා Actress Herbert Ranjith Peiris
39 4651981 බඹා කෙටූ හැටි බඹා කෙටූ හැටි Actress Sunil Ariyaratne
40 4671981 අජාසත්ත අජාසත්ත Actress Joe Micheal
41 4711981 සැනසුම සැනසුම Actress W. Wilfred Silva
42 4841981 හොඳම නළුවා හොඳම නළුවා Actress Sherly P.Wijerathna
43 4931982 තණ ගිරවී තණ ගිරවී Main Actress Roy De Silva
44 5041982 පෙති ගෝමර පෙති ගෝමර Actress Siri Kularathna
45 5081982 රහසක් නැති රහසක් රහසක් නැති රහසක් Actress M.V. Balan
46 5181982 මිහිදුම් සිහින මිහිදුම් සිහින Actress Daya Wimalaweera
47 5301982 කඩවුණු පොරොන්දුව (නව) කඩවුණු පොරොන්දුව (නව) Main Actress Roy De Silva
48 5351983 සුමිතුරෝ සුමිතුරෝ Main Actress Roy De Silva
49 5751984 හිත හොඳ කොල්ලෙක් හිත හොඳ කොල්ලෙක් Actress Roy De Silva
50 5861984 හදවතක වේදනා හදවතක වේදනා Main Actress Joseph Francis Lane
51 5951984 බිරිඳ බිරිඳ Actress Dayananda Jayawardena
52 6091985 ඇය වැරදිද ඔබ කියන්න ඇය වැරදිද ඔබ කියන්න Actress W.Vilfrida Silva
53 6151985 සුදු මාමා සුදු මාමා Main Actress Joseph Francis Lane
54 6421987 තාත්ති මං ආදරෙයි තාත්ති මං ආදරෙයි Actress Roy De Silva
55 6541987 අහිංසා අහිංසා Actress Malani Fonseka
56 6571988 ගෙදර බුදුන් අම්මා ගෙදර බුදුන් අම්මා Main Actress Roy De Silva
57 6601988 අංගුලිමාල අංගුලිමාල Actress Baptist Fernando
58 6701989 ඔක්කොම රජවරු ඔක්කොම රජවරු Actress V. Siwadasan, Thilak Wehalla
59 6891990 මධු සිහින මධු සිහින Actress Daya Wimalaweera
60 6931990 ක්‍රිස්තු චරිතය ක්‍රිස්තු චරිතය Actress Sunil Ariyaratne
61 6951990 හිත හොඳ පුතෙක් හිත හොඳ පුතෙක් Actress Roy De Silva
62 7151991 චෙරියෝ ඩොක්ටර් චෙරියෝ ඩොක්ටර් Actor Roy De Silva
63 7381992 ඔක්කොම කණපිට ඔක්කොම කණපිට Actress Roy De Silva
64 7391992 රූමතියයි නීතියයි රූමතියයි නීතියයි Actress Mu Arukgoda
65 7431992 සත්‍යා සත්‍යා Actress Ranjith Siriwardhana
66 7541993 සසර සැරිසරනතෙක් ඔබ මගේ සසර සැරිසරනතෙක් ඔබ මගේ Actor Ananda Wickramasinghe
67 7561993 මැවිලා පෙනේවි රූපේ මැවිලා පෙනේවි රූපේ Actress Alaric Lionel Fernando
68 7761994 නොහඩන් කුමරියේ නොහඩන් කුමරියේ Actress Ranga Wijendra
69 7931994 සුදු පිරුවට සුදු පිරුවට Main Actress Roy De Silva
70 7941994 ලව් 94 ලව් 94 Actress Roy De Silva
71 7991995 චෙරියෝ කැප්ටන් චෙරියෝ කැප්ටන් Actress Roy De Silva
72 8431996 චෙරියෝ ඩාලින් චෙරියෝ ඩාලින් Actress Roy De Silva
73 8531997 රඹා සහ මධු රඹා සහ මධු Actress Roy De Silva
74 8741998 රෑ දනියෙක් දවල් මිගෙල් 1 රෑ දනියෙක් දවල් මිගෙල් 1 Actress Roy De Silva
75 9102000 රෑ දනියෙල් දවල් මිගෙල් 2 රෑ දනියෙල් දවල් මිගෙල් 2 Actress Roy De Silva
76 9342001 ජොන්සන් ඇන්ඩ් ගොන්සන් ජොන්සන් ඇන්ඩ් ගොන්සන් Actress Roy De Silva
77 9532002 සංසාර ප්‍රාර්ථනා සංසාර ප්‍රාර්ථනා Actress Sunil Soma Peiris
78 9682002 ලව් 2002 ලව් 2002 Actress Roy De Silva
79 10632007 මිස්ට ධන රින මිස්ට ධන රින Actress Roy De Silva

කාර්ය මණ්ඩලයෙන්

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 3661977 ටොම් පචයා ටොම් පචයා Producer Stanly Perera, Roy De Silva
2 4931982 තණ ගිරවී තණ ගිරවී Producer Roy De Silva
3 7931994 සුදු පිරුවට සුදු පිරුවට Producer Roy De Silva
4 8431996 චෙරියෝ ඩාලින් චෙරියෝ ඩාලින් Producer Roy De Silva

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 සදාදර ජෝති සදාදර ජෝති Actress Roy De Silva
2 සිහින ලොවක් සොයා සිහින ලොවක් සොයා Producer Roy De Silva

වෙනත් වර්ගවල චිත්‍රපට

Actress

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය චිත්‍රපට වර්ගය දායකත්වයඅධ්‍යක්ෂණය
1 52013 It’s a Matter of Love English Actress Roy De Silva

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය චිත්‍රපට වර්ගය දායකත්වයඅධ්‍යක්ෂණය
1 52013 It’s a Matter of Love English Producer Roy De Silva

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play