W.D. Amaradeva

W.D. Amaradeva

ඩබ්ලිව්.ඩී. අමරදේව

Full Name: Wannakuwatta Waduge Don Albert Perera Born 05 December 1927 Died 03 November 2016

05 December 1927 - 03 November 2016

59.76% · 1,786 votes
Rate this artist

Summary

NameW.D. Amaradeva
Sinhala Nameඩබ්ලිව්.ඩී. අමරදේව
Full NameWannakuwatta Waduge Don Albert Perera
Born05 December 1927
Died03 November 2016

Biography

ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ඔහු වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව, උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.

අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.

‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක,ටී.එම්.ජයරත්න,සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.

පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

හදිසියේ ඇති වූ රෝගාතුර තත්වයක් හේතුවෙන් මෙතුමා 2016 නොවැම්බර් මස 03 වැනි දින ජීවන ගමනින් සමු ගත්තේය.

ළමා කාලය සහ අධ්‍යාපනය

වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.

අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.

කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.

ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි.

තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.

මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.

ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.

තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.

සැකිල්ල:කව්රුන් කොයසේ කීවත් මතුමා සෑමවිටම කිවේ තමන්ගේ ප්‍රියතම පාසැල පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය බැවි වේ.

සැකිල්ල:ඔහු කීපරිදි දැන් තවත් අමරදෙවයකු එම පාසලින් බිහි වෙමින් පවතී.

වෘත්තීමය

ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.

මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.

දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.

කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.

අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.

Awards

National Awards

1 Abhimani Award 33rd Sarasaviya Awards - 2016 - 2016
2 Best Music Director Sakman Maluwa - 2003 29th Sarasaviya Awards - 2004 - 2004
3 Best Singer - Male Anthima Reya - 1998 12th Presidential Award 2000 - 2 - 2000
4 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997
5 Best Singer - Male Ahas Maliga - 1994 23rd Sarasaviya Awards - 1995 - 1995
6 "Ranathisara" Award 22nd Sarasaviya Awards - 1994 - 1994
7 Best Music Director Sagara Jalaya Madi Handuwa Oba Sanda - 1988 2nd Swarna Sanka Cinema Awards Ceremony 1990 - 1990
8 Best Singer - Male Puja - 1986 9th Presidential Award 1987 - 1987
9 Best Singer - Male Muhudu Lihini - 1983 6th Presidential Award 1984 - 1984
10 Best Singer - Male Aradhana - 1981 10th Sarasaviya Awards - 1982 - 1982
11 Best Singer - Male Siribo Ayya - 1980 9th Sarasaviya Awards - 1981 - 1981
12 Best Singer - Male Siribo Ayya - 1980 3rd Presidential Award 1981 - 1981
13 Best Singer - Male Muwan Palassa - 1979 8th Sarasaviya Awards - 1980 - 1980
14 Favourite Music Director 3rd Deepashika Award Ceremony 1972 - 1972
15 Best Singer - Male Binaramalee - 1969 7th Sarasaviya Awards - 1970 - 1970
16 Best Singer - Male Sath Samudura - 1967 5th Sarasaviya Awards - 1968 - 1968
17 Best Singer - Male Senasuma Kothanada - 1966 4th Sarasaviya Awards - 1967 - 1967
18 Favourite Music Director 3rd Sarasaviya Awards - 1966 - 1966
19 Best Song Saaravita - 1965 1st Swarna Sanka Award Ceremony 1966 - 1966
20 Best Singer - Male Gatavarayo - 1964 2nd Sarasaviya Awards - 1965 - 1965
21 Best Music Director Gamperaliya - 1963 1st Sarasaviya Awards - 1964 - 1964
22 Best Music Director Sikuru Tharuwa - 1963 1st United Lanka Fans Society Award Ceremony 1964 - 1964

As a Cast

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Actor Shanthi Kumar Seneviratne, T.R.Gopu

As a Crew

Assistant Music Director

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Assistant Music Director Shanthi Kumar Seneviratne, T.R.Gopu

Background Music

#Film NoYearFilm RoleDirector
1 911963 Sikuru Tharuwa සිකුරු තරුව Background Music L.S. Ramachandran

Music Director

#Film NoYearFilm RoleDirector
1 831962 Ranmuthu Duwa රන්මුතු දූව Music Director Mike Wilson
2 931963 Gamperaliya ගම්පෙරළිය Music Director Dr. Lester James Peries
3 951964 Gatavarayo ගැටවරයෝ Music Director Mike Wilson, Thissa Liyanasuriya
4 1131965 Sama සාමා Music Director G.D.L. Perera
5 1141965 La dalu ලා දළු Music Director S. Ramanadhan
6 1161965 Saaravita සාරවිට Music Director Thissa Liyanasuriya
7 1181965 Adarayai-Karunawai ආදරයයි කරුනාවයි Music Director Ananda Jayarathna
8 1341966 Delovak Athara දෙලොවක් අතර Music Director Dr. Lester James Peries
9 1551967 Ransalu රන්සළු Music Director Dr. Lester James Peries
10 1591967 Sadol Kandulu සැඩොල් කඳුළු Music Director Regie Perera
11 1721968 Abuddassa Kale අබුද්දස්ස කාලේ Music Director H.D.Vijedasa, Kumar Wickremasooriya
12 2081970 Lasseta Kodiya ලස්සෙට කොඩිය Music Director Shesha Palihakkara
13 2111970 Akkara Paha අක්කර පහ Music Director Dr. Lester James Peries
14 2191970 Thunman Handiya තුන්මන් හන්දිය Music Director Mahagama Sekara
15 2381972 Sahanaya සහනය Music Director J. Selvarathnam
16 10002003 Sakman Maluwa සක්මන් මළුව Music Director Sumithra Peiris
Film NoYearFilmSongRole
2 1947 Asokamala අශෝකමාලා Sinhala Ai kare yamek aaleඇයි කරේ යමෙක් ආලේ Vocalists
Bhawe bheetha haraභවේ භීත හැර Vocalists
53 1958 Daskama දස්කම Sinhala Ipida Mare Yali Ipadeඉපිද මැරේ යළි ඉපිදේ Vocalists
83 1962 Ranmuthu Duwa රන්මුතු දූව Sinhala Galana Gangaki Jeevitheගලන ගඟකි ජීවිතේ Music
Paramitha Bala Pujitha Pujithaපාරමිතා බල පූජිත පූරිත Vocalists
Paramitha Bala Pujitha Pujithaපාරමිතා බල පූජිත පූරිත Music
Pipi Renu Natanaපිපී පිපී රේණු නටන Music
85 1963 Adata Vadiya Heta Hondai අදට වැඩිය හෙට හොඳයි Sinhala Baloli Loli Doiya Babaබාලොලි ලොලි දොයිය බබා Music
Aaw Aawආව් ආව් Music
Baloli Loli Doiya Babaබාලොලි ලොලි දොයිය බබා Music
Rasadun Netha Di Sadaseරසඳුන් නෙත දී සදසේ Music
Sandun Gase Saman Welak Ethenneසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ Music
Sethsiri Sethsiri Mangala Weසෙත්සිරි සෙත්සිරි මංගල වේ Music
Soka Susum Marutheසෝක සුසුම් මාරුතේ Music
91 1963 Sikuru Tharuwa සිකුරු තරුව Sinhala Ira Handa Paayana Lokeඉර හඳ පායන ලෝකේ Vocalists
Ira Handa Paayana Lokeඉර හඳ පායන ලෝකේ Music
95 1964 Gatavarayo ගැටවරයෝ Sinhala Heena Hathak Madaහීන හතක් මැද Vocalists
Swarna wimaneta Ehaස්වර්ණ විමානෙට එහා Vocalists
102 1964 Patachara පටාචාරා Sinhala Sansare Biya Duk Giniසංසාරයේ බිය දුක් ගිනි Vocalists
Thanha Asha Ologuතන්හා ආශා ඔලොගු Vocalists
112 1965 Sudo Sudu සුදෝ සුදු Sinhala Iranama Duk Susum Mawaඉරණම දුක් සුසුම් මවා Vocalists
sithangi Sudu Sudo Suduසිතැඟි සුදු - සුදෝ සුදු Vocalists
114 1965 La dalu ලා දළු Sinhala Suwadena Sitha Senasumසුවදෙන සිත සැනසුම් Vocalists
116 1965 Saaravita සාරවිට Sinhala Banda Jaya Keheliබන්දා ජය කෙහෙළි Vocalists
118 1965 Adarayai-Karunawai ආදරයයි කරුනාවයි Sinhala Duka Sepa Dekatamaදුක සැප දෙකටම Vocalists
128 1966 Seethala Wathura සීතල වතුර Sinhala Seethala Wathura Galaiසීතල වතුර ගලයි Vocalists
130 1966 Senasuma Kothanada සැනසුම කොතනද Sinhala සංසාර ගමනේ තන්හා ආශාසංසාර ගමනේ තන්හා ආශා Vocalists
134 1966 Delovak Athara දෙලොවක් අතර Sinhala Balani Ektam Gein Besaබලනි එක්ටැම් ගෙයින් බැස Vocalists
138 1966 Vesathuru Siritha වෙසතුරු සිරිත Sinhala Rathata Pipena Sapu Kekuluරතට පිපෙන සපු කැකුළු Music
Ruwan Wala Duhul Kadinරුවන් වලා දුහුල් කඩින් Music
Wane Palaa Palaවනේ පලා පල Music
140 1966 Parasathu Mal පරසතු මල් Sinhala Sandakin Pinidiya Diya Vi Galanaසඳකන් පිණි දිය දිය වී ගලනා Vocalists
Tholin Tholata Wehena Geeතොලින් තොලට වෑහෙන ගී Vocalists
149 1967 Sath Samudura සත් සමුදුර Sinhala Pipuna Kusuma Para Vuvaපිපුණු කුසුම පර වූවා Vocalists
sinindu Sudu Mudu Thalaweසිනිඳු සුදු මුදු තලාවේ Vocalists
164 1967 Rena Girawu රෑන ගිරවු Sinhala Rena Gira Joduwaiරෑන ගිරා ජෝඩුවයි Vocalists
190 1969 Kohomada Wede කොහොමද වැඩේ Sinhala aloka Pathum Pawaneආලෝක පැතුම් පවනේ Vocalists
aloka Pathum Pawaneආලෝක පැතුම් පවනේ Music
Sara Sanda Leseසරා සඳ ලෙසේ Vocalists
192 1969 Harimaga හරි මග Sinhala Jaya Bimai Nija Bimaiජය බිමයි නිජ බිමයි Vocalists
198 1969 Binaramalee බිනරමලී Sinhala Ratakin Ratakata Para Asagenaරටකින් රටකට පාර අසාගෙන Vocalists
206 1969 Hanthane Kathawa හන්තානේ කතාව Sinhala Diganthaye Ghana Awidu Anduraදිගන්තයේ ඝණ අවිඳු අඳුර Vocalists
207 1969 Bakmaha Deege බක්මහ දීගේ Sinhala Aadara Hangumආදර හැඟුම් Vocalists
Sarigamapaසරිගමපා Vocalists
211 1970 Akkara Paha අක්කර පහ Sinhala Wen Wenawa Yali Hamuwenawa (Kavi)වෙන් වෙනවා යළි හමුවෙනවා (කවි) Vocalists
219 1970 Thunman Handiya තුන්මන් හන්දිය Sinhala Atheethayen Ganga Gala Basiඅතීතයෙන් ගඟ ගලා බසී Vocalists
Obe Asini Ma Dutuweඔබේ ඇසිනි මා දුටුවේ Vocalists
223 1971 Poojithayo පූජිතයෝ Sinhala Niwan Purata Maga Penwanනිවන් පුරට මඟ පෙන්වන Vocalists
233 1971 Welikathara වැලිකතර Sinhala Gini Gath Maru Kathareගිනි ගත් මරු කතරේ Vocalists
238 1972 Sahanaya සහනය Sinhala Sara Saki Kap Suwahas Perum Puraසරා සැකි කප් සුවහස් පෙරුම් පුරා Vocalists
Sihina Nelum Mala Jeevitha Pokuneසිහින නෙළුම් මල ජීවිත පොකුණේ Vocalists
240 1972 Sithijaya ක්ෂිතිජය Sinhala Ran Bopath Salenda Handinරන් බෝපත් සැලෙන හඬින් Vocalists
251 1972 Sihina Lowak සිහින ලොවක් Sinhala Ma Mala Pasu Sohon Kotheමා මළ පසු සොහොන් කොතේ Vocalists
252 1972 Ihatha Athmaya ඉහත ආත්මය Sinhala Anantha Maha Sasara Kathareඅනන්ත මහ සසර කතරේ Vocalists
335 1976 Asha ආශා Sinhala agak Mulak Nathi Ashaඅගක් මුලක් නැති ආශා Vocalists
455 1980 Mayurige Kathawa මයුරිගේ කතාව Sinhala Nathuvunu adarayak wenuwen - Amaradewaනැතිවුණු ආදරයක් වෙනුවෙන් - අමරදේව Vocalists