සාරාංශයඡායාරූප
W.D. Amaradeva
ඩබ්ලිව්.ඩී. අමරදේව
1927 - 2016
60.361990950226
60% |   1105  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

W.D. Amaradeva ඩබ්ලිව්.ඩී. අමරදේව
Wannakuwatta Waduge Don Albert Perera
  • උපන්දිනය : 1927 December 05
  • විපත : 2016 November 03
  •  
    සම්මාන

    1 Best Music Director

    1 වැනි සරසවිය සම්මාන උළෙල - 1964
    ගම්පෙරලිය

    2 Best Music Director

    1වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1964
    සිකුරු තරුව

    3 Best Singer - MaleSong : Swarna vimaneta

    2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
    ගැටවරයෝ

    4 Favourite Music Director

    3 වැනි සරසවිය සම්මාන උළෙල - 1966

    5 Best SongSong : Me Sinhala Apage ratai

    1වන ස්වර්ණ සංඛ සම්මාන උළෙල 1966
    සාරවිට

    6 Best Singer - MaleSong : Sansara Gamane

    4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967
    සැනසුම කොතනද

    7 Best Singer - MaleSong : Sinindu Sudu Mudu Thalawe

    5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
    සත් සමුදුර

    8 Best Singer - MaleSong : Ratakin Rataka Para Asagena

    7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
    බිනරමලී

    9 Favourite Music Director48,708

    3 වන දීපශිකා සම්මාන උළෙල 1972

    10 Best Singer - MaleSong : Muwan Palasse

    8 වැනි සරසවිය සම්මාන උළෙල - 1980
    මුවන් පැලැස්ස

    11 Best Singer - MaleSong : Kavi

    9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
    සිරිබෝ අයියා

    12 Best Singer - MaleSong : Kavi

    3වන ජනාධිපති සම්මාන උළෙල 1981
    සිරිබෝ අයියා

    13 Best Singer - MaleSong : Jivithaye Thanimansala

    10 වැනි සරසවිය සම්මාන උළෙල - 1982
    ආරාධනා

    14 Best Singer - MaleSong : Sithija Ime Sidu gambare

    6වන ජනාධිපති සම්මාන උළෙල 1984
    මුහුදු ලිහිණි

    15 Best Singer - MaleSong : Daru duka uhula

    9වන ජනාධිපති සම්මාන උළෙල 1987
    පූජා

    16 Best Music Director

    2වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1990
    සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

    17 "Ranathisara" Award

    22 වැනි සරසවිය සම්මාන උළෙල - 1994

    18 Best Singer - MaleSong : Duhul Wala

    23 වැනි සරසවිය සම්මාන උළෙල - 1995
    අහස් මාලිගා

    19 "Swarna Jayanthi" Award

    11වන ජනාධිපති සම්මාන උළෙල 1997

    20 Best Singer - MaleSong : Denuwan therapena

    12වන ජනාධිපති සම්මාන උළෙල 2000 - 2
    අන්තිම රැය

    21 Best Music Director

    29 වැනි සරසවිය සම්මාන උළෙල - 2004
    සක්මන් මළුව

    22 Abhimani Award

    33 වැනි සරසවිය සම්මාන උළෙල - 2016
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1අශෝකමාලා
    නළුවා
    1947

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1අශෝකමාලා
    සහය සංගීත අධ්‍යක්ෂක
    1947
    2රන්මුතු දූව
    සංගීත අධ්‍යක්ෂණය
    1962
    3සිකුරු තරුව
    පසුබිම් සංගීතය
    1963
    4ගම්පෙරලිය
    සංගීත අධ්‍යක්ෂණය
    1963
    5ගැටවරයෝ
    සංගීත අධ්‍යක්ෂණය
    1964
    6සාමා
    සංගීත අධ්‍යක්ෂණය
    1965
    7ලා දළු
    සංගීත අධ්‍යක්ෂණය
    1965
    8සාරවිට
    සංගීත අධ්‍යක්ෂණය
    1965
    9ආදරයයි කරුනාවයි
    සංගීත අධ්‍යක්ෂණය
    1965
    10දෙලොවක් අතර
    සංගීත අධ්‍යක්ෂණය
    1966
    11රන්සළු
    සංගීත අධ්‍යක්ෂණය
    1967
    12සැඩොල් කඳුළු
    සංගීත අධ්‍යක්ෂණය
    1967
    13අබුද්දස්ස කාලේ
    සංගීත අධ්‍යක්ෂණය
    1968
    14ලස්සෙට කොඩිය
    සංගීත අධ්‍යක්ෂණය
    1970
    15අක්කර පහ
    සංගීත අධ්‍යක්ෂණය
    1970
    16තුන්මන් හන්දිය
    සංගීත අධ්‍යක්ෂණය
    1970
    17සහනය
    සංගීත අධ්‍යක්ෂණය
    1972
    18සක්මන් මළුව
    සංගීත අධ්‍යක්ෂණය
    2003

    ගීත සඳහා දායකත්වය

    1අශෝකමාලා
    • ගායනය - භවේ භීත හැර
    • ගායනය - ඇයි කරේ යමෙක් ආලේ
    1947
    2දස්කම
    • ගායනය - ඉපිද මැරේ යළි ඉපිදේ
    1958
    3රන්මුතු දූව
    • ගායනය - පාරමිතා බල පූජිත පූරිත
    • සංගීතය - පාරමිතා බල පූජිත පූරිත
    • සංගීතය - පිපී පිපී රේණු නටන
    • සංගීතය - ගලන ගඟකි ජීවිතේ
    1962
    4අදට වැඩිය හෙට හොඳයි
    • සංගීතය - සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
    • සංගීතය - සෙත්සිරි සෙත්සිරි මංගල වේ
    • සංගීතය - සෝක සුසුම් මාරුතේ
    • සංගීතය - බාලොලි ලොලි දොයිය බබා
    • සංගීතය - බාලොලි ලොලි දොයිය බබා
    • සංගීතය - රසඳුන් නෙත දී සදසේ
    • සංගීතය - ආව් ආව්
    1963
    5සිකුරු තරුව
    • ගායනය - ඉර හඳ පායන ලෝකේ
    • සංගීතය - ඉර හඳ පායන ලෝකේ
    1963
    6ගැටවරයෝ
    • ගායනය - ස්වර්ණ විමානෙට එහා
    • ගායනය - හීන හතක් මැද
    1964
    7පටාචාරා
    • ගායනය - තන්හා ආශා ඔලොගු
    • ගායනය - සංසාරයේ බිය දුක් ගිනි
    1964
    8සුදෝ සුදු
    • ගායනය - සිතැඟි සුදු - සුදෝ සුදු
    • ගායනය - ඉරණම දුක් සුසුම් මවා
    1965
    9ලා දළු
    • ගායනය - සුවදෙන සිත සැනසුම්
    1965
    10සාරවිට
    • ගායනය - බන්දා ජය කෙහෙළි
    1965
    11ආදරයයි කරුනාවයි
    • ගායනය - දුක සැප දෙකටම
    1965
    12සැනසුම කොතනද
    • ගායනය - සංසාර ගමනේ තන්හා ආශා
    1966
    13සීතල වතුර
    • ගායනය - සීතල වතුර ගලයි
    1966
    14දෙලොවක් අතර
    • ගායනය - බලනි එක්ටැම් ගෙයින් බැස
    1966
    15වෙසතුරු සිරිත
    • සංගීතය - රුවන් වලා දුහුල් කඩින්
    • සංගීතය - වනේ පලා පල
    • සංගීතය - රතට පිපෙන සපු කැකුළු
    1966
    16පරසතු මල්
    • ගායනය - තොලින් තොලට වෑහෙන ගී
    • ගායනය - සඳකන් පිණි දිය දිය වී ගලනා
    1966
    17සත් සමුදුර
    • ගායනය - සිනිඳු සුදු මුදු තලාවේ
    • ගායනය - පිපුණු කුසුම පර වූවා
    1967
    18රෑන ගිරවු
    • ගායනය - රෑන ගිරා ජෝඩුවයි
    1967
    19කොහොමද වැඩේ
    • ගායනය - සරා සඳ ලෙසේ
    • ගායනය - ආලෝක පැතුම් පවනේ
    • සංගීතය - ආලෝක පැතුම් පවනේ
    1969
    20හරි මග
    • ගායනය - ජය බිමයි නිජ බිමයි
    1969
    21බිනරමලී
    • ගායනය - රටකින් රටකට පාර අසාගෙන
    1969
    22හන්තානේ කතාව
    • ගායනය - දිගන්තයේ ඝණ අවිඳු අඳුර
    1969
    23බක්මහ දීගේ
    • ගායනය - ආදර හැඟුම්
    • ගායනය - සරිගමපා
    1969
    24අක්කර පහ
    • ගායනය - වෙන් වෙනවා යළි හමුවෙනවා (කවි)
    1970
    25තුන්මන් හන්දිය
    • ගායනය - අතීතයෙන් ගඟ ගලා බසී
    • ගායනය - ඔබේ ඇසිනි මා දුටුවේ
    1970
    26පූජිතයෝ
    • ගායනය - නිවන් පුරට මඟ පෙන්වන
    1971
    27වැලිකතර
    • ගායනය - ගිනි ගත් මරු කතරේ
    1971
    28සහනය
    • ගායනය - සරා සැකි කප් සුවහස් පෙරුම් පුරා
    • ගායනය - සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
    1972
    29ක්ෂිතිජය
    • ගායනය - රන් බෝපත් සැලෙන හඬින්
    1972
    30ආශා
    • ගායනය - අගක් මුලක් නැති ආශා
    1976
    31මයුරිගේ කතාව
    • ගායනය - නැතිවුණු ආදරයක් වෙනුවෙන් - අමරදේව
    1980
    ජීවදත්ත

    ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ඔහු වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව, උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

    දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.

    අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

    ‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.

    ‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

    ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක,ටී.එම්.ජයරත්න,සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.

    පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

    හදිසියේ ඇති වූ රෝගාතුර තත්වයක් හේතුවෙන් මෙතුමා 2016 නොවැම්බර් මස 03 වැනි දින ජීවන ගමනින් සමු ගත්තේය.

    ළමා කාලය සහ අධ්‍යාපනය
    වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.

    අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.

    කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.

    ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි.

    තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.

    මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.

    ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.

    තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.

    සැකිල්ල:කව්රුන් කොයසේ කීවත් මතුමා සෑමවිටම කිවේ තමන්ගේ ප්‍රියතම පාසැල පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය බැවි වේ.

    සැකිල්ල:ඔහු කීපරිදි දැන් තවත් අමරදෙවයකු එම පාසලින් බිහි වෙමින් පවතී.

    වෘත්තීමය
    ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.

    මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.

    දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.

    කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.

    අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS