ඒ. ජේ. ද සොයිසා

ඒ. ජේ. ද සොයිසා

Full Name: අගම්පොඩි ජුලියට් ද සොයිසා උපත 22 අප්‍රේල් 1915 විපත 02 ජුනි 1984

22 අප්‍රේල් 1915 - 02 ජුනි 1984

59.59% · 1,559 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඒ. ජේ. ද සොයිසා
සම්පූර්ණ නමඅගම්පොඩි ජුලියට් ද සොයිසා
උපත22 අප්‍රේල් 1915
විපත02 ජුනි 1984

චරිතාපදානය

ඒ. ජේ. ද සොයිසා හෙවත් සොයිසා මාස්ටර් යනු කවුරුන්දැයි වත්මන් පරපුර නොදන්නා මුත් ඔහුගේ පෑන් තුඩෙන් ලියැවි රස ගැන්වුණු මධුර ගී එදා මෙන් අද ද එකසේ ජනප්‍රියත්වයේ නොනැසී පැවතීම කිසිසේත්ම ඔහුව අමතක නොවන කරුණක්ව පවතී.

'තරු පායන ආකාසේ, - රුක්මණී දේවී, මොහිිදින් බෙග් (අයිරාංගනී 1954), 'රාණී එන්කෝ නැගී මපෙම්' - රුක්මණී දේවි, මොහිදින් බෙග් (අයිරාංගනී 1954), 'පෙම් සිහින ලෝකේ මායා' - රක්මණී දේවි, මොහිදින් බෙග් (මතභේදය 1955), 'පෙම් මල් මාලා නෙළා ගොතාලා' - රුක්මණී දේවි, මොහිදින් බෙග් (මතභේදය 1955), 'ආදර පාන සුදා' - 'දෙවියන් කෝ සමන් දෙවියන්' - රුක්මණී දේවි (මතභේදය 1955), 'මල් සරාට ප්‍රේම ලෝකෙ' - සුජාතා පෙරේරා (සත පනහ 1965), 'සුරතලියේ සුකුමලියේ' මොහිදින් බෙග්, ෂර්ලි බ්ලයිත් (දෛව විපාකය 1956), 'සාගර හිමිය සොයා' මොහිදින් බෙග්, මේබල් බ්ලයිත් (දෛව විපාකය 1956), 'සුදෝ සුදු රන්' මොහිදින් බෙග් (දෛව විපාකය 1956) ආදී මධුර ගී ඔහු ලියූ චිත්‍රපට ගීත අතරෙන් කිහිපයක් පමණි.

වැලිතොට අගම්පොඩි සාරොන් ද සොයිසාණන්ගේ පීතෘත්වයෙන් සහ පානදුර පින්වත්තේ ගී කියනගේ ජෙයිසනෝනා ද සිල්වා මැතිනියගේ මාතෘත්වයෙන් 1915 අප්‍රේල් මස 22 දින බලපිටිය වැලිතර බෙලිගහවත්ත පෞරාණික නිවසේදී ඔහු උපත ලැබුවේ දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලක කුලුඳුල් නිවුන් දරු උපතේ වැඩිමහල් දරුවා ලෙසය. ඔහුගේ නාමය ලෙස උප්පැන්නයේ සඳහන් වූයේ අගම්පොඩි ජුලියට් ද සොයිසා යනුවෙනි.

බටහිරෙන් හැමූ සාගරයේ මධුර ස්වරයත්, නැගෙනහිර මාදු ගං කොමලියගෙන් වහනය වූ මෘදු ගී මදනලත් සම්මිශ්‍රණය වූ සොඳුරු පරිසරයක සහෝදර සහෝදරයින් සත් දෙනෙකු ඇසුරේ ළමා විය ගෙවු ඔහු අකුරු කෙරුමට 1921 ජූලි මස 31 වන දින වැලිතර අග්‍ර පිරිමි පාඨමාලාවේ බාලාංශය වෙත අංක 1407 යටතේ ඇතුළත් විය. අධ්‍යාපනයේ මුල් අවදිය උසස් ලෙස සමත්වීමෙන් අනතුරුව 1931 දී එම පාසලෙන් ඉවත්ව බලපිටියේ සිද්ධාර්ථ පාසලට ඇතුළුව 1938 සැප්තැම්බර් මස 30 වන දින දක්වා එහිම සිප්නැණ හැදෑරූවේය.

පාසල් අවදියේ පටන් ලලිත කලා රසිකයෙකු වූ ඔහු රූකඩ, නාඩගම්, බලිතොවිල්, පිරිත් පිංකම්, මල්වට්ටි වෙන්දේසි යනාදිය ඇති තැන් සොයා ගොස් කලා රසයෙන් සිත සතපා ගත්තේය. කැරොල් කරත්ත පසුපස යමින් බැති ගී ගැයූ ඔහු වරෙක බැති ගී රචනා කළේය. කවි මඩුවලින් ඇසෙනා මධුර හිටිවන කවියෙන් වශී වූ ඔහු කවි ලියන්නට ද පෙලඹුණේය. පසු කලෙක දස්කොන් චිත්‍රපටය නිර්මාණය කළ උපාලි වනසිංහ හා ප්‍රවීණ ගීත රචකයෙකු වූ හර්බට් එම්. සෙනෙවිරත්න ඔහුගේ පාසල් සගයන්ය.

ඔහුගේ පළමු රැකියාව වූයේ මරදාන ඩීන්ස් හෝටලේ කළමණාකාරත්වයට පත්වීමයි. කලාවෙන් උන්මාදව සිටි ඔහු දෙසවනට ඇසෙනා හින්දි ගී වලට සිංහල වදන් යෙදීමට නිදහසක් ලද සෑම අවස්ථාවකදීම කටයුතු කළේය. එය ඔහුගේ ගී නිර්මාණයේ ආරම්භයයි.

මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නායක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ අයිරාංගනී නාට්‍යය චිත්‍රපටයක් කිරීමට යන කරුණ කනවැකුණු අප කතා නායකයා එම චිත්‍රපට කතා පිටපත කියවීම අවස්ථාවක් උදා කර ගනිමින් එයට අදාළව ගීතයක් ද පබදා එය ද රැගෙන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් හමුවට යන්නේ ගැහෙන හදින් යුතුවය. එය දෙතුන් වරක් කියවා බැලූ ජයමාන්නයන් 'සොයිසා මේක හොදටම හොඳයි, චිත්‍රපටයේ ඉතිරි සින්දුත් තමුසෙම හදනවා' යැයි කීවේය. ඒ අනුව ඔහු ලිවූ මුල්ම ගීතය වූයේ මොහිදින් බෙග් සමඟ රුක්මණී දේවිය ගායනා කළ 'තරු පායන ආකාසේ ගීතයයි'. එය ද ඇතුළුව අයිරාංගනී චිත්‍රපටය සඳහා ගීත 10 ක් ඔහු විසින් නිර්මාණය කරන ලදී. එතැන් පටන් මිනර්වා චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපටවල ගීත පමණක් නොව, දෙබස් හා තිරකතා රචනා කිරිමට ද ඔහුට අවස්ථාව හිමි විය. 'මතභේදය' 1955 - ගීත 10 යි, 'දෛව විපාකය' 1956 - ගීත 9 යි. චිත්‍රපටයක් සඳහා ඇතුළත් වූ දිගම ගීතය ඇතුළත් වූයේ ද දෛව විපාකය චිත්‍රපටය වෙනුවෙනි. ඒ මේබල් බ්ලයිත් විසින් ගායනා කරන ලද 'සරාගොයියා හරි මිනිහා' ගීතයයි. 'වනලිය' 1958 - ගීත 10 යි, 'හදිසි විවාහය' 1959 - ගීත 10 යි, ජයමාන්නයන්ගේ චිත්‍රපට හැරුණු කොට 'මංගයර් තිලකම්' දමිළ චිත්‍රපටයේ කතාව අනුව එම්. එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කළ 1964 දී තිරගත වූ 'සිතක මහිම' චිත්‍රපටයට ඇතුළත් වූ එච්. ආර්. ජෝතිපාල, සුජාතා පෙරේරා සමඟ ගැයූ 'නිල්වලා පෙත්තේ' සහ එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ 'හිතේ දුකක් නැති මිනිහා' යන ගීතයන් ද මොහුගේ රචනයන් අතර විය. මෙම චිත්‍රපටයේ දෙබස් රචකයා ද ඔහුම විය. ඔහු ලියූ ගීත 'ජීවිත පූජාව', 'මංගලිකා', 'රහස් දූපත', 'ඇතුල්වීම තහනම්', 'ප්‍රවේසම්වන්න', 'සල්ලි මල්ලි සල්ලි', 'සිහිනය', 'ලන්ඩන් හාමු' යන චිත්‍රපට සඳහා ඇතුළත් විය. එසේම දෙබස් රචකයකු ලෙස 'සිහිනය', 'වෙන ස්වර්ගයක් කුමටද', 'හෙට ප්‍රමාද වැඩියි' (කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සමඟ), 'දරුවා කගේද', 'සත පනහ', 'ස්විප් ටිකට්', 'ඇතුල්වීම තහනම්', 'ලන්ඩන් හාමු' සහ 'දෙහදක දුක' යන චිත්‍රපට ප්‍රධාන වේ. 'ජීවන ගීතය', 'සැනසුම', 'හදවත් නැත්තෝ' යන චිත්‍රපටයන් හි කතා රචනය ද, 'සිතක මහිම' හා 'දරුවා කගේද' යන චිත්‍රපටයන් හි සහය අධ්‍යක්ෂකවරය වූයේ ද ඔහුය.

ඩී. බී. ධනපාල මහතාගේ ආරාධනයෙන් 'දවස', 'රවිරැස', 'සවස' සහ 'විසිතුර' යන පුවත්පත්වලට සම්බන්ධව සිනමා පුවත් හා විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ අවසන් චිත්‍රපට ප්‍රවෘත්තිය වූයේ 1984 මැයි මස තිරගත වූ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ 'හිත හොඳ කොල්ලෙක්' චිත්‍රපටය වෙනුවෙනි. සොයිසා මාස්ටර් දවස නිවසට පැමිණි අවසන් දවස වූයේ 1984 ජූනි මස 01 වන දිනයි.

එස්. එස්. වේදා, ආර්. ඒ. චන්ද්‍රසේන, ආර්. මුත්තුසාමි, පී. එල්. ඒ. සෝමපාල, පී. එස්. දිවාකර, පාණ්ඩුරංගන්, බී. එස්. පෙරේරා, මොහාමඩ් සාලි, නෙවිල් ප්‍රනාන්දු යන දේශීිය විදේශීය සංගීතවේදීන් සමඟ චිත්‍රපට සඳහා නිර්මාණ දායාද කළ ඔහු, ගුවන් විදුලිය සඳහා ද ගීත රැසක් ප්‍රබන්ධනය කළේය.

1956 වසරේදී ගම්පහ සෝමාවතී මහත්මිය සමඟ විවාහ වූ ඔවුනට පුතුන් තිදෙනෙකු හා එක දියණියක වූවාය. 1984 ජූනි මස 02 දින ඔහු මිය යන විට 69 වන වියෙහි පසු විය. ජූනි 06 වන දින මහරගම නිවසේදී බොහෝ දෙනකු ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක් වූ අතර ඔහුගේ අන්තිම කැමැත්ත පරිදි සිරුර වෛද්‍ය විද්‍යාලයට භාර කෙරිණ.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 931963 ගම්පෙරළිය ගම්පෙරළිය Actor Dr. Lester James Peries
2 1801968 ඉඳුනිල ඉඳුනිල Actor Kingsly Rajapaksha
3 1931969 කව්ද හරි කව්ද හරි Actor Titus Totawatte
4 2171970 ප්‍රියංගා ප්‍රියංගා Actor Amaranath Jayathilake
5 2271971 කතුරු මුවාත් කතුරු මුවාත් Actor K.A.W. Perera
6 2491972 ලොකුම හිනාව ලොකුම හිනාව Actor K.A.W. Perera
7 3221976 තිලක හා තිලකා තිලක හා තිලකා Actor Amaranath Jayathilake
8 3421976 මංගලා මංගලා Actor Titus Totawatte
9 3841978 වීර පුරන් අප්පු වීර පුරන් අප්පු Actor Dr. Lester James Peries
10 4081979 වසන්තයේ දවසක් වසන්තයේ දවසක් Actor T. Arjuna
11 5361983 කලියුගය කලියුගය Actor Dr. Lester James Peries

කාර්ය මණ්ඩලයෙන්

Assistant Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2011969 ප්‍රවේසම්වන්න ප්‍රවේසම්වන්න Assistant Director M.S. Anandan

Dialogs

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 621959 සිහිනය සිහිනය Dialogs T. Janaki Ram
2 781961 දරුවා කාගේද දරුවා කාගේද Dialogs Herbi Senewirathna
3 861963 වෙන ස්වර්ගයක් කුමටද වෙන ස්වර්ගයක් කුමටද Dialogs Kingsly Rajapaksha, T. Somasekaran
4 941964 හෙට ප්‍රමාද වැඩියි හෙට ප්‍රමාද වැඩියි Dialogs Shanthi Kumar Seneviratne
5 1051964 සිතක මහිම සිතක මහිම Dialogs M.S. Anandan
6 1211965 සත පනහ සත පනහ Dialogs M.S. Anandan
7 1221965 ස්වීප් ටිකට් ස්වීප් ටිකට් Dialogs Florida Jayalath, Raja Joshua
8 1321966 ඇතුල්වීම තහනම් ඇතුල්වීම තහනම් Dialogs M.S. Anandan

Script

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1051964 සිතක මහිම සිතක මහිම Script M.S. Anandan
2 1711968 ලන්ඩන් හාමු ලන්ඩන් හාමු Script Chundukili Somasekaran

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 621959 සිහිනය සිහිනය Story T. Janaki Ram
2 1211965 සත පනහ සත පනහ Story M.S. Anandan
3 4711981 සැනසුම සැනසුම Story W. Wilfred Silva
චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටයගීතයදායකත්වය
22 1954 Iranganie අයිරාංගනී Sinhala Duppathaage Sema Dukeදුප්පතාගේ සෑම දුකේ Lyrics
Lo Jeewitha Kathareලෝ ජීවිත කතරේ Lyrics
Ma Ada Raniමා අද රාණි Lyrics
Mala Waage Dilisena Rupeමල වාගේ දිලිසෙන රූපේ Lyrics
Preethi Preethi Api Dennageප්‍රීති ප්‍රිති අපි දෙන්නාගේ Lyrics
Prithi Wanne Jeewithemaiප්‍රීති වන්නේ ජීවිතේමයි Lyrics
Raani Enko Nagima Pemරාණි එන්කෝ නැගීම පෙම් Lyrics
Rasa Kiri Powaaරස කිරි පොවා Lyrics
Tharu Paayana Aakaaseතරු පායන ආකාසේ Lyrics
28 1955 Mathabhedaya මතබේදය Sinhala Aadara Paana Sudaaආදර පාන සුදා Lyrics
Deviyani Ko Saman Deviyanදෙවියනි කෝ සමන් දෙවියන් Lyrics
Ginnaki Hada Maage Pemගින්නකි හද මාගේ පෙම් Lyrics
Kerakenawaa Loke Boleකැරකෙනවා ලෝක බෝලේ Lyrics
Loek Sinamaawakiලෝකේ සිනමාවකි Lyrics
Pem Mal Maalaaපෙම් මල් මාලා Lyrics
Pem Sihina Loke Maayaaපෙම් සිහින ලෝකේ මායා Lyrics
Sampathaki Honda Du Puthunසම්පතකි හොඳ දූ පුතුන් Lyrics
Samudure Soyaසමුදුරේ සොයා Lyrics
Sinhalaya Modayaසිංහලයා මෝඩයා Lyrics
35 1956 Daiva Vipakaya දෛව විපාකය Sinhala Danawaa Loke Dugiya Ginneදනවා ලෝකේ දුගියා ගින්නේ Lyrics
Dev Lowe Maha Sabhaaweදෙව් ලොවේ මහා සභාවේ Lyrics
Doi Doi Doi Doiya Puthaදොයි දොයි දොයි පුතා Lyrics
Jaathika Kalaa Raseජාතික කලා රසේ Lyrics
Neela Ahase mihiriyawaනීල අහසේ මිහිරියාව Lyrics
Saagara Himiya Soyaaසාගර හිමිය සොයා Lyrics
Sara Goiya Hari Minihaසරා ගොයියා හරි මිනිහා Lyrics
Sudo Sudu Ranසුදෝ සුදු රන් Lyrics
Surathaliye Sukumaliyeසුරතලයේ සුකුමලියේ Lyrics
49 1958 Vanaliya වනලිය Sinhala Adare Banduna Sithehiආදරේ බැඳුනා සිතේහි Lyrics
Aloke Nasina Palangatiyoආලෝකේ නසිනා පළඟැටියෝ Lyrics
Duppathage Anduwai Meදුප්පතාගේ ආණ්ඩුවයි මේ Lyrics
Karuna Jale Galaalaaකරුණා ජලේ ගලාලා Lyrics
mal Pipila Me Suwadeමල් පිපිලා මේ සුවදේ Lyrics
Mawa Gini Delමවා ගිනි දැල් Lyrics
Me Dushta Samaajayaමේ දුෂ්ට සමාජය Lyrics
Me Lokema Ginnakiමේ ලෝකේ්මා ගින්නකි Lyrics
Waasi Una Meda Sareවාසි උනා මෙදා සැරේ වාසි වුණා Lyrics
Wanamala Oyada Me Wanayeවනමල ඔයාද මේ වනයේ Lyrics
52 1958 Salli Malli Salli සල්ලි මල්ලි සල්ලි Sinhala ai Thawam Nida Inneඇයි තවම නිදා ඉන්නේ Lyrics
Akase Ihala Pawenawaආකාසේ ඉහළ පාවෙනවා Lyrics
Hari Pani Pani Rasa Guliහරි පැණි පැණි රස ගුලි Lyrics
Malak Pipila Udeමලක් පිපිලා උදේ Lyrics
Sadu Priye Bhagawaසාදු ප්‍රියේ භගවා Lyrics
Samagiwa Adimuko Dela Mudeසමඟිව අදිමුකෝ දැල මූදේ Lyrics
Siriyawa Mathuwe Vinodeසිරියාව මතුවේ විනෝදේ Lyrics
62 1959 Sihinaya සිහිනය Sinhala Ha Hada Dedaraහා හද දෙදරා Lyrics
Lankawa Ape Rataiලංකාව අපේ රටයි Lyrics
Lowa Maayaawaki Sihinayakiලොව මායාවකි සිහිනයකි Lyrics
Maase Poyadaaමාසේ පෝයදා Lyrics
Mage Jeeweමගේ ජීවේ Lyrics
Malata Aa Bambaraaමලට ආ බඹරා Lyrics
Padapalla Hithata Aranපැදපල්ලා හිතට අරන් Lyrics
65 1959 Hadisi Vivahaya හදිසි විවාහය Sinhala Aale Rasa Danunaආලේ රස දැනුණා Lyrics
Ara Neela Wala Guwaneඅර නීල වලා ගුවනේ Lyrics
Genu Raththaranගෑනු රත්තරන් Lyrics
Hithuwe Na Kisidaහිතුවේ නෑ කිසිදා Lyrics
Iwasaa Awawaadeඉවසා අවවාදේ Lyrics
Namo Mariyaniනමෝ මරියනි Lyrics
Premadhaaraa Ei Galaalaaප්‍රේමධාරා එයි ගලාලා Lyrics
Sanaseema Jeewitheසැනසීම ජීවිතේ Lyrics
Sonduru Maage Jeewitheසොඳුරු මාගේ ජීවිතේ Lyrics
Surathaliye Siyumaliyeසුරතලියේ, සියුමැලියේ Lyrics
74 1961 Jeevitha Pujava ජීවිත පූජාව Sinhala Ayamma Meryආයම්මා මේරි Lyrics
Bolanda Premiyeබොළඳ ප්‍රේමියේ Lyrics
Koida Lowehiකොයිද ලොවේහි Lyrics
Mage Suda Pembaraමගේ සුදා පෙම්බරා Lyrics
Maruwage Balawegeමරුවාගේ බලවේගේ Lyrics
Payan Chandrayageපායන චන්ද්‍රයාගේ Lyrics
Saraakaase Ridi Rekaaසරාකාසේ රිදී රේඛා Lyrics
Sudu Pata Malසුදු පාට මල් Lyrics
88 1963 Mangalika මංගලිකා Sinhala amma Obaineඅම්මා ඔබයිනේ Lyrics
Ananda Geethe Naada Deආනන්ද ගීතේ නාද දේ Lyrics
Aswala basaya Nodaneedoඇස්වල බාසය නොදනීදෝ Lyrics
Ipadeela Duka Deelaඉපදීලා දුක දීලා Lyrics
Prithiya Ha Dukaප්‍රිතිය හා දුක Lyrics
wasanawa Soya Soyaaවාසනාව සොයා සොයා Lyrics

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play