Raja Dahana

Raja Dahana

රජ දහන

Colour Digital

Film No: 1462  ·  Released: 19 Jun 2026

80% · 1 vote
Rate this film

Summary

NameRaja Dahana / රජ දහන
Film No1462
Released Date19 Jun 2026
ColorimeterColour
Video FormatDigital
Duration1 hrs 45 mins
Movie GroupSinhala
CategoryDrama

Trailer

Description

රජ දහන අධ්‍යක්‍ෂක, වාසිත සමරනායක මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර, පසුවදී සිවිල් ඉංජිනේරු විෂය හදාරමින් සිට, කලා ක්ෂේත්‍රයට ඇති නැඹුරුව නිසාම ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සිනමා පාඨමාලාව හදාරා නිමකරමින් හා ජාතික තරුණ සේවා වැඩමුළු සඳහාද කාලය යොමු කරමින්, ශශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ජන සන්නිවේදන ඩිප්ලෝමාව හැදෑරුවෙකි. ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගනයට මුලින් එක්ව, සිය මාවත වෙනස් කළ ඔහු, මේ වන විට ටෙලිනාට්‍ය හතළිහකට අධික සංඛ්‍යාවක සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත. ‘දොරගුළු රාජ්‍ය’ සහ ‘දඩයක්කාර මහත්මයාගේ රාත්‍රිය’ වැනි වේදිකා නාට්‍ය නිර්මාණය කළ වාසිත සමරනායක ‘දෝණි’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට පිවිස, ‘සුදු අරලිය’, ‘සිහින තාරකා’, ‘කුරුලු පිහාටු’ වැනි ටෙලි නාට්‍යයන් ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒමට සමත්ව ඇත. ඔහු නිර්මාණය කළ ‘ජීවිතයම හීනයක්’ සහ ‘ඕලු බැද්ද’ ඉදිරියේදී විකාශනය වීමට නියමිතව ඇති ටෙලි නාට්‍ය යුගලකි. ‘බොල් පොළොවට මුතු වරුසාවක්’, ‘අරුණැල්ලක සේයා’, ‘රුහුණු අභිමන්’ හා ‘හත්වෙනි දරුවා’ වැනි වාර්තා චිත්‍රපට නිමැවූ ඔහු, ගීත රූප රචනා නිර්මාණ නිර්මාණවේදියෙකුද වෙයි. ‘රජ දහන’ ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘වස්දඬු රාවය’ ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇත.

sarasaviya.lk

මෙය පීතෘ සෙනෙහස පිළිබඳව දිගහැරෙන කතා පුවතකි. මෙහි කතා නායකයා වන ගාමිණී තරුණ එක්දරු පියෙකි. ශ්‍යාමා ඔහුගේ බිරිඳයි. ඔවුන් ජීවත් වෙන්නේ කොළඹ නගරාසන්නය අශ්‍රිතව කුලී නිවසකයි. ගාමිණීගේ රැකියාව, කුලියට කුමක් හෝ සේවයක් කර මුදල් උපයා බිරිඳ සහ අත දරුවා රැකබලා ගැනීමයි. ගීත ගායනා කිරීමේ හැකියාවද ඔහු සතුව පවතී. දිනක් රැකියාවට ගොස් නැවත නිවහනට පැමිණෙන විට දරුවාද අතැර බිරිඳ ශ්‍යාමා පිටව ගොසිනි. දරුවාද රැගෙන කුලී නිවසින් නික්මෙන ගාමිණී, පදික වේදිකාවේ ගීත ගයමින් ජීවිකාව ගෙනයන්නේ, අබලන් දුම්රිය මැදිරියක් සිය නවාතැන කර ගනිමිනි. දරුවා කෙමෙන් වැඩෙද්දී පාසලකට ඇතුළත් කර ගැනීමට නොහැකි වන්නේ අදාළ සහතික පත්‍ර කිසිවක් ඔහු සතුව නොමැති බැවිනි. දේවස්ථානයක කාරුණික පියතුමෙකුගේ මග පෙන්වීම මත දරුවාව පාසලකට ඇතුළත් කර ගනී. කෙමෙන් උස්මහත් වී හොඳීන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ද ඇතුළත් වීමෙන් අනතුරුව වෛද්‍යවරයකු බවට සිය පුතු පත්වීම, ගාමිණීට විශාල සතුටක් ගෙන දුන්නද, ඉහළ සමාජය ඇසුරු කරන පුතාට පියාගේ හිඟන රැකියාව ලැජ්ජාවට කරුණක් වී, දෙදෙනා අතර විරසක භාවයක් ඇතිවෙයි. පුතු චරිත් පොහොසත් පවුලක රූමත් වෛද්‍ය ශිෂ්‍යාවක් සමගින් පෙමින් බැඳෙයි. පිය පුතු ගැටුම කෙලෙස විසදේවිඳ යනු රජදහන තුළින් පෙන්වා දී ඇත.

sarasaviya.lk

Cast

Crew

Other Crew