INFOPLOT
Cyanide / සයනයිඩ්
[ Colour Digital ]
Film No : 1439
Released Date : 2025-12-26
58.888888888889
59% |   72  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

එල්. ටී. ටී. ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේදී මුළු රටේම ආරක්ෂක විධිවිධාන තරකර තිබුණු අතර,එම කාලය සියම ජනතාවට අභියෝගකාරී සමයක්ම විය. “දිනු ජය” පුවත්පතෙහි දේශපාලන පුවත් වාර්තාකරුවෙකු ලෙස සහන් සේවයේ නිරතව සිටින්නෙකි.එහි ප්‍රධාන කර්තෘගේ උපදෙස් මත ඊ.ජීආර්. එල්.එෆ්. සංවිධානයේ හිටපු නායක පද්මනාබා ගේ ඝාතනය සම්බන්ධ වර්තාවක් සැකසීම සඳහා ඉන්දියාවට යාමට සහන්ට සිදුවෙයි.දේශපාලන විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වන විශ්වජිත් මහතාව මුණගැසෙන සහන්, තම රාජකාරිය සඳහා ඔහුගේ සහයෝගය බලාපොරොත්තු වෙයි. මහාචාර්යවරයා විසින් ඉන්දීය රහස් ඔත්තු සේවයේ සංදීප් නැමැත්තාව සහන්ට හඳුන්වා දෙනු ලබයි. සංදීප් විසින් වාර්තාවට අදාළ වැදගත් තොරතුරු රැසක් ඔවුනට ලබාදෙන අතර, ඉන්දියාවේ වෙසෙන තම්බි දොරේ නැමති  එල්.ටී.ටී.ඊ.සාමාජිකයා විසින් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ වත්මන් නායකයා වන වර්ධරාජා පෙරුමාල්ව ඉන්දියාවේදී පැහැර ගැනීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු අනාවරණය කරයි. මහාචාර්ය විස්වජිත් මෙන්ම සහන්ව දඩයම් කිර්මට තම්බි දොරේ ඇතුළු කණ්ඩායමක් උත්සාහ දැරීමේ ප්‍රයන්නය වටා මෙහි කතාව නිර්මාණය වී ඇත.

 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS