Cinema

Cinema

Colour

Film No: 1355  ·  Released: 02 Sep 2022

58.01% · 1,978 votes
Rate this film

Summary

NameCinema
Film No1355
Released Date02 Sep 2022
ColorimeterColour
Movie GroupSinhala
CategoryStory

Trailer

සුමල් ධර්මරත්න සිනමා යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස කොළඹ නගරයේ ප්‍රධාන සිනමා ශාලාවක සේවයේ යෙදී සිටී. ඔහුගේ පියා ද සිනමායන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කළ අතර සුමල් කුඩා කාලයේ සිටම තම පියාට උදව් කරමින් සිටී, බොහෝ චිත්‍රපට නැරැඹීම මෙන්ම, කියවීම මඟින් සිනමාව පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයකින් යුතුව කටයුතු කළේය. කවදා හෝ සිනමා නිර්මාණයක් කිරීම ඔහුගේ එකම සිහිනය විය.

ජාලිය ජයසේකර වයස 20 ක කඩවසම් තරුණයෙකි. ඔහුගේ පියා ප්‍රසිද්ධ මහාචාර්යවරයකු වූ විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර ඔවුන් ඉතා සුඛෝපභෝගී ලෙස ජීවත් වේ. කුඩා කල පටන් සිනමාවට ඇලුම් කරන ජාලියගේ එකම සිහිනය වූයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ප්‍රවීණයෙකු වීමයි. පියාගේ බලකිරීම මත තම වැඩිමහල් සොහොයුරිය වෛද්‍යවරියක වන අතර ජාලිය ද ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලබන අතර, කිසිවෙකුට නොදන්වා තම නිවසෙන් පිටමං වන ඔහු සුමල් යටතේ සහායකයකු ලෙස ක්‍රියා කරයි. සුමල් සමඟම පැල්පත් ආශ්‍රිත ස්ථානයක කුඩා ඇනෙක්සියක ජීවත් වේ. එහි හිමිකාරිනිය වන කරුණාවන්ත කාන්තාවක වන රූපලතාගේ නිවසින් ඔවුනට කෑම බීම ද සපයයි.

සාගර පේ‍්‍රමචන්ද්‍ර ශූරින් සිනමාවේ ප්‍රතාපවත් චරිතයකි. තිර රචකයකු, සිනමා අධ්‍යක්ෂවරයකු වන ඔහු වයස 75 වියැති අයෙකි. තවමත් සිනමාව වෙනුවෙන් සක්‍රීයව දායක වේ. සිනමාවේ උන්නතිය ඔහුගේ ඒකායන සිහිනය හා ප්‍රාර්ථනය විය.

ආනන්ද ගුණරත්න යනු වයස 76 ක් පමණ වූ සිංහල සිනමාවට පෑයූ ජනප්‍රිය තරුවකි. දක්ෂයෙකු ලෙස තම රංගන දිවිය ගෙවූ ඔහු සිනමාවේදී සිදු වූ අනතුරක් නිසා ආබාධිතව ගමන බිමන රෝද පුටුවකට සීමා වී ඇත. ඔහුගේ සිනමාවට ඇති බැඳීම නිසාම, පෞද්ගලික සිනමා කෞතුකාගාරයක් පවත්වා ගනිමින් සිනමාවේ මතකය තුළම ජීවත් වන අතර තම සේවය වෙනත් අයුරකින් ජනතාවට ලබාදේ.

තිළිණි සමරසිංහ 19 හැවිරිදි සුරූපී තරුණියකි. ඇය ඈත පිටිසර ගමක ජීවත්වන අතර සිනමා නිළියකවීමේ සිහින මවමින් සිටී. සිනමා නිර්මාණ සඳහා නළු නිළි අවශ්‍යතා සඳහා ඉල්ලුම් කෙරෙන පුවත්පත් දැන්වීම්වලට නිරතුරුව අයැදුම් කරන්නීය.

විශ්ව කීර්ති අමරසූරිය යනු ව්‍යාපාරිකයෙකි. ඔහු තම මුදල් යොදා අන් නිර්මාණකරුවන් ලවා සිනමා නිර්මාණ කරමින් ව්‍යාජ ලෙස තම නාමය එම නිර්මාණ සඳහා භාවිතා කරන පුද්ගලයෙකි. එම නිර්මාණ හරහා දේශීය හා විදේශීය සම්මාන ද, ජනප්‍රියත්වයක් ද දිනා ගෙන සිටි ඔහු කූට සිනමා ජාවාරම්කරුවන් සමඟ සබඳකම් ද පවත්වයි.

මෙම ප්‍රධාන චරිත හය වටා ‘සිනේමා’ නම් වූ සිනමා නිර්මාණය ගෙඩ නැගෙන අතර විශ්ව කීර්තිගේ අලුත් සිනමා නිර්මාණයක මුහුරත් උත්සවයට සිනමාවේ අතීත හා වර්තමානය නියෝජනය කරන හා විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන බොහෝ කලාකරුවන් ද, දේශපාලනඥයන් ද සහභාගි වී සිටී. එහි ප්‍රදර්ශනය වූ තම සිනමාපටය විශාල ලෙස සංස්කරණයට ලක්ව ඇති බව දැනගත් විශ්ව කීර්ති ඉන් කිපෙන අතර අවසානයේ එය සිදුකර ඇත්තේ සුමල් නම් වූ සිනමා යන්ත්‍ර ක්‍රියාකරුවා විසින් බව අනාවරණය වේ. සුමල් සිනමා ශාලාවේ රැකියාව අහිමි වන අතර ඔහු සමඟ ජාලිය ද සේවය හැර යති. එම ශාලාවේ ප්‍රදර්ශනය වූ පිටපත එම සිනමා නිර්මාණයේ මූලික පිටපතට වඩා ඉතා විශිෂ්ට බවත් එය ඉතා සුළු පහසුකමක් යටතේ සිදු කළ සුමල් පිළිබඳව විමතිය පළ කරන්නේ එදින එහි ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි සාගර ප්‍රේමචන්ද්‍ර ශූරීන් විසිනි.

රැකියාව අහිමිවීම, සුමල්, ජාලිය ද සමඟ ජීවත්විම සඳහා පෝස්ටර් ඇලවීමේ සිට සිනමා කර්මාන්තය තුළ ඇති විවිධ රැකියා අවස්ථා පසුකර යන්නේ ඉතා උද්යෝගීවය. සිනමා නිෂ්පාදන කණ්ඩායමකට එකතුවන ඔවුන් එම සිනමා නිෂ්පාදනය අවසන් වන තෙක් එහි විවිධ කාර්යන්හි නිරත වෙති. ඔවුන් එය අවසානයේ යළි රැකියා විරහිතව සිටී. වසර ගණනාවකට ඉහත ලියූ තිර පිටපතක් අතට ගත් සුමල් තමාගේ සිනමා සිහිනය ක්‍රියාත්මක කරන බව ජාලිය හට පවසයි. ජාලිය විමතියට පත්වන අතර ඒ සඳහා විශාල මුදලක් සොයා ගන්නේ කෙසේදැයි විමසීමේදී තමා සතුව ඇති එකම වටිනා දෙය වන තම පියා සිහිවීම පිණිස මිලදී ගත්, පියා විසින් සිනමා ශාලාවක 40 වසරක් පමණ පරිහරණය කළ පරණ සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය විකුණන බව පැවසීය. ඔහුගේ අහිංසක ප්‍රයත්නය අත් නොහරින බව දුටු ජාලිය ද එයට උදව් කිරීමට ඉදිරිපත් වේ.

පුවත්පත් දැන්වීමකට අනුව ප්‍රක්ෂේපණ යන්ත්‍රය විකිණීමට යන්නේ ආනන්ද ගුණරත්න නම් වූ සිනමා කෞතුකාගාරය හිමි කලාකරුවා වෙතය. ඔහු සුමල්ව අධෛර්යමත් නොකළත් සිනමා නිෂ්පාදනයක ඇති දුෂ්කර බව, අවදානම හා ඒ පිළිබඳ ඔහුගේ අත්දැකීම් ද විස්තර කරයි. ඔහු සුමල්ගේ පැරණි සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මිල දී ගන්නවා පමණක් නොව, හමුවීම් හා පුහුණු කටයුතු සඳහා තම සිනමා කෞතුකාගරය අසල ස්ථානයක් ද සූදානම් කරදීමට පවා කාරුණික වේ.

පුවත්පතකට දැන්විමක් දමමින්, සිනමා කෘතියට අවශ්‍ය කණ්ඩායම එකතු කර ගනී. බොහෝ අය නවකයන් වූ අය අතර තිළිනි සමරසිංහ ද සිටින්නීය.

Cast

Crew

Other Crew