Abhisari

Abhisari

අභිසාරි

Colour Digital Upcoming Movie

Upcoming Movie

0% · 0 votes
Rate this film

Summary

NameAbhisari / අභිසාරි
Release StatusUpcoming Movie
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Akalanka Prabashwara Main Actress: Paboda Sandeepani Director: Chinthana Dharmadasa Producer: Nuwan Jayasuriya

Trailer

Description

කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තරණය කළ චින්තන ධර්මදාසගේ දෙවන වෘත්තාන්ත චිත්‍රපටය ලෙසින් ” අභිසාරි” ළඟදීම තිරගතවීමට නියමිතවව ඇත. “After Words He Fell As Leep” කෙටි චිත්‍රපටිය නිර්මාණය කරමින් 2004 වසරේ දී සම්මානයෙන් පිදුම් ලැබූ චින්තන , චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳව පෝලන්ත ශිෂ්‍යත්වයකින්ද පිදුම් ලැබූවෙකි.

පෝලන්ත ලෝඩ්ස් චිත්‍රපට පාසලෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු ලේඛකයෙකු, තිර පිටපත් රචකයෙකු, ගීත රචකයෙකු ,වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදක වරයෙකුද වෙයි. ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රථම සිනමා නිර්මාණය වූ “ඇවිලෙන සුලුයි” 2020 වසරේදී තිරගත විය.ජන ප්‍රසාදයට පත් ” මියා ” ටෙලිනාට්‍යයේ තිර පිටපත් රචකයා මෙන්ම සම අධ්‍යක්ෂවරයාද වූ චින්තන, සම තිර රචක ලෙස බූඩි කීර්තිසේනගේ ” නිම්නයක හුදකලාව”(2017), සහ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ” පියාඹන මාළුවෝ ” යන චිත්‍රපට සඳහා දායකත්වය දක්වා ඇති අතර, ඔහු විසින් තිර රචනය කළ උදය ධර්මවර්ධන අධ්‍යක්ෂණය කළ “Miles Of A Dream” චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

ඕනෑම මවකට තම දරුවන් තරම් වටිනා වස්තුවක් මොලොව නැත. තම දරුවන් සිටින්නේ කුසගින්නේ නම්, ඒ ගිනි නිවීමට මවක් නොකරන කැපකිරීමක් නැත. එදි නෙදා ජීවිත ගමනෙදී අපි මොනතරම් හොඳීන් දැන හැඳීන ආදරය කර විවාහ දිවියට ඇතුළත් වූවද , සෑම විවාහයක්ම සාර්ථකව රැඳී බැඳී පවතින්නේ ද නැත. මෙහි කතා නායිකාව වන ඉන්දුට සිදුවූයේ ද විවිධ අපචාර ක්‍රියාවන්ට ඇබ්බැහි වූ සිය සැමියාගෙ නොමනා ක්‍රියා හේතුවෙන්, ඔහුගෙන් වෙන්ව කුඩා දියණිය සමඟ හුදෙකලා වීමටයි. සිය දියණියගේ හෙට දවස වෙනුවෙන් ඇය ස්පා ආයතනයක සේවයට එක්වීමට තීරණය කළාය. එහි හිමිකාරීත්වය දරන්නේ ලේඩි ගාගා නම් වූ සංක්‍රාන්ති ලිංගිකයෙකි. කෙටි කලකින් ලේඩි ගාගා ඉන්දුගේ හොඳම මිතුරිය බවට පත්වෙයි. මෙම ස්පා ආයතනයට නිතර යන එන පළාතේ මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු සමගින් ඉන්දු ගැටමක් ඇති කරගන්නා අතර, ලේඩි ගාගා ඔහුට පහර දෙයි . එම සිදුවීම නිසා වෛරයෙන් පසුවන මන්ත්‍රී පුතා, සිය පියාගේ බලය අයුතු ලෙස පාවිච්චි කරයි. එයින් ඉන්දු සහ දියණිය මහත් පීඩාවට පත්වෙයි. ලිංගික ශ්‍රමිකයෙක් සොයා ස්පා එකට පැමිණෙන සුරන් ඉන්දුට හමුවන්නේ ඔය අතරතුරදීය. අපවාදිත, අවවරප්‍රසාදිත රැකියාවක නිරත වුවද ඉන්දු ආදරය, විශ්වාසය, ගෞරවය හා අත්හැරීම පිළිබඳව ගැඹුරු මනුෂ්‍ය දහමකින් ජීවිතය පුරවා ගත් තැනැත්තියකි. ඇයගේ ජීවිත ගමනේ අභියෝගාත්මක දිගහැරුමක් ලෙස අභිසාරි තිරයට එක්වෙයි.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew