ආලේ කොරෝනා

ආලේ කොරෝනා

Colour 35mm

Film No: 1333  ·  Released: 07 Jan 2021

59.37% · 2,043 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමආලේ කොරෝනා
චිත්‍රපට අංකය1333
තිරගත වූ දිනය07 Jan 2021
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: ජෙහාන් අප්පුහාමි ප්‍රධාන නිළිය: දිස්නි රාජපක්ෂ අධ්‍යක්ෂණය: Sanjaya Nirmal නිෂ්පාදනය: උදාර පල්ලියගුරුගේ

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගත කෙරේ.

යු .ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගෙනි. ජෙහාන් අප්පුහාමි හා ඩිෂ්නි රාජපක්ෂ ප්‍රධාන චරිතවලින් දායක වී ඇති අතර වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බුද්ධික ජයරත්න යන අයද සහය රංගනයෙන් ද ආලේ කොරෝනා වර්ණවත් කොට ඇත.

තාත්වික ශෛලියට අයත් ආලේ කොරෝනා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට නවමු සිනමා අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන් කොරෝනා උවදුර හමුවේ සමස්ත ආර්ථිකයත් සිනමා කර්මාන්තයත් බිඳවැටුණු මොහොතක ලංකාවේ නිෂ්පාදනය වූ පළමු චිත්‍රපටය වන ආලේ කොරෝනා තුළින් කොරෝනා කාලය තුළ තනිවූ අසම්මත යුවළක් හා ඔවුන්ගේ අපූර්වතම දින 42ක කාල පරිච්චේදයත් සමාජ හා ආර්ථිකමය ගැටලු අර්බුද හමුවේ ජීවීත සටන මෙහෙයවූ අත්දැකීම් රැසකුත් නිරූපණය කෙරේ.

යු .ඒ පල්ලියගුරු තිර රචනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ RAP සංගීත ගායනයෙන් FIL -T R අදිශ බීට්ස් හා රොක් ගායනයෙන් සෙනෙත් දයන්ත දායක වෙති.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play