තොරතුරුකතාව
Cyanide / සයනයිඩ්
[ Colour Digital ]
චිත්‍රපට අංකය : 1439
නිකුත් වූ දිනය : 2025-12-26
58.888888888889
59% |   72  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Cyanide / සයනයිඩ්
චිත්‍රපට අංකය : 1439
නිකුත් වූ දිනය : 2025-12-26
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : Digital
වර්ගය :
ප්‍රධාන නළුවා : Raja Ganesan
අධ්‍යක්ෂණය : Nalin Rajapaksha
නිෂ්පාදනය : Nalin Rajapaksha

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ජීවිතය කෙතරම් සාපේක්ෂ ද ? එක් නොසිතූ සිදුවීමකින් සියලුම සැලැස්මන් මොහොතකින් කණපිට පෙරළිය හැකිද?. "සයනයිඩ්" සිනමාපටය  විශේෂ වන්නේ එය සතු ප්‍රේක්ෂකයා එකතැනම උස්සා පොලොවෙ ගැසීමේ හැකියාව නිසාය. සිනමාවේ ඊළඟ මිනිත්තුව මේයැයි සිතුවද ඊට බොහෝ වෙනස් වූ දෙයක් කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. අප බලාපොරොත්තුවෙන් සිටිනා සිනමාත්මක කුතුහලය ඒ තුල අපූරුවට දිස්වන බව පසුගියදා සයනයිඩ් විශේෂ ප්‍රදර්ශනයට සහබාගි වූ බැවින් අවබෝධවිනි. දැන් සයනයිඩ් ඔබ සඳහා දිවයිනපුරා සිනමාශාලාවන්  රැසක ප්‍රදර්ශනය අරඹා ඇත.
 
ආරම්භක මිනිත්තු කිහිපය තුලම යුද්ධයේ අනිටු විපාකයන් හා අතීතයේ අමතක නොකලයුතු නැවත නොසිද්දවියයුතු සිද්දීන් කිහිපයක් නිරායසයෙන් මවාපා ඇත්තේ එය චිත්‍රපයටයට නැතිවම බැරි දෙයක් නිසා යැයි මට හැගේ. රාජා ගනේශන්, ගීතා කාන්ති, ජගත්,රනීශ් හා ප්‍රකාශ් ගේ රංගනයන් හා ඉන්දියාවේ තාත්වික ,සුන්දර දර්ශන තල අප තුල ඇතිකල අව්‍යාජ හැඟීම අවසානය දක්වාම නරඹන්නා රඳවා ගැනීමට සිනමා පටයතුල  සමත්වී ඇත.
 
කාල රාමු කිහිපයක් හරහා දැනුම් දීමකින් තොරවම දිව ගිය සිදුවීම් පෙළ, සංකීර්ණ නොවන සරල උත්සාහයක් හරහා පෙළගස්වා ගැනීමට ප්‍රේක්ෂකයාට සිදුවේ. එමගින් නරඹන්නා චිත්‍රපටය සමඟින් රඳවා ගැනීමක් නිරුත්සාහිකව සිදුවිය. අවසානයේ  වෙරළෙහි සිදුවන ගැටුම මගින් හා රාත්‍රියේ සිදුවන අනපේක්ෂිත සටන චිත්‍ර පටයේ  රිද්මය නරඹන්නාට ඒකාකාරී නොවන ලෙස  බිඳදැමීය.
 
අපූරු කැමරා කෝණ, ඩ්‍රෝන දර්ශන හැඟීම් තීව්‍ර කරන පසුබිම් සංගීතය, විසිතුරු තමිල්නාඩු චිත්‍රපට වර්ණයන් පදමට මුසු වෙමින් අපූරු , නව්‍ය, අමු සිනමාවක් ඔබට තිළිණ කරවයි.
අනුමාන කළ හැකි අවසානයක් අවසන් මොහොතේ නොසිතූ ලෙස වෙනස් කිරීමට නලින් රාජපක්ෂ සමත් වී ඇත.
 
වර්ධරාජාද, ජනමාධ්‍යවේදියාද, ත්‍රස්තවාදියාද එකම පොළොවකට හිමිකම් කියන එකලේ මස් සමින් පිරි මනුෂ්‍යයන් පමනක් බවත්, අවසානය කියයි.කෙසේ වුවද කලකට පසුව සිනමා පටයෙන් පසුවද අසුනින් නොනැගිට තිරය දෙස බලා සිටීමට ඔබ සැමට සිදුවන්නේ සිනමාවේ විශ්මිතබව හා මේ සියලු දෑ මේ මහ පොළොවේම සිදූවී ඇතිබව පසක්වීම  මොනවට කියා පාමිනි. අතීතයේ සැගවීතිබූ මෙම කතාව හරහා ලංකාවේ මෑත අතීතයේ බොහෝ සිදුවීම් සිහියට එන බැවින් මෙය සෑම ලාංකිකයෙක්ම රසවිදියයුතු නිර්මානයක් වන බව මගේ හැගීමයි.
 
සයනයිඩ්  කාලයකින් නැරඹූ අමු ෆිලුමකි.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Nalin Rajapaksha
නිෂ්පාදනය
Nalin Rajapaksha
තිර රචනය
Nalin Rajapaksha
කැමරාකරණය
Wishwajith Karunarathna
කැමරාකරණය
Tony Baranikana
කලා අධ්‍යක්ෂණය
Alexy Fernando
ශබ්ද පරිපාලක
Sasika Ruwan Marasinghe
අංග රචනය
Tharanga Rukmalwala
සංගීත අධ්‍යක්ෂණය
Dulshan Sulakshana
සටන් අධ්‍යක්ෂණය
Nalin Rajapaksha

අමතර ශිල්පින්

නිෂ්පාදන කළමනාකරු
Raja Balasuriya
ඇඳුම් නිර්මාණය
Chandi Chamali
විදුලි ලාම්පු
Saman Kumara (Lighting)
වර්ණ සංයෝජනය
Ananda Bandara
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS