තොරතුරු
69 / හැට නවය
[ Colour Digital ]
චිත්‍රපට අංකය : 1415
නිකුත් වූ දිනය : 2025-02-14
55.702325581395
56% |   1075  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

69 / හැට නවය
චිත්‍රපට අංකය : 1415
නිකුත් වූ දිනය : 2025-02-14
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : Digital
වර්ගය :
ප්‍රධාන නළුවා : ක්ලීටස් මෙන්ඩිස්
ප්‍රධාන නිළිය : Dilrufa Shanaz
අධ්‍යක්ෂණය : Windya Harispattuwa
නිෂ්පාදනය : උදාර පල්ලියගුරුගේ

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ප්‍රේමය කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ තාරුණ්‍යය. නමුත් සැබැවින්ම ප්‍රේමය කියන්නේ එහෙම තාරුණ්‍යයට පමණක්ම උරුම වූ හැඟීමක් නෙමෙයි. ඒ නිසාම, ප්‍රේමයේ රහ විඳින්නට සීමා නොමැති බව පවසන
අභියෝගාත්මකව කතා කරලා සිනමා කෘතියක් '69' නමුත් නුදුරේදීම සිංහල සිනමාවට තිළිණ වෙනවා.
අවුරුදු 69ක වියපත් මිනිසකුගේ බලාපොරොත්තු විරහිත ජීවිතය යළිත් පණගන්වන්නට ප්‍රේමයේ වසන්තය අරන් එන තරුණියට හැකිවෙවිද යන්නත්, සාමාජීය බැමි ලිහාගෙන සාම්ප්‍රදායික රාමුව බිඳ දමාගෙන ප්‍රේමය ප්‍රේමණීය ලෙස විඳින ඔවුන් සමාජයේ සහ පවුලේ දරුණු ගැරහුම්වලට මුහුණ දෙන්නේ කෙසේද? යන්නත් මේ සිනමාපටයේදී විමසීමට ලක් කරනවා.
 
ජීවිතයේ දරුණුතම හැඟීම වන තනි වීම තෝරා ගත් මිනිසකුගේ මානසික පීඩනය හමුවේ කඨෝර අත්දැකීම්වලට මුහුණ දෙන මෙහි 69 වියැති කථානායකයා ප්‍රේමණීය පුනරාගමනය හමුවේ යළිත් තරුණ හැඟීම්වලින් ජීවිතය විඳින ආකාරය කියා දෙන මෙම චිත්‍රපටය හුදෙක් මානුෂීය හැඟීම් පිළිබඳව අපූරු ලෙස සාකච්ඡා කරන නිර්මාණයක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. වින්ධන්ධ්‍යා හාරිස්පත්තුවගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම චිත්‍රපටය යූ.ඒ. පල්ලියගුරු නිෂ්පාදනය කරනවා. එසේක සහාය අධ්‍යක්ෂණය දිනේෂ් සංජීවත්, නිෂ්පාදන කළමනාකරණය ශර්ලි සමරසිංහත්, කැමරා අධ්‍යක්ෂණය හර්ෂ ආරියවංශත්, කැමරා සහාය කාවින්ද ඩී. සිල්වාත්, සංස්කරණය නිරෝධ වෙරංග පෙරේරාන්, අංග රචනය චතුරිකා සඳමාලින් සිදු කරනවා. ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, රමණි දමයන්ති, සචිත්‍ර කලල්‍යානජිත්, වික්‍රම සෙනෙවිරත්න, ඩිලානි වැලිවිටගොඩ, දිනේෂ් සංජීව, රාමා ක්‍රිෂ්ණා, යගූ ඒකනායක යන අය රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර පෙබරවාරි 14 සිට දිවයින පුරා පිහිටි සිනමාශාලාවලින් ඔබට චිත්‍රපටය නැරඹීමේ හැකියාව පවතිනවා.
 
ෂාමික ජයලත්
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Windya Harispattuwa
කැමරාකරණය
Harsha Ariyawansha
සංස්කරණය
Nirodha Weranga
අංග රචනය
Chathurika Sandamali

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Dinesh Sanjeewa
නිෂ්පාදන කළමනාකරු
Shirly Samarasinghe
සහාය කැමරාකරණය
Kavinda D. Silva
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS