තොරතුරුගීතඡායාරූප
Ganga Addara / ගඟ අද්දර
[ Colour 35 mm ]
චිත්‍රපට අංකය : 443
නිකුත් වූ දිනය : 1980-08-01
60.016877637131
60% |   1185  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Ganga Addara / ගඟ අද්දර
චිත්‍රපට අංකය : 443
නිකුත් වූ දිනය : 1980-08-01
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : 35 mm
වර්ගය : නාට්‍යමය

ප්‍රධාන නළුවා : විජය කුමාරතුංග

ප්‍රධාන නිළිය : වසන්ති චතුරානි

අධ්‍යක්ෂණය : Sumithra Peiris

නිෂ්පාදනය : Milina Sumathipala

පූර්ව ප්‍රචාරක පටය


සම්මාන

   FOR THE FILM


1Best Film
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
2Best Film
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
3Famous Film [2nd]
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Votes : 37,426

   FOR ARTISTS


1Best Director
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
Sumithra Peiris
2Best Script Writer
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
Tissa Abeysekara
3Best Actress
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
වසන්ති චතුරානි
4Best Cameraman - Coloured
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
Donald Karunarathna
5Best Editor
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
Sumithra Peiris
6Best Art Director
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
Hemapala Dharmasena
7Best Director
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Sumithra Peiris
8Best Actress
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
වසන්ති චතුරානි
9Best Cinematographer
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Donald Karunarathna
10Best Editor
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Lal Piyasena
11Best Music Director
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
නිමල් මෙන්ඩිස්
12Best Art Director
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Hemapala Dharmasena
13Best Sound Management
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Nimal Weerakkody
14Best Make-up Artist
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Ebert Wijesinghe
15Best Lyricist
9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
Ogustus Vinayagaratnam
16Best Lyricist
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
Ogustus Vinayagaratnam
17Merit Award
3වන ජනාධිපති සම්මාන උළෙල 1981
ටෝනි රණසිංහ
 
විස්තරය

"රන් ටිකිරි සිනා, මුව මුව පාලා
 
ළං වී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
 
බාලේ බැදිලා, ⁣ආලේ ගෙවලා,
 
නොපෙනී යනවද සුදු නංගී
 
දඟකර සිටලා, ගං තෙ⁣ර හැරලා
 
ගමනක් යනවද සුදු නංගි"
 
ලෙටිෂියා බොතේජු ලියූ නොවැදගත් කථාවක්, සුමිත්‍රා පීරිස්ගේ ඇස ගැටුනේ ඇයිදැයි කියන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට වඩා, මෙයින් සිනමාපටයක් කිරීමට සුමිත්‍රා තැත් කළේ ඇයිද යන්න විමර්ශනය කිරීම මැනවැයි සිතේ.
 
"ගඟ අද්දර" ලෙටිෂියා බොතේජු ලියූ නවකථාවකි. මෙය චිත්‍රපටයකට නැංවේවි යයි ලෙටිෂියා කිසි දිනයක සිතන්නට නැතිව ඇති. එසේ සිතුවේ නම් ඇය මෙය ලියන්නේ එයට උචිත අන්දමටය. නව කථාවක් ලෙස මෙහි ඇති විශේෂත්වයක් නොවූවද, මෙය හොද 'ෆැන්ටැසියක්' යැයි සුමිත්‍රාට සිතෙන්නට ඇත. ඒ 'ෆැන්ටසියෙන්' ලාංකේය සිනමාව 'ග්ලැමර්' කිරීමට හැකි වෙනු ඇතැයි යනුද ඇයට සිතෙන්නට ඇත.
 
ජුවානිස් අතපත්තු මෙම කථාන්තරය තුළ ප්‍රබල චරිතයක් වුයේ, ඔහු ගන්නා අන්තෝමතික තීරණ නිසාය. ඒ තීරණ ජීවිත කීපයක්ම අභාග්‍යට ගෙන ඒමට සමත් වීමෙන් පසක් වන්නේ ජුවානිස් අතපත්තු මෙහි මුඛ්‍ය චරිතය බවය.
 
ලෙටිෂියා බොතේජු ගේ කථාවට අනුව නිර්මලා හා රංජිත් ගේ සබඳතාවය ඇති වන්නේ කුඩා කල පටන්ය. ඔවුන් කෙළිදෙලෙන් ගතවූ ජීවිතය ළමා වියට සීමා වී, ඉන්පසුව එළැඹූ යොවුන් විය හැඟිම් අතරේ අතරමං වන්නට ලෙටිෂියා බොතේජුට වඩා ඉඩ හැරියේ සුමිත්‍රා පීරිස්ය. ලෙටිෂියාගේ පොත තුළ අප නොදුටු සුන්දරත්වයක් සුමිත්‍රාගේ චිත්‍රපටයේ දුටුවෙ ඒ නිසා වන්නට ඇත.
 
"දෑතේ බැඳීලා, ඈතට දුවලා
 
නොපෙනී යනවද සුදු නංගී
 
ඉනිමං නැඟලා, ලස්සන සොයලා
 
ගමනක් යනවද සුදු මල්ලි"
 
නිර්මලා කේඩැරි චරිතයක් බවට බෙහෝ විට පත්වන්නේ ලෙටිෂියාගේ පොතේ නොව, සුමිත්‍රාගේ චිත්‍රපටයේය. මුල සිටම ඇයව අද්භූත චරිතයක් බවට පත් කරන්නට උත්සහා දැරුවාදෝ කියන කුකුස සිතේ ඇති වීම වැලැක්විය නොහැකිය නමුත් නිර්මලා හා රංජිත්ගේ ආත්මීය ආදරය සුන්දරව පෙන්වීමට සුමිත්‍රාට හැකිවීම තුළින් ප්‍රේක්ෂකයාව සොඳුරු ලොවක් කරා ගෙනයෑමට තැත් කිරීම නම් ප්‍රශංසනීයය.
 
ජුවානිස් අතපත්තු ⁣රංජිත්ට අකමැති වීමට හේතුව ඔහු සරලව ජීවත් වෙන වැඩි ආටෝප නැති තරුණයෙක් නිසාමද? එක් අතකින් රංජිත් ජුවානිස් අප්පුහාමිගේ නෑදෑයන් වේ. එලෙසම හොද අධ්‍යාපනයක් ලද තරුණයෙක් විය.
 
නමුත් ඔහුට තිබූ එකම අඩුව ඔහුගේ දුගී බවය. එය තම දියණිය හා විවාහ වීමට ඔහුට තිබුණු විශාලම නුසුදුසු කමකි. ජුවානිස් ඒ දෙස බැලුවේ ඒ අයුරෙනි. ජුවානිස්ට අවශ්‍යය වූයේ තමන්ගෙ තත්වයට සරිලන, නොඑසේ නම් එයටත් වඩා උසස් කෙනෙක් තම එකම දියණිය වු නිර්මලාට ලබා දීමටය.
 
⁣මේවා ඉතාමත් සාමාන්‍ය දේය. හැමදාම සිංහල චිත්‍රපට වල සිදුවන සිදුවීම්ය. එහෙයින් ලෙටිෂියා බොතේජුගේ නව කථාව තුලින් සුවිශේෂිතයැයි යමක් දකින්නට නොලැබුණද, තිස්ස අබේසේකර තම තිරනාටකයේ නම් විශ්මිත යමක් කර තිබුණි. නිර්මලාගෙත් රංජිත්ගෙත් ඒ මෝදු⁣වී එන ආදරය තම වාග්ප්‍රහාරයෙන් නතර කිරීමට හැකිවීම ගැන ජුවානිස් අතපත්තු සතුටු වූවද එහී පල විපාකය විදින්නට වූයේ පසුවය.
 
⁣සනත් ගුණතිලක හා වසන්තී චතුරාණී, ලාංකේය වර්ණ සෙලොලයිඩ් පටයට මොන තරම් ආකර්ෂණීය දැයි ප්‍රථමයෙන් අත්හදා බැලුවේ සුමිත්‍රා පීරිස්මය. කළු සුදු පටය හරහා 'ගැහැණු ළමයි' තුළින් වසන්ති චතුරාණී ලවා මැජික් පෙන්වූ සුමිත්‍රා, මෙවර 'ගඟ අද්ද⁣ර' තුළින් ගෙන ආ 'ග්ලැමර්' එක ⁣ට ප්‍රේක්ෂකයන් ඇඩික්ට් වුයේ කාන්දමක් සේය. වසන්ති චතුරාණී ' ප්‍රොෆෙෂනල් ඇක්ට්‍රස්' කෙනෙක් වූයේ මෙතැන් පටන්ය.
 
නුවර වංශවත් පවුලක එංගලන්තයේ ජිවත්ව ලංකාවට පැමිණි ⁣මැදිවියට ලංවී එන කොබ්බෑකඩුවට, ජුවානිස් අතපත්තු තම අවිහිංසක දියණියව කිසිදු වගේ වගක් නැතිව විවාහ කර දීමෙන් ප්‍රත්‍යක්ෂ වූයේ ජුවානිස් රදළයන්ට තිබූ කෑදර කමය. රදළයන් යනු ලංකාවේ විශේශිතවූ කොට්ටාශයක් යැයි යන පුහු මතය තුළ ජුවානිස් වැනි මිනිසුන් සිටීමත්, ඔවුන් සම්මත වන්නේ ලාංකේය සමාජයේ ඉතාමත් උසස් තලයක ජීවත් වන අමුතුම ජීවින් සමුහයක් යන විකාරවූ මනස්ගාතයක් ලෙස ජුවානිස්ල සිතන්නේ නැත. එවන් මිනිස් පරපුරක් ලංකාවේ ජීවත් වන බව ලෙටිෂියා බොතේජු තම නවකථාව තුළින් නැවත නැවත මතක් කෙරූ සේම, තිස්ස අබේ⁣සේකරද තම තිරනාටකය හරහා එය හොද හැටි උලුප්පා පෙන්වීය.
 
ජුවානිස් විසින් රංජිත්ට පරුෂ ලෙස දොස් පවරා එලවා දැමීමෙන් නිර්මලා ට දැණුනු දැඩි චිත්ත පීඩාව මතට, ඇයව කොබ්බෑකඩුව වැන්නෙකුට විවාහ කරදීම, ඇයට දරා ගැන්මට නොහැකි වූවද, ඇයගේ පියාගේ දරදඬු බව හමුවෙ ඇය මුණිවත රැක්කේ ඇයට කිරීමට වෙන කිසිවක් ඉතිරි නොවූ නිසාමය. එහෙත් රංජිත් වෙනුවෙන් තම හද තුළ ඉපදුනු සොඳුරුතම ආදරය සිහිනෙන් ගෑ සුවඳක් සේ නිර්මලා ගේ හද ගැබෙහී තැන්පත් වී තිබුනි. රංජිත් තුළද එලෙසම එම ආදරය නිදන් ගත වීමට තිබුණද, ජුවානිස්ගේ ⁣පරුෂ වූ දෝෂාරෝපනය හමුවේ ජුවානිස් ගැන ඇතිවූ වෛරය අර ආදරයේ 'පවර්' එක අඩු කළේය.
 
ටෝනි රණසිංහ ජුවානිස්ගේ දඩබ්බර, අහංකාර, නපුරුකම ආරුඨ කර ගත්තා මදි යැයි සිතේ. ඔහු කොතෙක් චරිතයට ආවේණික ලෙස පිප්පුවාට, පිප්පුණේ නැතැයිද සිතේ. ඔහු උපරිම ලෙස ගිරිය පුප්පා කෑගැසුවද එය ප්‍රේක්ෂකයාට දැනුනේ නැත. තරුණ කල අහිංසක රොමැන්ටික් පෙම්වතාගේ චරිතවලට කොටු වුණු ටෝනී රණසිංහ, මුහුකුරා ගිය පසු නපුරු චරිතවලට පණ පොවන විටත්, අර අවිහිංසක හැගීම් සෙවනැල්ලක් සේ මතු වීම වැළැක්විය නොහැකි විය.
 
හදිසියේම එංගලන්තයේ සිට සුදු ජාතික කාන්තාවක් ළමයින් දෙදෙනෙකු සමඟ කොබ්බෑකඩුවගේ නිවසට ඔහුව සොයා පැමිණීමත් ,එම සුදු ළමයි නිර්මලාගේ සැමියා වූ කොබ්බෑකඩුවට 'ඩැඩී' කියා ඇමතීම තුළින් ලෙටිෂියා බොතේජුගේ නව කථාවට වඩා "ත්‍රිලක්" සුමිත්‍රා පීරිස් තම සිනමා පටය තුළින් ලබා දුනි.
 
"ගඟ අද්දර" චිත්‍රපටයේ දෙවැනි හැරවුම පටන් ගත්තේ එතැන් සිටය. රංජිත් සමඟ තිබූ ආදරය හද ගැබ තුළ හිර කර තැබීමත් , තමන්ට කිසිසේත් නොගැලපෙන දර දඬු මිනිසෙකු සමඟ දීග යාමට සිදුවීමත්, එය කෙසේ හෝ දරාගෙන සිටින විට, සුද්දියෙක් හා දරුවන් දෙදෙනෙකු පැමිණ තම සැමියාට උරුමකම් කීමත් මේ අහිංසකාවියට කෙසේවත් ඔරොත්තු දුන්නේ නැත. ඇයට තිබූ එකම විකල්පය වස පානය කර ජීවිතයට සමු දීමය. රෝහලට ඇතුළු කළ පසු ඇයගේ ජීවිතය බේරුණද , මේ සියල්ලම එක පොදියේ දරාගත නොහැකි වූ තැන, ඇය උමතු විය.
 
ලෙටිෂියා බොතේජුගේ චරිත සම්බන්ධීකරණයන් තුළින් නිසි ප්‍රයෝජන ගත්තේ සුමිත්‍රා පීරිස්ය. දොස්තර සරත් පතිරණ මෙම කථාංගයට එක්වූයේ මෙතැන් සිටය. මෙතෙක් ප්‍රධාන පුරුෂ චරිතයක් නොතිබුණු මෙම කථා සාරයට සරත් පතිරණ හරහා ප්‍රධාන චරිතයක් එකතු විය.
 
නිර්මලා මානසික රෝහලේ නේවාසික විය. සාමාන්‍යයෙන් මානසික රෝගීන් කෑ ගසමින්, එක් එක් විකාර දෑ කරමින් සිටියද , නිර්මලා සිට්යේ නිශ්ශබ්දවය. ඇය කිසිවෙක් සමඟ කථා නොකරම සිටියාය. දොස්තර සරත්ට හෝ එහී ප්‍රධාන දොස්තරටද නිර්මලාගෙන් වචනයක් හෝ ගැනීමට නොහැකි විය.
 
දොස්තර සරත් ඇයව ගැඹුරටම අධ්‍යයනය කරන්නට වූ පසු ඇය මෙම තත්වයට ඒමට ඇතිවූ මූලික සිද්ධාන්තයන් ඔහුට සොයා ගැන්මට හැකි විය. දැන් ඇයට අවශ්‍ය වී ඇත්තේ කරුණාව, ආදරය, හා රැකවරණය බව ඔහුට වැටහුනි.
 
විජය කුමාරණතුංගයන්ගේ ආකර්ෂණීය රූපය "ගඟ අද්දර" ට සම්බන්ධ වූයේ මෙතැන් සිටය. ඒ දොස්තර සරත් පතිරණ හරහාය. ඔහුට මෙය තවත් එක් ⁣රොමාන්තික චරිතයක් වූවද, මෙහි පොඩි බරක් තිබුණි. සුපුරුදු විජයගෙන් බැහැරවීමක් ළාවට පෙණුණී. අන් චිත්‍රපටවල මාලනී ෆොන්සේකා සමඟ කැරකි කැරකි කරන ආදරයන් වලට වඩා වෙනස් තරමක් සීරියස් ආදරයකි විජයට මෙහිදී කරන්නට සිදුවූයේ.
 
දොස්තර සරත්, නිර්මලාගේ සිත සුවපත් වන ලෙස සැලකූ නිසාමදෝ නිර්මලා ටිකෙන් ටික කථා කරන්නට විය. නිර්මලාව යළි යථා තත්වයට පත් කිරීමට දොස්තර සරත් ගේ කරුණාව හා ආදරත්වය ඉවහල් වූ අතර ඒ අතරින් දොස්තර සරත් ආදරය තරමක් වැඩි කළේය.
 
මෙම ෆැන්ටැසියේ උච්චතම ස්වරයට පැමිණෙනුයේ නිර්මලා සුව වී තම පියාගේ නිවෙසට ගිය පසුය.
 
ඒ වන විට, ජුවානිස් විසින් පරුෂ වචනයෙන් බැන එළවූ රංජිත් සිටියේ එංගලන්තයේය. නැවත ඔහු ලංකාවට පැමිණි පසු, ජුවානිස් මෙවර නිර්මලාව ඔහුට විවාහ කර දීමට කටයුතු ක⁣රන්නට උත්සහ ගත්තද, රංජිත්ගේ නිවැසියන් ඔහුට වෙන විවාහයක් ලෑස්ති කර තිබුණි. එහෙයින් නිර්මලාව රංජිත්ට විවාහ කර දීමේ තැත ව්‍යර්ථ විය.
 
⁣මේ අතර දොස්තර සරත් පතිරණ නිර්මලාව විවාහ කර ගැනීමේ අදහසින් නිර්මලා ගේ නිවසට පැමිණියද, රෝහලේදී සිදුවු සිදුවීම් පමණක් නොව, දොස්තර සරත් පතිරණවද නිර්මලාට මතකේ තිබුණේ නැත. දොස්තර සරත් නිර්මලාගේ එම මතකය අවධි කරවීමට හැකි හැම උත්සහයක්ම දැරීය.
 
"ගඟ අද්දර මා සිහිල් සෙනෙහී සැඟවී
 
හද සන්තක විය අනුහස් ආසිරි ගී
 
ඔබ හමුවේ මා, මුව ගොළු වූවා
 
මල්සර දුණුවර ළැමැද හොවාලා
 
ඉරනම් පවස නිවා
 
සන්සුන් වූ තරමින් නොසැළෙනවද
 
බාලේ බැදි රන්දම්
 
ඔබ හා ආයේ ආයේ පෑහී,
 
තුෂාර සුසුම් හොවා,
 
චමත්කාරයේ රන්රේඛා
 
අප සැලෙන හදින් දුටුවා"
 
කෙතරම් උත්සාහ කලද දොස්තර සරත්ට ඇයගේ ඒ මතකය යළි ගැනීමට නොහැකි විය. නිර්මලාට අමතක නොවූ එකම දෙය එදා බාලේ සිට බැදී ආ රංජිත්ගේ ආදරය පමණි. ඇය එය සිහිවී රංජිත් සහ ඇය බාල කාලයේ සිට හමුවන සුපුරුදු ගඟ අද්දරට ගියාය. එහිදී ඇයට හැම විටම දැණුනේ, හැම තැනම පෙනුණේ රංජිත්වය. ගං පතුලේ රංජිත් සිටින බවක් ඇයට දැණුනි.ඇය ඒ පතුලේ ඇතැයි සිතූ රංජිත්ව ⁣සොයා ගං පතුලටම ගියාය.
 
ගඟ අද්දර සාමාන්‍ය නව කථාවක් වුවද, එය විශිෂ්ට රචනයක් කළේ තිස්ස අබේසේකරය. එය කාව්‍යයක් කළේ සුමිත්‍රා පීරිස්ය. නමුත් මෙය සදාතනික සුන්දර ගීතයක් කළේ නම් එහී නිර්මලාගේ චරිතය රඟපෑ වසන්ති චතුරාණිය. සුමිත්‍රා ඇය හැසිරුවාද, නැත්නම් ඇය විසින් ඇයවම හසුරුවා ගත්තාද යන්න නම් තෝරා බේරා ගැන්මට නොහැකි විය. මුළු සිනමා පටය පුරාම දැවැන්තවූ රූ ඡායාව වූයේ වසන්ති චතුරාණිය. ඇය මොනම අයුරකින්වත් චරිතය වට්ටා ගත්තේ නැත. ඇය සිටි හැම රූපරාමුවකම ඇය බලවත් ව්ය. විජය කුමාරණතුංග ගේ ආකාර්ෂණයද එයට යට විය. වසන්ති චතුරාණී ඉහළටම ඔසවා තැබීමටත්, විජය කුමාරණතුංග චිත්‍රපට ගායකයෙකු ලෙස දැඩි සේ ස්ථාවර වන්නට 'ගඟ අද්දර' හේතු විය.
 
විජයගේ රූපය, ආකර්ෂණය හා රංගනය අභිබවා ඔහුගේ හඩ ඉස්මතුවූයේ "ගඟ අද්දර" චිත්‍රපටය තුළිනි. "ගඟ අද්දර මා " ගීතය විජයගේ රඟපෑම යටපත් කළේය. ඔහුගේ ඒ ළයාන්විත ගී හඩ හැරෙන්නට ඔහුගේ රඟපෑම ගැන මතකයට නැගෙන්නේ නැත.
 
ටෝනී රණසිංහ, සනත් ගුණතිලක, හෙන්රි ජයසේන, ලීනා ද සිල්වා, ගීතා කුමාරසිංහ, එඩ්මන් විජේසිංහ, ශාන්ති ලේඛා , විජය හා වසන්ති සමඟ "ගඟ අද්දර" ඒකාලෝක කළෝය.
 
කාන්තාවන් තිදෙනෙක් එක්ව කළ ප්‍රථම චිත්‍රපටය යයි එකල ප්‍රාචාරණයේදී භාවිතා කළේ කාන්තා ආකර්ෂණය දිනා ගැන්මට විය හැක. කථා සාරයෙන් ලෙටීෂියා බොතේජුත්, නිෂ්පාදනයෙන් මිලීනා සුමතිපාලත්, අධ්‍යක්ෂණයෙන් සුමිත්‍රා පීරිසුත්, කාන්තාවක් කේන්ද්‍රීය කරගෙන කළ "ගඟ අද්දර" ලාංකේය උසස් යයි සම්මත සමාජය දෝතින්ම පිළිගත් චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකිය.
 
නිමල් මෙන්ඩිස් සංගීතයෙන් හා ඩොනල්ඩ් කරුණාරත්න කැමරාකරණයෙන් නම් 'මැජික්' පෙන්නුවා වගේය. එය එතරම්ම අද්විතීයය. චිත්‍රපටයේ හැම රූප⁣රාමුවකම විචිත්‍රබවක් රැදී තිබුණි. ඒ විචිත්‍රත්වය සුමිත්‍රාටම ආවේනික වූ සුන්දරත්වයකි. තවත් අතකින් "ගඟ අද්දර "පොෂ්" චිත්‍රපටයක් විය. ලංකාවේ ඉංග්‍රීසි කථාකරන සමාජය තුළ මෙය අතීශයින් ජනප්‍රිය විය. නගරයත් ගමත් එකට යා කල චිත්‍රපටයක් ලෙසද 'ගඟ අද්දර' හැඳීන්විය හැකිය.
 
එවර සරසවිය සම්මාන උලෙළේ හොදම චිත්‍රපටය (මිලිනා සුමතිපාල), හොදම අධ්‍යක්ෂණය (සුමිත්‍රා පීරිස්), ⁣හොදම නිළිය (වසන්ති චතුරාණී), සහ හොදම සංගීතය (නිමල් මෙන්ඩිස්) යන සම්මාන ලබා ගත්තේද "ගඟ අද්දර" ය.
 
1980 අගෝස්තු 1වනදා තිරගත කිරීම ආරම්භ කෙරූ "ගඟ අද්ද⁣ර", අතීශයින්ම ජනාදරයට පත් සම්මානනීය චිත්‍රපටයක් විය.
 
"ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
 
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
 
ඔබෙ රුව ඡායා, සැඟවේ පායා"
 
ශෝන් මැක්ස්මස් දිසානායක
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sumithra Peiris
නිෂ්පාදනය
Milina Sumathipala
තිර රචනය
Tissa Abeysekara
කැමරාකරණය
Donald Karunarathna
සංස්කරණය
Gladvin Fernando
කලා අධ්‍යක්ෂණය
Hemapala Dharmasena
ශබ්ද පරිපාලක
ඩොනල්ඩ් අයිවන්
 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS