Lal Piyasena

Lal Piyasena

59.32% · 2,229 votes
Rate this artist

Summary

NameLal Piyasena

Biography

ගඟ අද්දර තිර ගත වන විට අප පාසල් යන වයසේය. ඒ වන විට සිනමාව පිළිබඳ උපන් ආලයෙන් වෙළුණ මා වැන්නන් සරසවිය කියවන්නේ මතු දවසක පුවත්පතට දායක වන්නට සිතා නොවේ. සිනමාව ගැන දැන ගන්නටය. ගඟ අද්දර අපේ කාලයේ විලාසිතාවක් වූයේය.

එය කවර තරමේ ද යත් අපේ ඇතැම් යෙහෙළියක් එහි වසන්ති චතුරාණි රඟ පෑ නිර්මලා අතපත්තුට වසඟ වී එහි විලාසයෙන් කොණ්ඩය කරල් දෙකට ගොතන්නට පුරුදු වූවාය.

නිර්මලා ලෙස අඳීන්නට පුරුදු වූවාය.එපමණක් නොව ඒ වන විට ඈ සිත උපන් කුලුදුල් ආලය ද නිර්මලාගේ මෙන් වියෝවකින් කෙළවර වෙතැයි අනියත බියකින් පෙළුණාය. එවර ගඟ අද්දර සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වනු ඇතැයි අප බලාපොරොත්තු ව ඉෂ්ට ව ගියේය.

එහෙත් එහි කැපී පෙනෙන සිදුවීමක් විය. ඒ ගඟ අද්දර සංස්කරණය පිළිබඳ සම්මානයේ දීය. එහි නිවේදනය කොට තිබුණේ හොඳම සංස්කරණය ලෙස සම්මාන දිනන්නේ සුමිත්‍රා පීරිස් ලෙසය. එහෙත් පසුව පුවත්පත් වල පළවූ අන්දමට එම නිවේදනය සමග පීරිස් මැතිනිය වේදිකාවට ගොඩනැගුණේ තනිවම නොවේ.

තරුණයකු සමගය.සම්මානය තම අතට නොගත් සුමිත්‍රා පීරිස් එය මේ තරුණයාගේ අතට දුන්නාය. ඒ ගඟ අද්දර චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙනි.මේ තරුණයා නමින් ලාල් පියසේනය.

එයින් වසර ගණනාවකට පසු ලාල් පියසේනයන් මට මුල් වරට මුණ ගැසෙන්නේ 1988 වසරේ ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මෙහෙය වන ලද සිනමාකරණ පාඨමාලාවක් හදාරමින් සිටියදී එහි දේශකයකු ලෙසය.එබැවින් ලාල් පියසේනයන් අපට ගුරුවරයකු වූයේය. එයින් පසු කලක තිස්ස අබේසේකරයන් ස්වර්ණ සංඛ පදනම මගින් ඉංග්මාර් බර්ග්මාන් චිත්‍රපට උළෙල සංවිධානය කරන සමය වන විට ලාල් අයියා එහි සංවිධායක වරයකු වූයේය. ඒ මා සරසවියට එක් වූ මුල් දවස්ය. එදවස බර්ග්මාන් උළෙලේ සංවිධාන කටයුතු ස්වර්ණ සංඛ පදනමේ සභාපති සුනිල් ෆොන්සේකාගේ නිවහනේ දී කෙරෙද්දී මේ විද්වත් ඇසුර මුල් වරට ලැබීමේ වාසනාව මට ද උදා විය.ලාල් පියසේන යනු සිනමා සංස්කරණය පිළිබඳ විද්වතෙකි.ඔහු සිනමා සංස්කරණයට පිවිසෙනුයේ සිනමාව පමණක් දැන ගෙන නොවේ. බිතොවන් මොසාට් ආදින්ගේ මහා සංගීත රිද්මයන් ද මහා සාහිත්‍යයන්ගේ ප්‍රතිභාව ද ඔහු දැන උන්නේය. ලෝකයේ මහා සිනමාව ඔහු වටහා ගෙන උන්නේය.

1951 වසරේ උපන් ඔහු යොවුන් වියට පිය මනින විට ජීවත් වූයේ ගංගොඩවිල රබර්වත්ත පෙදෙසේය. එක් පැත්තකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට මායිම් වන මේ පෙදෙස ඒ කාලයේ අලුතින් සිතන තරුණකැලකට මං පාදන පෙදෙසක් වූයේ ඒ අවට ජීවත් වූ ඇතැම් උගතුන් නිසාය.

ලාල් සිය කලා ජීවිතයේ ඇරඹුම සටහන් කළේ එකලය. ඔහු ඒ සමීපයේ ජීවත් වූ තිස්ස අබේසේකරයන් වෙත ගෙන ගියේ එදවස සිය අසල්වාසී ගජ මිතුරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතානන්ය.

තිස්ස අබේසේකරයන් ඔහු ගෙන ගියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතටය.සිනමාව පිළිබඳ ඇති ඇල්ම නිසාම ලාල් කලාපෙළ ටද දායක ව සිටියේය. ලාල් සිනමා සංස්කරණය මුල සිට දැන හඳුනා ගන්නට පටන් ගත්තේ ලෙස්ටර් සෙවණේසිටය.ඒ ඔහු දෑස නිසා චිත්‍රපටය වැඩ අරඹන සමයයි. එහෙත් ලාල්ගේ සංස්කරණ ගුරුවරියවූයේ සුමිත්‍රා පීරිස් ය.සිනමා සංස්කරණයෙහි ඔහු තුළ වූ කුතුහලය පුළුල් එකකි.එය විසදන්නට ඔහු සිය ගුරුවරියගෙන් අනේකවිධ ප්‍රශ්න මාලාවක් ඇසුවාය.එය කෙනකු වෙහෙස කරවන්නක් වුව ද සුමිත්‍රා එහි දි බෙහෝ දෑ කියා දුන්නාය.එහි ප්‍රතිඵලය ගඟ අද්දර හරහා බිහි වූ විශිෂ්ට සිනමා සංස්කරණ ශිල්පියා ය.ලාල් පියසේන චිත්‍රපට සිය ගණනක සංස්කරණය කළේ නැත.එහෙත් ඒ චිත්‍රපට කිහිපය චිත්‍රපට සිය ගණනකට වඩා අගනේය. ඒ අතර සුමිත්‍රා පීරිස්ගේ යහළු යෙහෙළි,මායා,සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා,තිස්ස අබේසේකරයන්ගේ

කරැමක්කාරයෝ , මහගෙදර සහ විරාගය ප්‍රසන්න විතානගේ ගේ අනන්ත රාත්‍රිය සහ පවුරු වළලු ෂෙල්ටන් පයාගලගේ ගොළු මුහුදේ කුණාටුව ෂෙල්ටන් සහ චන්ද්‍රරත්න මාපිටිගමගේ මලට නොඑන බඹරු මේ අතරින් කැපී පෙනෙයි.මේ චිත්‍රපට සංස්කරණයේ දී ලාල් යනු හුදෙක් රූප එකතු කරන්නකු නොවීය.අඳුරු රූප රාමු අතරට ඔහු අලුත් ජීවිතයක් ගෙනාවේය.චිත්‍රපට ක්ෂෙත්‍රයේ කුසලතාපිරි සංස්කරණ ශිල්පියකු වුව ද ඔහු අනිත් අතට නම ගිය ව්‍යාපාරිකයකු විය. එහෙත් මේ ව්‍යාපාරිකයා සෙසු ව්‍යාපාරිකයන්ගෙන් වෙනස් වූයේ ඔහු සමාජ ක්‍රියාකාරීයකු වූ බැවිනි.

සිනමාවේ මෙන්ම සමාජ ජීවිතයේ ද රටේ සෙසු කලා නිර්මාණයන් පිළිබද ව ද ඔහු අවදියෙන් සිටියේය.ඔහු මිය ගිය දින එම දේහයට අවසන් ගෞරව දැක්මට පැමිණි සිටි බහුතරය සිනමා ශිල්පීන් නොවූහ.එයට වඩා සමාජ ස්ථරයේ පුළුල් කතිකාවන් සඳහා ලක් වන විද්වතුන් රැසක් එහි වූහ.

ලාල් පියසේන සැහැල්ලුවෙන් සිටි මිනිසකු විය. ජීවිතය යස ඉසුරින් පිරුණ ද සරල චාම් මිනිසකු විය.

අරුණයා අම්මපා උඹ දන්නාව ද බං.ඒකෙ විස්තර

ලාල් අය්යා ඇතැම් කතාබහක දී අසන්නේ ඔහුටම ආවේණික හිස සෙලවීමක් සමගය.

මේ කතාබහට දැන් නිමාව ඇත්තේය. ලාල් ගේ වියෝවෙන් ඔහුගේ දරු තිදෙනා ද බිරිඳ දීපිකා ද සෝකයට පත් ව සිටිති.එහෙත් ලාල් පියසේන නැති අඩුව බොහෝ කලක දැනෙනු ඇත. ඒ ලාල් යනු අප්‍රමාණ මිනිසකු බැවිනි.

අරුණ ගුණරත්න

sarasaviya

Awards

National Awards

1 Best Editor Anantha Rathriya - 2001 27th Sarasaviya Awards - 2002 - 2002
2 Best Editor Pawru Walalu - 1999 26th OCIC Award Ceremony 2002 - 2002
3 Best Editor Pawru Walalu - 1999 4th Vicharaka Sammana Ulela - FIPRESCT 1998 - 1998
4 Best Editor Anantha Rathriya - 2001 3rd Vicharaka Sammana Ulela - FIPRESCT 1996 - 1996
5 Best Editor Golu Muhude Kunatuva - 1991 19th OCIC Award Ceremony 1992 - 1992
6 Best Editor Sagara Jalaya Madi Handuwa Oba Sanda - 1988 2nd Swarna Sanka Cinema Awards Ceremony 1990 - 1990
7 Best Editor Sagara Jalaya Madi Handuwa Oba Sanda - 1988 17th Sarasaviya Awards - 1989 - 1989
8 Best Editor Sagara Jalaya Madi Handuwa Oba Sanda - 1988 16th OCIC Award Ceremony 1989 - 1989
9 Best Editor Viragaya - 1987 16th Sarasaviya Awards - 1988 - 1988
10 Best Editor [2nd] Viragaya - 1987 15th OCIC Award Ceremony 1988 - 1988
11 Best Editor Viragaya - 1987 1st Swarna Sanka Cinema Awards Ceremony 1988 - 1988
12 Best Editor Maya - 1984 12th OCIC Award Ceremony 1985 - 1985
13 Best Editor Yahalu Yeheli - 1982 11th Sarasaviya Awards - 1983 - 1983
14 Best Editor Mahagedara - 1982 10th OCIC Award Ceremony 1983 - 1983
15 Best Editor Malata Noena Bambaru - 1982 5th Presidential Award 1983 - 1983
16 Best Editor Ganga Addara - 1980 9th Sarasaviya Awards - 1981 - 1981

As a Crew

Cinematographer

#Film NoYearFilm RoleDirector
1 8871999 Pawru Walalu පව්රු වළලු Cinematographer Prasanna Vithanage

Editor

#Film NoYearFilm RoleDirector
1 5221982 Malata Noena Bambaru මලට නොඑන බඹරු Editor Shelton Payagala, Chandrarathna Mapitigama
2 9322001 Anantha Rathriya අනන්ත රාත්‍රිය Editor Prasanna Vithanage

Sound Management

#Film NoYearFilm RoleDirector
1 3751978 Gehenu Lamai ගැහැණු ළමයි Sound Management Sumithra Peiris