සාරාංශයඡායාරූප
Piyadasa Gunasekara
60.28192371476
60% |   1206  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Piyadasa Gunasekara
Piyadasa Gunasekara
සම්මාන

1Best Co Actor
2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965
සුභ සරණ සැප සිතේ
2Special Awards
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
දරු දුක
3Best Supporting Actor
7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
බිනරමලී
4" Deepashika" Apecial Award
4 වන දීපශිකා සම්මාන උළෙල 1974
 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1සිරිසඟබෝ
නළුවා
1952
2සැඩසුලන්
නළුවා
1955
3සූරසේන
නළුවා
1957
4දෙයියන්නේ රටේ
නළුවා
1958
5වනමෝහිනි
නළුවා
1958
6සිහිනය
නළුවා
1959
7දීපශිකා
නළුවා
1963
8සුභ සරණ සැප සිතේ
නළුවා
1964
9හඳපාන
නළුවා
1965
10සාරවිට
නළුවා
1965
11සැඟවෙන සෙවනැල්ල
නළුවා
1966
12කොළඹ හාදයෝ
නළුවා
1966
13මහ රෑ හමු වූ ස්ත්‍රිය
නළුවා
1966
14සැනසුම කොතනද
නළුවා
1966
15ඇතුල්වීම තහනම්
නළුවා
1966
16කපටිකම
නළුවා
1966
17සම්පත
නළුවා
1966
18හතර කේන්දරේ
නළුවා
1967
19සොරුන්ගෙත් සොරු
නළුවා
1967
20දරු දුක
නළුවා
1967
21සැඩොල් කඳුළු
නළුවා
1967
22රෑන ගිරවු
නළුවා
1967
23හිත ගිය තැන
ප්‍රධාන නළුවා
1967
24පිනිබිඳු
නළුවා
1968
25වනසරා
නළුවා
1968
26හැංගි හොරා
නළුවා
1968
27දෙහදක දුක
නළුවා
1968
28හරි මග
නළුවා
1969
29බඩුත් එක්ක හොරු
නළුවා
1969
30බිනරමලී
නළුවා
1969
31පාරා වළලු
නළුවා
1969
32රෝමියෝ ජුලියට් කතාවක්
නළුවා
1969
33නිම් වළල්ල
නළුවා
1970
34දැවෙන පිපාසය
නළුවා
1971
35හාරලක්ෂය
ප්‍රධාන නළුවා
1971
36මා හේනේ රීරි යකා
නළුවා
1971
37හතර වටේ
නළුවා
1972
38වීදුරු ගෙවල්
නළුවා
1972
39වන රාජා
නළුවා
1972
40අපරාධය සහ දඬුවම
නළුවා
1973
41සිහසුන
නළුවා
1974
42කල්‍යාණි ගංගා
නළුවා
1974
43ලසඳා
නළුවා
1974
44ජීවන ගංගා
නළුවා
1974
45ඔබයි මමයි
නළුවා
1975
46සිකුරුලියා
නළුවා
1975
47නෑදෑයෝ
නළුවා
1976
48හරියනකොට ඔහොම තමයි
නළුවා
1977
49හිතුවොත් හිතුවාමයි
නළුවා
1977
50නිලූකා
නළුවා
1977
51සජා
නළුවා
1977
52සිරිපාල හා රන් මැණිකා
නළුවා
1977
53ටොම් පචයා
නළුවා
1977
54වනගත කෙල්ල
නළුවා
1977
55ජනක සහ මංජු
නළුවා
1978
56විශ්මය
නළුවා
1978
57සසර
නළුවා
1978
58හිඟන කොල්ලා
නළුවා
1979
59දිවි තිබෙන තුරු
නළුවා
1979
60රජ කොල්ලෝ
නළුවා
1979
61සුගන්දි
නළුවා
1979
62සව්ජන් ජෙමා
නළුවා
1979
63සීතා
නළුවා
1980
64සසරක පැතුම්
නළුවා
1980
65රජ දවසක්
නළුවා
1980
66මුවන් පැලැස්ස 2
නළුවා
1980
67අජාසත්ත
නළුවා
1981
68සඳා
නළුවා
1982
69රෑ මනමාලි
නළුවා
1982
70සුදු අයියා
නළුවා
1982
71මිස් මල්ලිකා
නළුවා
1982
72මව්බිම නැත්නම් මරණය
නළුවා
1985

ගීත සඳහා දායකත්වය

1සැඩසුලන්
  • ගායනය - පදමට පොල් තෙල්
1955
ජීවදත්ත

 ඩොමී ජයවර්ධන හැරුණු කොට සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දුෂ්්ට නළුවා ලෙස සැලකිය හැක්කේ පියදාස ගුණසේකර යැයි මම සිතමි. ඔහු දෙවැනි වූවා නම් දෙවැනි වූයේ ඇත්ත වශයෙන්ම ඩොමීට පමණකි.

 
පියදාස සිනමාවට ප්‍රවිෂ්ට වූයේ ‘සැඩසුළං’ චිත්‍රපටයෙන් බව බොහෝ දෙනකු අදහස් කරනවා විය හැකිය. එසේ වුවත් ඔහු මියයන්ට වසර තුනකට ඉහතදී (1977 දී) ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදක පාලිත සමරසිංහ සමඟ කළ පිළිසඳරකදී කියා සිටියේ තමා ‘සිරිසඟබෝ’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසුණු බවයි. මේ චිත්‍රපටයේ සුවිශේෂත්වයක් ද තිබිණි. එනම් එහි කතාව හා දෙබස් බෞද්ධ භික්ෂුවක විසින් ලියනු ලැබීමයි. ඒ වතුරේගම සෝමාලංකාර හිමිය.
 
එසේ වුවත් පියදාස නළුවකු ලෙස ප්‍රථම වතාවට කැපී පෙනුණේ ‘සැඩසුළං’ චිත්‍රපටයේ ඇක්මන්ගේ චරිතයෙනි. එය ගණන්කාර චරිතයක් විය. ‘සැඩ සුළං’ විවේචනයට ලක් කළ ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ කියා සිටියේ සිනමාපටයේ හොඳම නළුවා පියදාස බවයි.
 
1915 දී මරදාන මාලිගාකන්දේ උපන් පියදාසගේ සම්පූර්ණ නම වූයේ හිල්ල ලියනගේ දොන් පියදාස ගුණසේකරය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විදුහලෙනි. සිනමාවට එළැඹෙන්නට පෙර ඔහු වේදිකා නාට්‍ය කීපයක රඟපා ඇත. සිරිසේන විමලවීරගේ ‘රොඩී කෙල්ල’, ‘ශ්‍රී සමුද්‍ර දේවි’ වැනි නාට්‍ය ඒ අතර වෙයි.
 
පියදාස තරුණ වියේදී ට්‍රෑම් රථ රියැදුරකු වශයෙන් රැකියාවක නිරත වූ අතර දෙවැනි ලෝක මහා යුද්ධ සමයේදී සෙබළකු ලෙස ද සම්බන්ධ වී කටයුතු කර තිබේ.
 
‘සැඩසුළං’ චිත්‍රපටයෙන් රසික අවධානය පෘථුල ලෙස දිනා ගත් පියදාස ඉන් පසු ‘වනමෝහිනි’ චිත්‍රපටයේ පූසාරිගේ චරිතයෙන් එය තවදුරටත් වර්ධනය කර ගත්තේය.
 
මුලින්ම මේ චරිතය රඟපෑමට යෝජනාවී සිටියේ ලැඩී රණසිංහය. එහෙත් ඒ සඳහා ඔහු අධික මුදලක් ඉල්ලා සිටි බැවින් නිෂ්පාදකවරු ඒ චරිතයට පියදාස යොදා ගත්හ. ‘වනමෝහිනි’ චිත්‍රපටයේ මහාදේවි – මහාදේවි’ යැයි කියමින් පියදාස ඉදිරිපත් කළ රංගනය අදත් පැරණි සිනමා ලෝලයෝ මහත් තෘප්තියකින් යුතුව සිහිපත් කරති.
 
අලියකු විසින් පියදාස පාගා මරා දමනු ලබන අති බිහිසුණු දර්ශනයක් ‘වනමෝහිනි’ චිත්‍රපටයේ එයි. එම දර්ශනය සිනමාහලේ දුටු පියදාසගේ මවට සිහිමුර්ජා වී ඇති අතර ඔහුගේ බිරිය යටි ගිරියෙන් කෑගසා ඇත. එය සිනමාවේ සාමාජික ප්‍රතික්‍රියා විග්‍රහ කළ හැකි මාහැඟි නිදර්ශනයක් වන්නේය. ඩොමී, පියදාස වැනි නළුවන් මොන තරම් දක්ෂ ලෙස (තාත්වික ලෙස) දුෂ්ට චරිතවලට භාවාත්මකව සමවැදුණේ ද කිවහොත් බොහෝ සිනමා රසිකයන් සැබෑ ජීවිතයේදී පවා ඔවුන් දුටු විට පිළිකුල් සහගත දෘෂ්ටියක් හෙළා ඇත.
 
පියදාස හැටේ දශකයේදී ‘හඳපාන’, ‘සාරවිට’, ‘සැනසුම කොතැනද’, ‘සොරුන්ගෙත් සොරු’, ‘රෑන ගිරව්’, ‘කපටිකම’ ‘බඩුත් එක්ක හොරු’ වැනි චිත්‍රපටවල ද රඟපෑවේය. එයින් ‘සැනසුම කොතැන ද’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ අහිංසක චරිතයක් විම විශේෂත්වයකි. මාටින් නම් වූ එම චරිතය දොස්තර රාජා (ගාමිණී ෆොන්සේකා) රෝද පුටුවට වැටුණු පසු ඔහුට සත්කාර කරන්නෙකි. පියදාස කැපී පෙනෙන චරිතයක් රඟපෑ සිනමා පටයක් වූයේ ‘බිනරමලී’ය. එහි වෙඩික්කාරයා වූයේ ඔහුය. මෙහි ආරච්චිල ලෙස රඟපෑවේ ඩී. ආර්. නානායක්කාරය. පියදාස, ඩී. ආර්. දෙදෙනාම දක්ෂ චරිතාංග නළුවෝ වූහ. ‘බිනරමලී’ ඔවුන් දෙදෙනා කරට කර රඟපෑ චිත්‍රපටයකි.
 
මෙහි රඟපෑම් සඳහා පියදාස 1970 ‘සරසවිය’ සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවා වශයෙන් සම්මාන ලැබුවේය.
 
සිය සිනමා රංග කලා ජීවිතයේ පියදාස ඉදිරිපත් කළ අති විශිෂ්ට චරිතාංග නිරූපණය වන්නේ ‘හාරලක්සේ’ චිත්‍රපටයේ ජේම්ස් සෙනෙවිරත්න ලෙස කළ රංගනයයි. හාරලක්සේ මංකොල්ලයේ ප්‍රධාන සැලසුම්කරුවා වූයේ ජේම්ස් සෙනෙවිරත්නය. පියදාස මේ චරිතයේ සූක්ෂ්මතා මැනවින් වටහාගෙන එය ප්‍රබල ලෙස ජීවමාන කළේය.
 
නළුවකුගේ හෝ නිළියකගේ ප්‍රධාන කැන්වසය තම මුහුණයි. ඔවුන් චතුර්විධ අභින දක්වන්නේ ප්‍රධාන වශයෙන්ම මුහුණ උපයෝගී කරගෙනය. ඕනෑම ආකාරයකට හැඟීම් ප්‍රකාශ කළ හැකි මුහුණක් සතුව තිබීම පියදාසගේ අති සුවිශේෂත්වයක් විය. එය වඩාත් වැදගත් වූයේ එය ආයාසයකින් කළ යුතු දෙයක් නොවීමයි.
 
චිත්‍රපට කීපයකම (විශේෂයෙන් ‘වනමෝහිනි’, ‘බිනරමලි’, ‘හාරලක්සේ’ හා ‘මාහේනේ රීරි යකා’) පියදාස ත්‍රාසජනක අවස්ථාවන්ට මුහුණ දෙමින් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි.
 
ඩී. ආර්. නානායක්කාර, ඩොමී ජයවර්ධන, හර්බට් අමරවික්‍රම, සම්පත් ශ්‍රී නන්දලෝචන වැනි නළුවන්ගෙන් මෙන්ම පියදාසගෙන් ද රංගන හැකියාව ප්‍රබල ලෙස මතු කර ගත් අධ්‍යක්ෂවරයකු වූයේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔහුගේ ‘සැනසුම කොතැනද’, ‘ළසඳා’ (සිල්වා) හා ‘හිඟන කොල්ලා’ (පේදරු) වැනි චිත්‍රපටවල පියදාසගේ මාහැඟි රඟපෑම් දක්නට ලැබේ.
 
‘බිනරමලී’ චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් ලැබූ හොඳම සහාය නළුවා සඳහා වන සම්මානය හැරුණු කොට පියදාස තවත් සම්මාන දෙකකට හිමිකම් කියා ඇත. ඒ 1965 වසරේ පැවති එක්සත් ලංකා රසික සංගමයේ සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා (‘සුබසරණ සැප සිතේ’ චිත්‍රපටය වෙනුවෙන්) සහ 1974 දීපශිඛා සම්මාන උළෙලේ විශේෂ බහුමාන සම්මානයයි.
 
පියදාස විදෙස් චිත්‍රපට කීපයක ද රඟපා ඇත. ‘එලිපන්ට් බෝයි’ චිත්‍රපටය එවැන්නකි.
 
එසේම ඔහු ‘පර්පල් ප්ලේන්’, ‘එලිපන්ට් වෝක්’, ‘ස්ටාර් ඕවර් කලම්බු’ වැනි විදෙස් සිනමාපටවලට ද නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී ඇත.
 
1980 දී පියදාස මෙලොව හැර ගියේය. බොරැල්ල කනත්තේදී සිදු කළ ඔහුගේ් අවමඟුල් උළෙලේදී කතා කළ ප්‍රකට සාහිත්‍යධරයකු හා දේශපාලනඥයකු වූ ටී. බී. ඉලංගරත්න මහතා, පියදාස ජන හදවත් දිනූ ශ්‍රේ්ෂ්ඨ කලාකරුවකු බව කියා සිටියේය.
 
- සුනිල් මිහිඳුකුල
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS