සාරාංශයඡායාරූපඥාති සබඳකම
Shanthi Lekha
ශාන්ති ලේඛා
1929 - 2009
59.166087560806
59% |   1439  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Shanthi Lekha ශාන්ති ලේඛා
Shanthi Lekha
  • උපන්දිනය : 1929 July 01
  • විපත : 2009 March 11
  •  
    සම්මාන

    1 Special Awards

    5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
    ඉපදුනේ ඇයි

    2 Best Co Actress

    3වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1968
    පරසතු මල්

    3 Best Supporting Actress

    7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
    බිනරමලී

    4 " Deepashika" Apecial Award

    4 වන දීපශිකා සම්මාන උළෙල 1974

    5 Best Supporting Actress

    1වන ජනාධිපති සම්මාන උළෙල 1979
    සසර

    6 Best Supporting Actress

    9 වැනි සරසවිය සම්මාන උළෙල - 1981
    මයුරිගේ කතාව

    7 Merit Award

    5වන ජනාධිපති සම්මාන උළෙල 1983
    රිදී නිම්නය

    8 "Swarna Jayanthi" Award

    11වන ජනාධිපති සම්මාන උළෙල 1997
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1සුජාතා
    නිළිය
    1953
    2වරද කාගේද
    නිළිය
    1954
    3රදල පිළිරුව
    නිළිය
    1954
    4දොස්තර
    නිළිය
    1956
    5ජීවිත සටන
    නිළිය
    1957
    6සල්ලි මල්ලි සල්ලි
    ප්‍රධාන නිළිය
    1958
    7සංදේශය
    නිළිය
    1960
    8ගම්පෙරලිය
    නිළිය
    1963
    9සුභ සරණ සැප සිතේ
    නිළිය
    1964
    10සැපත සොයා
    නිළිය
    1965
    11අල්ලපු ගෙදර
    නිළිය
    1965
    12සීතල වතුර
    නිළිය
    1966
    13දෙලොවක් අතර
    නිළිය
    1966
    14පරසතු මල්
    නිළිය
    1966
    15ඔබ දුටු දා
    නිළිය
    1966
    16සැනසිලි සුවය
    නිළිය
    1966
    17රන්සළු
    නිළිය
    1967
    18සරුබිම
    නිළිය
    1967
    19වසන්ති
    නිළිය
    1967
    20රන්රස
    නිළිය
    1967
    21ඉපදුනේ ඇයි
    නිළිය
    1967
    22රෑන ගිරවු
    නිළිය
    1967
    23ඔක්කොම හරි
    නිළිය
    1967
    24සූර චව්රයා
    නිළිය
    1967
    25පිනිබිඳු
    නිළිය
    1968
    26දෙහදක දුක
    නිළිය
    1968
    27අටවැනි පුදුමය
    නිළිය
    1968
    28නාරිලතා
    නිළිය
    1969
    29කව්ද හරි
    නිළිය
    1969
    30බිනරමලී
    නිළිය
    1969
    31උතුම් ස්ත්‍රි
    නිළිය
    1969
    32අක්කර පහ
    නිළිය
    1970
    33ආත්ම පූජා
    නිළිය
    1970
    34තෙවන
    නිළිය
    1970
    35පේනවා නේද
    නිළිය
    1970
    36තුන්මන් හන්දිය
    නිළිය
    1970
    37පූජිතයෝ
    නිළිය
    1971
    38දැවෙන පිපාසය
    නිළිය
    1971
    39සීයේ නෝට්ටුව
    නිළිය
    1971
    40සමනල කුමරියෝ
    නිළිය
    1971
    41නිධානය
    නිළිය
    1972
    42සහනය
    නිළිය
    1972
    43එදත් සූරයා අදත් සූරයා
    නිළිය
    1972
    44හිතක පිපුණු මල්
    නිළිය
    1972
    45ඉහත ආත්මය
    නිළිය
    1972
    46අපරාධය සහ දඬුවම
    නිළිය
    1973
    47තුෂාරා
    නිළිය
    1973
    48හොඳම වෙලාව
    නිළිය
    1973
    49හොඳට හොඳයි
    නිළිය
    1973
    50අහස් ගව්ව
    නිළිය
    1974
    51හදවත් නැත්තෝ
    නිළිය
    1974
    52ඔන්න බබෝ බිල්ලෝ එනවා
    නිළිය
    1974
    53චන්ඩි පුතා
    නිළිය
    1974
    54දුප්පතාගේ හිතවතා
    නිළිය
    1974
    55ලසඳා
    නිළිය
    1974
    56සැණකෙළිය
    නිළිය
    1974
    57හිත හොඳ මිනිහෙක්
    නිළිය
    1975
    58ඔබයි මමයි
    නිළිය
    1975
    59කොහොම කියන්නද
    නිළිය
    1975
    60අමරණීය ආදරේ
    නිළිය
    1975
    61ලස්සන කෙල්ල
    නිළිය
    1975
    62කෝකිලයෝ
    නිළිය
    1975
    63සිකුරුලියා
    නිළිය
    1975
    64සංගීතා
    නිළිය
    1975
    65නයනා
    නිළිය
    1976
    66කව්ද රජා
    නිළිය
    1976
    67මඩොල් දූව
    නිළිය
    1976
    68වල්මත් වුවෝ
    නිළිය
    1976
    69ගංගා
    නිළිය
    1976
    70කොළඹ සන්නිය
    නිළිය
    1976
    71ආශා
    නිළිය
    1976
    72හරියට හරි
    නිළිය
    1976
    73ඔන්න මාමේ කෙල්ල පැනපි
    නිළිය
    1976
    74සරදියෙල්ගේ පුතා
    නිළිය
    1976
    75ආදරෙයි මං ආදරෙයි
    නිළිය
    1976
    76රන් තිලකා
    නිළිය
    1976
    77නීලා
    නිළිය
    1977
    78සකුන්තලා
    නිළිය
    1977
    79සුදු පරවියෝ
    නිළිය
    1977
    80හිතුවොත් හිතුවාමයි
    නිළිය
    1977
    81පෙම්බර මදූ
    නිළිය
    1977
    82දෙවියනි ඔබ කොහිද
    නිළිය
    1977
    83එයා දැන් ලොකු ළමයෙක්
    නිළිය
    1977
    84චින් චින් නෝනා
    නිළිය
    1977
    85සිරිපාල හා රන් මැණිකා
    නිළිය
    1977
    86ඇගේ ආදර කතාව
    නිළිය
    1977
    87යකඩයා
    නිළිය
    1977
    88සිතක සුවඳ
    නිළිය
    1978
    89ජනක සහ මංජු
    නිළිය
    1978
    90මගේ රන් පුතා
    නිළිය
    1978
    91විශ්මය
    නිළිය
    1978
    92හිත මිතුරා
    නිළිය
    1978
    93ටිකිරා
    නිළිය
    1978
    94සැලි
    නිළිය
    1978
    95අප්සරා
    නිළිය
    1978
    96සසර
    නිළිය
    1978
    97අහසින් පොලවට
    නිළිය
    1978
    98සරුංගලය
    නිළිය
    1979
    99අමල් බිසෝ
    නිළිය
    1979
    100රාන් කුරුල්ලෝ
    නිළිය
    1979
    101සව්ජන් ජෙමා
    නිළිය
    1979
    102සුභානි
    නිළිය
    1979
    103සුභානි
    නිළිය
    1979
    104විසිහතර පැය
    නිළිය
    1979
    105උතුමාණෙනි
    නිළිය
    1980
    106එක්ටැම් ගේ
    නිළිය
    1980
    107ඩොක්ට සුසන්තා
    නිළිය
    1980
    108සසරක පැතුම්
    නිළිය
    1980
    109පරිත්‍යාගය
    නිළිය
    1980
    110ගඟ අද්දර
    නිළිය
    1980
    111රජ දවසක්
    නිළිය
    1980
    112සන්කපාලි
    නිළිය
    1980
    113අපි දෙදෙනා
    නිළිය
    1980
    114මයුරිගේ කතාව
    නිළිය
    1980
    115තවලම
    නිළිය
    1981
    116රංගා
    නිළිය
    1981
    117සයුරු තෙර
    නිළිය
    1981
    118වජිරා
    නිළිය
    1981
    119සාගරයක් මැද
    නළුවා
    1981
    120බාදුරා මල්
    නිළිය
    1981
    121චංචල රේඛා
    නිළිය
    1981
    122රෑ මනමාලි
    නිළිය
    1982
    123සක්විති සුවය
    නිළිය
    1982
    124සුදු අයියා
    නිළිය
    1982
    125රිදී නිම්නය
    නිළිය
    1982
    126ප්‍රදීපා
    නිළිය
    1982
    127සිතාරා
    නිළිය
    1982
    128තක්කිට තරිකිට
    නළුවා
    1982
    129චතු මධුර
    නිළිය
    1982
    130යලි පුපුනු මලක්
    නිළිය
    1983
    131සිව් රඟ සේනා
    නිළිය
    1983
    132චුට්ටේ
    නිළිය
    1983
    133ඈතින් ඈතට
    නිළිය
    1983
    134තුත්තිරි මල්
    නිළිය
    1983
    135පසමිතුරෝ
    නිළිය
    1983
    136හිතවතිය
    නිළිය
    1984
    137කෝකිලා
    නිළිය
    1984
    138සසර චේතනා
    නිළිය
    1984
    139රණ දෙරණ
    නිළිය
    1984
    140පුතුනි මට සමාවෙන්න
    නිළිය
    1985
    141දූ දරුවෝ
    නිළිය
    1985
    142යලි හමුවෙන්නයි
    නිළිය
    1986
    143දෙව්දුව
    නිළිය
    1986
    144පූජා
    නිළිය
    1986
    145යුගයෙන් යුගයට
    නිළිය
    1987
    146කැලැ කෙල්ල
    නිළිය
    1987
    147කෝ හතුරෝ
    නිළිය
    1988
    148ජය කොතනද
    නිළිය
    1990
    149පාලම යට
    නිළිය
    1990
    150පාරාදීසය
    නිළිය
    1991
    151සලඹක් හඬයි
    නිළිය
    1991
    152ඇය ඔබට බාරයි
    නිළිය
    1998
    153සුරගන යහන
    නිළිය
    1999
    ජීවදත්ත

    හැත්තෑව දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යයි කිවහොත් නිවැරැදි යයි සිතමි. කලාත්මක චිත්‍රපට මෙන්ම ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළ චිත්‍රපට රැසක්ම බිහිවූයේ මේ කාලයේදීය. 

    එ නිසාම සිනමා නළු නිළියන්ට ජනතා ආකර්ෂණයෙන්ද අඩුවක් නොවීය. 

    එකල සිංහල චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වෙද්දී විශේෂයෙන්ම රීගල් සිනමා හල හා ලිබර්ටි යන සිනමාහල් අසල වෙනමම පිරිසක් වූහ. ඒ මංගල දර්ශනයට සහභාගීවන නළුනිළියන් දැක ගැනීමටය.   අදද ඉන්දියාවේ නළු නිළියන් සහභාගි වන මංගල, අවමංගල උත්සව හැම එකකටම නළුනිළියන් දැක ගැනීමට පිරිස රොක් වෙති. සෙනඟ හසුරුවන්නට වෙනමම පොලිස් නිලධාරින් යොදවති. ඉන්දියාවේ තවමත් එසේමය. 

    ඇතැම් විටෙක සිනමාහල පිටත සිටින මේ ​සිංහල ප්‍රේක්ෂකයන් නිසා නළුනිළියන්ට එකල සිනමාහලට ඇතුළුවීමට අපහසු වූ අවස්ථාද ඇති නොවූවා නොවේ. සිනමාවේ මේ ආකර්ෂණය නිසා නළුනිළි හා චිත්‍රපට තොරතුරු රැගත් සිනමා සඟරා, පුවත්පත් වලටද ඡායාරූප වලටද විශාල ඉල්ලුමක් තිබුණේය. ඇතැම් සිනමා පුවත්පතක තමන් කැමැති සිනමා නළුවකුගේ හෝ නිළියකගේ ඡායාරූපයක් තිබූ පමණින් එය අලෙවි කර ගැනීමට පහසු විය.

    මේ කාලයේ ලංකාවේ සිනමා තාරකා හැම කෙනෙකුම වාගේ එකට එක් කරන අවුරුද්දේ අග එනම් දෙසැම්බර් 31 වැනිදා අපූරු සාදයක් තිබුණේය.   

    මේ සාදයේ ඡායාරූප තොරතුරු පිටු ගණන් එකල සිනමා පත්තරවල පළවිය. සංගීතය රැඟුම් ආදියෙන් පිරුණු ඒ ආකර්ෂණීය සාදය හැම අවුරුද්දකම සංවිධානය කළේ එකල හැම චිත්‍රපටයකින්ම වාගේ මවගේ චරිතයෙන් අප දුටු ශාන්ති ලේඛාය. ඇය එකල සිනමාවේ සිටි සැම සිනමා නළුවකුගේම නිළියකගේම මව ලෙස රුඟපෑවා යයි සිතමි. ශාන්ති ලේඛාට තම චරිතය රඟපාන්නට එම චිත්‍රපටය කලාත්මක දැයි වාණිජ දැයි ප්‍රශ්නයක් නොවීය. මේ කොයි චිත්‍රපටයේ රඟපෑවත් ඇය දුප්පත් ගැමි මවගේ චරිතයට ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නා ආකාරයෙන් රඟපෑවාය.  

    ඇය මවගේ චරිතය කොතරම් චිත්‍රපට ගණනක රඟපෑවාද කියතොත් වරක් මා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මට දැන් අම්මලාගේ චරිතය තිත්තවෙලා කියාය.   

    “මට මේ අම්මගේ චරිතේ ඒකාකාරියි හැමදාම අම්මා. මේ ක්‍රමය හරි වැරදියි. ඒ වගේම හරිම අවාසියි. සිනමාව පැත්තෙන් බැලුවත් නිළියකගේ පැත්තෙන් බැලුවත් මෙය විශාල අඩුවක්. නිළියක් වුණාම විවිධ චරිත රඟපාන්නට තිබිය යුතුයි. එවිටයි නිළියකගේ දුර්වලකම් වගේම දක්ෂකම් බලාගත හැක්කේ. අපි හරි ආසයි විවිධ චරිත රඟපාන්න. එ්ත් ලැබෙන අවස්ථා අඩුයි” ශාන්ති ලේඛා එදා මා සමඟ කීවාය.   ශාන්ති ලේඛා සිහිපත්වන විට හැම විටෙකම ඇයට එපාවූ අහිංසක අම්මාගේ චරිතයද සිහිපත් වෙයි.   එහෙත් ඇය සැබෑ ජීවිතයේදී ඇඳුම් පැළඳුම් තෝරා ගත්තේ හැසිරුනේ බටහිර පන්නයටය. ඇය මුහුරත් උත්සව ආදී අවස්ථාවලට සහභාගී වූයේ කොණ්ඩය කෙටිවන්නට සකස් කර කලිසමකින් සැරසී බටහිර පන්නයටය. ඇය බොහෝ විටෙක කතා කළේ ඉංග්‍රීසියෙනි. එකල බොහෝ නළු නිළියන් මෙන්ම ශාන්ති ලේඛා ද චතුර ලෙස ඉංග්‍රීසි කතා කළාය. 

    සැබෑ ජීවිතයේ බටහිර පන්නයට හැඩ ගැසුණු ඇය හැත්තෑව දශකයේදී අවුරුදු ගණනාවකම 31 වැනිදා රාත්‍රිය රඟමින් ගයමින් ගත කළාය. දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී සාදය එක්වරම නැවතුනේ රුක්මනී දේවියගේ හදිසි අභාවයත් සමගමය. ඇය රුක්මනී වෙනුවෙන් බෙහෙවින් ශෝක වූවාය. 1978 ඔක්තෝබර් 28 වැනිදා සඳුදා ඒ රිය අනතුර බොහෝ දෙනකු කම්පාවට ලක්වූ සිදුවීමක් විය. අවුරුද්ද අන්තිම පාටියට වඩාත්ම සහයෝගයක් දක්වන්නේ ඩේසි අක්කායි. එයා මිය යන්නට දින කීපයකට ඉස්සර මට ටෙලිෆෝක් කළා.   

    “අනේ කෙල්ලේ අපි මේ පාරත් ඩාන්සින් නයිට් එක හොඳට කරමු. ජීවත්ව ඉන්න ටිකටනේ මේ ඔක්කොම දේවල්.”   “ඒත් මේ ගමන පාටිය කරන්නේ නෑ. අවුරුදු ගණනාවක්ම හැම දෙසැම්බර් 31 වැනිදාම අපි එක්ක විනෝද වුණ ඩේසි අක්කා නැති පාටියකින් වැඩක් තියෙනවාද?” ඇය රුක්මනී දේවියගේ වියෝව ගැන කම්පාවෙන් යුතුව ප්‍රකාශ කළාය. එයින් පසුව මේ සාදය පැවැත්වුණා දැයි මතකයක් නැත.   

    බටහිර පන්නයට හැඩ ගැසුනු ඉංග්‍රීසි කතා කරන මේ දුප්පත් අම්මාගේ මුල් නාමය රීටා අයිරින් කොයිස්ය. ශාන්ති ලේඛා ලෙස ඇගේ නම වෙනස් කළේ ශාන්ති විරාජ් විසිනි. ඇය එකල නැටුම් ශිල්පිනියක වූවාය.   ඇය මුලින්ම ඩී.ටී. ප්‍රනාන්දුගේ නාට්‍යයක් වූ ශාන්ත ප්‍රභාහි රඟපෑවාය. ඇය ඩොමී ජයවර්ධන, නෝනා සුබෙයිදා ආදීන් සමඟ නැටුම් ශිල්පිනියක ලෙස කටයුතු කළාය.   1929 ජුලි 1 වැනිදා කළුතරදී උපන් ශාන්ති ලේඛා කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේදී අධ්‍යාපනය හැදෑරුවාය.  

    රුක්මනී දේවිය මුලින්ම හමුවූ දවස ඇය වරක් සිහිපත් කළේ මෙලෙසිනි.   

    “එක්දාස් නවසිය හතළිස් ගණන්වලදී කොළඹ ටවුන් හෝල් එකේ සන්දර්ශනයක් පැවැත්වුණා. ඒකට සින්දු කියන්න එඩී, රුක්මනී වගේම තිලකසිරි ප්‍රනාන්දු ආවා. මම ආවේ ශාන්ති විරාජ් සමග නැටුම් ජවනිකාවක් ඉදිරිපත් කරන්නයි.   

    ඒ කාලේ ජනප්‍රියත්වයෙන් ඉහළම සිටි ඩේසි අක්කා මට මුලින්ම මුණ ගැහුනේ එදායි. ඇත්තටම ඩේසි අක්කා මොන තරම් නිහතමානීද. ඊට කාලයකට පස්සේ ‘දොස්තර’ චිත්‍රපටයේ රඟපාද්දි අපි ආයෙමත් එකට මුණ ගැහුනා. අපි දෙන්නා ඊට පස්සේ චිත්‍රපට සිය ගණනක එකට රඟපාන්න ඇති.”
    වයස අවුරුදු 14 ක් තරම කාලයේදී වේදිකාවට සම්බන්ධ වූ ඇය 1953 දි ප්‍රථම වරට “සුජාතා” හි රඟපෑවාය. ඒ ඩොමී ජයවර්ධන සමගය. එය බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපටයක් වූවා සේම ශාන්ති ලේඛා රඟපෑ චරිතය ද වඩාත් කතාබහට ලක්විය.   

    ඒ සිංහල චිත්‍රපටවල නිළියන් බටහිර පන්නයට නාන ඇඳුමින් සැරසී රඟපාන යුගයක් නොවේ. එහෙත් ඇය ඩොමී ජයවර්ධන සමඟ අද ද ඇසෙන “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය මුහුදු වෙරළක දර්ශනවලදී ගායනා කළේ කෙටි නාන ඇඳුමකින් සැරසීගෙනය. මෙය එකල සමාජයේ හැටියට ආන්දෝලනාත්මක රඟපෑමකි. එම රඟපෑමෙන් පසුව චිත්‍රපට ගණනාවක රඟපෑ ශාන්ති ලේඛාට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සන්දේශය” චිත්‍රපටයේ ලැබුණේ අපූරු චරිතයකි. ඊට හේතුව වූයේ එහි ඉතිරිව තිබුණේ එම චරිතය පමණක් වීමය.   

    තරුණ වියේදීම සන්දේශය චිත්‍රපටයේ ඇයට රඟපාන්නට ලැබුණේ මහලු ගැහැනියකගේ චරිතයයි. ඇය ඒ අභියෝගය බාර ගනිමින් රඟපෑවාය.   

    “සන්දේශය චිත්‍රපටයේ මම ඒ චරිතය රඟපෑවේ ලොකු ආශාවකින්. ඒ චිත්‍රපටය ලොකු වෙනසක් කළා. ඒ වගේම ලෙස්ටර් යටතේ රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක් වුණා.”   
    එතැන් සිට අපට බොහෝ විට ඇය දකින්නට ලැබුණේ මවගේ චරිතයෙනි.   

    ලෙස්ටර්ගේ ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටයක් වූ “ගම්පෙරලියේ” ඇය මාතර හාමිනේ ලෙස ඩේවිඩ් ධර්මකීර්ති සමග රඟපෑ චරිතය අපට කිසි දිනක අමතක නොවනු ඇත. වාණිජ චිත්‍රපටවල රඟපාමින් සිනමාවට අවතීර්ණ වන ඇය චරිතයක් සියුම්ව නිරූපණය කිරීමට කොතරම් සමත්දැයි “මාතර හාමිනේ” චරිතය නැරඹූ විට සිහිපත් වෙයි.   

    “දෙවියනි ඔබ කොහිද? චිත්‍රපටයේ මම කටකාර අම්මණ්ඩි කෙනෙක් හැටියට රඟ පෑ චරිතයට හරිම කැමතියි. ඒ චරිතය මට අමුත්තක්. මගේ කට වාචාල කම නිසා මුළු ගමක්ම ගිනි ගන්නවා. මගේ බොරු කේලාම් නිසා පල්ලියේ ස්වාමි දුක් කරදරවලට ලක්වෙනවා. තරුණු ජෝඩුවක් විවිධ වධවලට ලක්වී නින්දා විඳිනවා. මුළු ගමක්ම ශාපයක් වැදිලා වගේ ලෙඩ වෙනවා. මමත් අන්තිමට ලෙඩ වෙනවා. මේ චරිතය හරිම අමුතුයි.”   

    “සරුංගලේ” හා “සසර” චිත්‍රපටයේ චරිත වලටද ඇය කැමති බව එදා කීවාය.   
    “මම ‘සසර’ චිත්‍රපටයේ රඟපෑවේ ලන්සි ගැහැනියක් හැටියටයි” ඇය එදා කීවාය. 

    ශාන්ති ලේඛා වේෂ නිරූපන ශිල්පිනියක ද වෙයි. ඇය මුලින්ම හැඳල විජය චිත්‍රාගාරයට සම්බන්ධ වී ඇත්තේ වේෂ නිරූපණ ශිල්පිනියක ලෙසය.   

    “මම දීර්ඝ කාලයක් විජය ස්ටුඩියෝ එකේ මේක් අප් ආටිස්ට් කෙනෙක් හැටියට වැඩ කළා. මට චිත්‍රපට දෙක තුනක මේකප් කරන්න ලැබුණා. එ්ත් ඒ ගැන මම උනන්දුවක් දැක්වුවේ නැත්තේ ඒ ජොබ් එකට කට්ටිය ඉන්න නිසා ඒ වැඩේට අත ගහන එක හරි නෑ කියලා හිතුනා” ඇය සම්මුඛ සාකච්ඡාවකදී කීවාය.   

    හැත්තෑ ගණන්වලදී විජය චිත්‍රාගාරයට යන එන බොහෝ අවස්ථාවලදී ශාන්ති ලේඛා එහි සිටිනු දකින්නට ලැබිණ. එක අතකින් එය අපට පුදුමයක් විය. බොහෝ විටෙක එකල හැදල විජය චිත්‍රාගාරය සිනමාවේ විවිධ ශිල්පීන් එකතු කරන ස්ථානයක් මෙන් විය.   

    එක් තැනෙක දෙබස් කැවීම්ය. තවත් තැනෙක සංස්කරණ කටයුතුය. තවත් තැනෙක රූ ගත කිරීම්ය. තවත් විටෙක චිත්‍රපටයක පූර්ව දර්ශනයකි. මේ නිසා නළුනිළියන් සංස්කරණ ශිල්පීන් නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් ආදී සිනමාවට සම්බන්ධ බොහෝ පිරිස් හමුවීමට විජය චිත්‍රාගාරය කදිම තැනක් විය.   
    සිනමාව පිළිබඳ පුවත් සොයන්නටත් විවිධ සිනමා ශිල්පීන් හමුවන්නටත් සිනමාවේ කාර්මික පැත්ත ගැන ඉගෙනීමටත් එකල බොහෝ විට අප ගියේ විජය චිත්‍රාගාරයටය. එහිදී ශාන්ති ලේඛා සමග වචනයක් දෙකක් කතා කරන්නට අපි අමතක නොකළෙමු.   

    ඒ කාලයේදීම විජය චිත්‍රාගාරයේ තවත් කාමරයක හිටියේ එඩී ජයමාන්නය. ඔහුද කාලයකදී විජය චිත්‍රාගාරයේ තනතුරක් හෙබවූවේය. ඉංග්‍රීසි නවකතාවක් ඇතැතිව නිතරම සිටින එඩී විටෙක ශාන්ති සමග කතා කරමින් පසුවිය.  

    ශාන්ති ලේඛා නම් දක්ෂතාවෙන් පිරි මේ රංගන ශිල්පිනිය හොඳම සහාය නිළිය ලෙස ද සම්මාන ලබා ඇත.  ඇය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණ කළ ‘පරසතු මල්’ චිත්‍රපටයේ හොඳම සහාය නිළිය ලෙස සරසවි සම්මානයෙන් ද, බිනරමලී, මායුරිගේ කතාව හා රිදී නිම්නය යන චිත්‍රපට වෙනුවෙන් ඇය ජනාධිපති සම්මාන දිනා ඇත. 

    ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගන ශිල්පියා බෙහෙවින් ප්‍රිය කළ රංගන ශිල්පිනියන් අතර ශාන්ති ලේඛා ද මුල් තැනක් ගනී. ගාමිණී ඇයට කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. රඟපෑයුතු දර්ශනයද ඇයට ඉංග්‍රීසියෙන් පැහැදිළි කරයි.   

    ගාමිණී ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයේ බොහෝ ජවනිකා රූප ගත කළේ සේන සමරසිංහයන්ගේ රඹුක්කන නිවසකය. එය සේනගේ සහෝදරයාට අයත්ව තිබූ නිව​ෙසකි. මයුරිගේ කතාවේ දැක්වෙන ගෙය එම නිවසයි.   චංචල රේඛා චිත්‍රපටයේ රූ ගත කරද්දී ශිල්පීන් බොහෝ දෙනකු නැවතී සිටියේ එම නිවසේය.   ගාමිණී සමග සොමී රත්නායක, විණා ජයකොඩි, ශාන්ති ලේඛා, සෝනියා දිසා සහ දමිත් ​ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනකු එම දර්ශනවල රඟපෑ බව මට මතකය.   

    මෙහි කැමරා අධ්‍යක්ෂවරයා වූයේ වී වාමදේවන්ය. තම දර්ශන වාරය එනතුරු තරමක් නිදහයේ සිටින ශාන්ති ලේඛා, වීණා, සොමී ඇතුළු පිරිස බොහෝ විට කාලය ගත කළේ විනෝදයෙනි. ශාන්ති ලේඛා සුජාතා චිත්‍රපයේ “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය ගායනා කළ හැටි මතක් කරමින් සොමී එකල අැයට විහිළු කෙළේය.   

    ඇයද ඊට මොකක් හෝ විහිළුවක් කර මහා හඬින් සිනහවෙයි.   

    පැරණි නළුනිළියන් තම පළපුරුද්ද ඔස්සේ තිරයේ ඉදිරිපත් කළ රැඟුම් අදටත් ජීවමානය. ඒවා කලාත්මක චිත්‍රපටවල මෙන්ම වාණිජ චිත්‍රපටවලද වෙනසක් නොවීය. අපේ බොහෝ නළු නිළියෝ සිනමා රඟපෑම් ආයතනවලින් හැදෑරුවෝ නොවෙති. එසේම ඉතාමත් සුළු වෙලාවකින් එම චරිතය තුළ ජීවත්වන්නට ඔවුන් කාලයක් තිස්සේ කළ රංගන පළපුරුද්ද ඉවහල් වෙයි. ශාන්ති ලේඛා ද එවන් නිළියකි.

    ශාන්ති ලේඛා චිත්‍රපට 350 කට අධික සංඛ්‍යාවක රඟපා ඇතැයි ගණන් බලා ඇත. එහෙත් ඇයට එය එකල ගණනක් නොවීය.   

    “එම චිත්‍රපටවල රඟපාලා ලැබුණු පළපුරුද්ද විශාලයි. ඒ අත්දැකීම් එකතු කරලා චිත්‍රපට ගාණනක් හදන්න පුළුවන්. පොත් ගණන් ලියන්න පුළුවන්. මම ආසයි අන්ධ ගැහැණියකගේ චරිතය රඟපාන්න. ඒ වගේම පිස්සියකගේ චරිතයක් රඟපාන්නත් කැමතියි” ඇය කීවේ 1977 දීය. ශාන්ති ලේඛාට එම බලාපොරොත්තුව ඉටුකරගන්නට ලැබුනාදැයි මට හරියටම කිව නොහැකිය. 

    එකල ඇය පදිංචිව සිටියේ වත්තලය. ඇය බොහෝ සේ සැහැල්ලු ජීවිතයක් ගත කළා සේම ඇය එකල වික්ටර් රත්නායකගේ ගීතවලට බෙහෙවින් ආසා කළාය.   

    “හරිම ලස්සන සින්දු අනේ... මම හරිම ආසයි. බලන්න තාම වයස 32 යි. එ්ත් මේ තරම් ජනප්‍රියත්වයක්” ඇය එදා කීවාය. එකල වික්ටර්ගේ වයස අවුරුදු 32 ක් විය.  

    කාලය විසින් සියල්ල වෙනස් කෙරිණ. හැත්තෑ ගණන්වල බැබළුන සිනමාව ක්‍රමයෙන් බිඳ වැටීගෙන ගියේය.   “සියළු සංස්කාරයන් අනිත්‍ය යයි මම අසා තිබෙනවා. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට බව අපේ ආගමේ කියවෙනවා” ශාන්ති ලේඛා මෙසේ පැවසුවේ එදා රුක්මනී දේවියගේ අනපේක්ෂිත මරණය හමුවේ කම්පාවෙමිනි.   

    සිතූ සේම ශාන්ති වියපත් වූවාය. ඇය සිනමාවෙන් ඈත් වූවාය. ඇය ඉන්පසු වත්තලින් මොරටුවේ ඥාති නිවසකට ආවාය. ඇය ජීවිතයේ අවසන් කාලය ගත කළේ ප්‍රංශයේ පැරිස් නුවරය. 1929 දී උපන් ඇය 2009 මාර්තු 11 වැනිදා පැරීසියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇයට එවිට වයස අවුරුදු 80 කි.  

    එහෙත් ශාන්ති ලේඛාගේ අම්මා චරිතය තව බොහෝ කාලයක් යනතුරු තිරයෙන් දැකිය හැකි වනු ඇත. ශාන්ති මියයන විට තිරයේ ජය කෙහෙළි නැංවූ ගාමිණි ෆොන්සේකා මෙන්ම විජය ද අප අතරින් වෙන්ව ගොසිනි. 

    රොඩ්නි විදානපතිරණ

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS