SUMMARYRELATIONS
Upali Perera
59.131545338442
59% |   783  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Upali Perera
Upali Perera
  • Died : 1986 October 14
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CREW MEMBER

    1Akkara Paha
    Assistant Director
    1970
    2Nidhanaya
    Assistant Director
    1972
    3Loku Duwa
    Assistant Director
    1996
    4Ammavarune
    Assistant Director
    2006
    5Vaishnavee
    Assistant Director
    2018
    BIOGRAPHY

    සන්ධ්‍යා හා උපාලි 1968 ජනවාරි 08 වෙනිදා විවාහ වන්නේ ඇයට පෙම් කළ දහස් ගණන් ප්‍රේක්ෂකයින්ගේ සිහින කුමරියව සිටි අවදියකය. ඔවුන් අතර සිටි තරුණ මෝටර් රථ ඉංජිනේරු උපාලි පෙරේරා සන්ධ්‍යාගේ ආදරය දිනා ගත්තේය. උපාලිගේ සොහොයුරියක් සන්ධ්‍යා දැන හිටියේ ඇය 'අක්ක නගෝ' සත පනහ චිත්‍රපටවල රඟපාන කාලයේ සිටය.
     
    1967 වසරේ කලා ලෝකයේ වඩාත් ආලෝලනය ගෙන දුන් සිද්ධිය වූයේ උපාලි හා සන්ධ්‍යාගේ ආදර කතාවය. ඒ කතාව 'සරසවිය' පුවත්පතට කොටස් 12 කින් සතිපතා ලිව්වේ එවකට නාවික හමුදාවේ සේවය නියුතුව සිටි ('සරසවිය' පුවත්පතේ නිදහස් ලේඛක අප අතර අද නැති) විමල් තිලකරත්න විසිනි. ඒ ගැන එවකට ජීවතුන් අතර සිටි විමල් 'සරසවිය' පුවත්පතට මෙසේ ලිවීය.
     
    'මා විසින් 'සරසවිය' පුවත්පතට ලියා පළ කළ උපාලි හා සන්ධ්‍යාගේ පෙම් කතාව පුරා තුන් මාසයක් කොටස් 12 කින් පළ විය. සරසවිය පුවත්පත පිටපත් ලක්ෂය ඉක්මවා අලෙවියට අපේ තරුණ පෙළ අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමට මේ ලිපි පෙළත් බලපෑවා. පින්තූර ගන්න මා සමඟ ගියේ කැමරා ශිල්පී රෙජී බුලත්සිංහල. මේ ලිපි පෙළ සංස්කරණය කොට සරසවිය පත්තරයෙන් ඉදිරිපත් කළේ සරසවියේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ හා කලා සංස්කාරක නිමල් පෙරේරා අබේවර්ධන.
     
    'විමල් නරකද සන්ධ්‍යා කුමාරිගේ පෙම් කතාව ලිව්වොත්' කියලා මට මුලින්ම යෝජනා කළේ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා.
     
    උපාලි හා සන්ධ්‍යා යුවලට දියණියන් දෙදෙනකු වූහ. දිල්හානි තනුජා හා ලුවිනි ඉමෝකා ඒ දෙදෙනාය. 1986 ඔක්තෝබර් 14 වෙනිදා උපාලි ගල්කිස්සේ ටෙම්පර්ස් පාරේදී වූ රිය අනතුරකින් මිය ගියේය.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS