SUMMARY
Surya Kumar
සූර්ය කුමාර් මුත්තලගේ
60.742115027829
61% |   539  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Surya Kumar සූර්ය කුමාර් මුත්තලගේ
Surya Kumar Muththalage
NATIONAL AWARDS

 
FILMOGRAPHY


AS CREW MEMBER

1Sepali
Lyrics / Dialogs
1958
BIOGRAPHY

දමිළ ගීත 16ක කැසට් පටයක් මුලින්ම වෙළෙඳපොළට නිකුත් කළා
 
ජාතීන් අතර අන්‍යෝන්‍ය සබැදියාව ගොඩනගන්නට පාලම් ගොඩනැගූ ශිල්පීහු කලා ලෝකයේ එදත් සිටි සහ අදත් සිටිති. සූර්ය කුමාර් මුත්තලගේ යනු එවන් සබැදියාවක් නිර්මාණය කළ ප්‍රවීණ ගායන ශිල්පියෙකි. 1943 ජනවාරි 18 වැනිදා උපත ලැබු මුත්තලගේ මේ වන විට අසූවන වියට පා තබා ඇත. 1957 දී ළමා වැඩසටහන් ගායකයකු ලෙස ගුවන් විදුලියට එක්වන මුත්තලගේ සිංහල, දෙමළ, උර්දු ගී ගායනා රැසක් තුළින් රසික හද බැද ගැනීමට සමත් විය. සිය කලා ජීවිතයේ හැට හයවන වියට පා තබා සිටි මුත්තගේ ගුවන් විදුලියේ ගීත ගායනයට එක් වනුයේ අවුරුදු දාහතර පහළව වයසේදීය. ගුවන් විදුලියේ ළමා වැඩසටහන් අතර තිබු කම්කරු වැඩසටහනට ගීත ගායනා කරමින්. 1968 දී ගුවන් විදුලියේ සිංහල සරල ගී ඒ ශ්‍රේණියේ ගායකයකු ලෙස ද පත්වීම් ලැබීය. ඉන්දියාවේ සිට පැමිණි විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් ඇගැයීමක් සිදුකොට ඔහුව ගුවන් විදුලියේ සිංහල හා දෙමළ විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු බවට පත්කරනුයේ අසූව දශකයේදීය.
 
බම්බලපිටිය ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන මුත්තලගේ එම අවධියේදීම ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වේ. 1974 දී පුදිය කාටෲ චිත්‍රපටයේ ගී ගායනයත් සමඟ චිත්‍රපට පසුබිම් ගායනයට අවතීර්ණ වන මුත්තලගේ 1983 වන තුරු ලංකාවේම නිර්මාණය වූ දෙමළ චිත්‍රපට 28ක් වෙනුවෙන්ම ගීත ගායනා කරනු ලැබීය.
 
චිත්‍රපට පසුබිම් ගායනයට අමතර චිත්‍රපට සඳහා දෙබස් සැපයීමෙන් ද සිනමා නිර්මාණයන් සඳහා දායක වූ මුත්තලගේ සරත් දසනායක සංගීතවත් කළ දයා විමලවීර අධ්‍යක්ෂණය කළ ‘මිහිදුම් සිහින’ චිත්‍රපටය සඳහා එච්. ආර්.ජෝතිපාල ගැයූ සරා සදේ ගීතය දමිල බසින් හඬ කැවූ චිත්‍රපටය වූ පනිමලර්ගල් චිත්‍රපට පිටපත සඳහා එම තනුවට එම ගීතය දමිළ බසින් ගායනා කළේය. සරසවි චිත්‍රාගාරයේ එකම මොහොතේ පටිගත කළ එම ගීතය සුර්ය කුමාර් මුත්තලගේ ගායනා කරනු ලැබුවේ සදාවදේ.... ලෙසිනි.
 
අංජනා චිත්‍රපටයේ රාජා රාණි රාධා ක්‍රිෂ්ණාවෝ වාගේ ගීතය කලාවතී සමඟ යුග ගීයක් ලෙස ගායනා කරනු ලැබුවේද මුත්තලගේ විසිනි. 1980 දී හා 2003 වසර වලදී ජමුණාරාණි ලංකාවට ගෙන්වා සුරිය ගී නමින් ප්‍රසංගයක් පැවැත්වීමට ද මුත්තලගේ කටයුතු කරනු ලැබීය. එම ප්‍රසංගයේ ජමුණා රාණි සමඟ සියලු යුග ගී ගයනු ලැබුවේ සූර්ය කුමාර මුත්තලගේ විසිනි.
 
සංගීතයේ මහා සම්ප්‍රදාය තුළ අධ්‍යයනයක් තුළින් ලත් පන්නරය මත ගායන ක්ෂේත්‍රය තුළ නමක් රඳවා ගනිමින් දශක හයකට වැඩි කාලයක් මුත්තලගේ පැමිණි ගමන ඔහුට කර්නාටක සංගීතය ඉගැන් වූ ඒ.එස්. නාරායනන් හා හින්දුස්තානි සංගීතය ඉගැන්වු එම්. එස්. සෙල්වරාජා ගුරුභවතුන් අදටත් හදපත්ලෙන් සිහිපත් කරයි.
 
සූර්ය කුමාර මුත්තලගේ ගී හඬට පෙම්බැදී රසිකයෝ බොහෝදෙනා ඔහුට මෙරට පමණක් නොව විදෙස් සංචාර සඳහා ද ආරාධනා කරනු ලැබීය. මැද පෙරදිග හා යුරෝපා සංචාරයන් කිහිපයකට සහභාගි වූ සුර්ය කුමාර මුත්තලගේ ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, ආදී රටවල් බොහොමයක සංචාරය කරමින් ගී ප්‍රසංග මාලාවකට සහභාගි විය. එම ගී ප්‍රසංගයන් සඳහා ඔහුව කැඳවාගෙන ගිය අබේවර්ධන බාලසුරිය සංගීතවේදියාණන් හද බැතියෙන් යුතුව සිහිපත් කරන මුත්තලගේ අබේවර්ධන බාලසූරිය මහතා නොවන්නට තමන්ට එම විදෙස් සංචාර සිහිනයක් පමණක් වන්නට තිබූ බව ද ප්‍රකාශ කර සිටින්නේ නිහතමානීව ය.
 
මුත්තලගේ ප්‍රථම වරට සංගීත ප්‍රසංගයක් සඳහා විදෙස්ගත වනුයේ 1988 දීය. කලාශූරි ලතා වල්පොල මහත්මිය ගේ ආරාධනයක් පරිදි ස්ටැන්ලි පීරිස් වාදක මණ්ඩලය කැටුව සයිප්‍රස් හා ලෙබනන් සංචාරයක් සඳහා ඔහු සහභාගි වනුයේ මාස එක හමාරක ප්‍රසංග මාලා කීපයක් වෙනුවෙනි. 1963 දී පාකිස්ථානයේ බාල දක්ෂ ජම්බෝරියකට කුඩා කාලයේදීම සහභාගි වන මුත්තලගේ එහිදී උර්දු භාෂාව ඉගෙන ගන්නා අතරේම තමන් ඉගෙන ගත් භාෂාවෙන්ම ගීතයක් ගායනා කොට ත්‍යාග පවා ලබන්නට වාසනාවන්ත විය.
 
වාර්ෂිකව ඉන්දියාවේ චෙන්නායි හිදී එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් වාර්ෂිකව පවත්වන උපහාර උලෙළ සඳහා ගීත ගායනා සඳහා පිට පිට වසර කීපයක්ම ආරාධනා ලැබෙනුයේ ඔහුට තිබෙන රසිකත්වය හා එකසේ පවතින ජනපි‍්‍රයත්වය නිසාය.
 
ලංකාවේ නිෂ්පාදනය කළ දෙමළ චිත්‍රපට සඳහා මුත්තලගේ ගායනා කළ දමිළ ගීත 16ක කැසට් පටයක් මුලින්ම ඔහු වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබුවේ මුත්තල හු පාඩල්හල් නමිනි. එහි මුත්තලගේ සමඟ සහය ගායනයෙන් එක් වුයේ සුජාතා අත්තනායක. කලාවතී, ජෙග්දේවි විග්නේෂ්වරම් ය. එය සංගීතවත් කළේ සරත් දසනායක, ආර්.මුත්තුසාමි, එම්.එස් සෙල්වරාජා, ටී පද්මරාජා ටී එෆ් ලතීෆ් ඉන්පසු ශ්‍රී ලංකා ටැමිල් ෆිල්ම් සෝන් නමිනි. මුත්තලගේ ගායනා කළ ගීත සංයුක්ත තැටියක් පර්මනියේ දී නිෂ්පාදනයක් ලෙස නිකුත් කරනු ලැබුවේ ලලිත් ගංහේවා විසිනි.
 
1983 වසරේදී බුද්ධි කීර්තිසේන නිෂ්පාදනය කරන පෙම් කැකුළ පිපී කැසට් පටය හරහා සිංහල රසික ජනතාව අතර ආදරණීය බැදීමක් ඇති කරගන්නා. මුත්තලගේ සිංහල රසික පිරිස් අතර ඉමහත් ජනපි‍්‍රයත්වයක් අත්කරගත්තේ ඒ.එම්.රාජා, ජමුණා රාණි, ජික්කි වැනි ගායක ගායිකාවන් ගායනා කළ පෙම්කැකුළ පිපී, ජීවන මේ ගමන සංසාරේ, ලෝකේ පෙරළෙයි කාලෙ ගෙවී යයි. පී‍්‍රතියෙන් සතුටින් ආදී ජනපි‍්‍රය ගීත රාශියක් ගායනා කිරීමත් සමඟය. ගීත 16 කින් යුත් පෙම් කැකුළ පිපී කැසට් පටය සඳහා ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට මුත්තලගේ හා යුග ගී ගායනයෙන් එක්වනුයේ කලාවතීය.
 
සුජාතා අත්තනායක, ජෙගදේවි විග්නේෂ්වරම් ලතාවල්පොල, කලාවතී ආදී ගායන ශිල්පිනියන් සමඟ යුග ගී ගායනා කළ මුත්තල ගේ වැඩිම ප්‍රමාණයක් යුග ගී ගායනා කරනු ලැබුවේ කලාවතී සමඟය. මනරම්, සඳමාලි, පෙම් කැකුල 01, පෙම් කැකුල 02 ආදී කැසට් පට දහයක් පමණ මුත්තලගේ තම කලා ජීවිතය තුළ එළි දක්වනු ලැබීය.
 
ගීත ලෝලීන්ගේ ආදරය දිනූ වෙන්ව යන්නදෝ, සොඳුරු සිනාවෙන්, අපි ළඟ දී දිනෙක හමුවෙමු. ආදී මුත්තලගේ ගායනා කළ ගීත අතරේ හේමශ්‍රී ද අල්විස් රචනා කළ මොහොමඩ් සාලි සංගීතවත් කළ සීතල කරුණා ගුණ බර ඇති නිම්මා ජිවිතයෙන් පිදුවත්මදි ගෙදර බුදුන් අම්මා ගීතයට අදත් මුත්තලගේ මහත් ආදරයක් දක්වයි.
 
අංජානා, පසමිතුරා, මිහිදුම් සිහින, සූරියා, අලිබබා සහ හොරු හතලිහ වැනි සිංහල චිත්‍රපට කීපයක ගීත ගායනා කර ඇති මුත්තලගේ ට අදටත් එළිමහන් ප්‍රසංග සඳහා ආරාධනා ගලා එන්නේ ඔහු විසින් ගායනා කරනු ලබන ගීතවල ඇති ජනපි‍්‍රයභාවයත් ඔහු තුළ ඇති අසීමිත මානව ගුණයත් සුහදශීලීත්වයත් නිසාමය. ඔහු කවදත් කිසිදු ශිල්පීයෙකු අනුකරණය නොකළ අතර ඔහුටම අනන්‍ය වූ ගායන ශෛලියක් තුළ සිය ගායන කුසලතාවයෙන් සුවහසක් ගීත ලෝලීන් අමන්දානන්දය පත්කරනු ලැබීය.
 
මුත්තලගේ හින්දු භක්තිකයෙක් වුවද ඔහුගේ බිරිය මේරි මොනිකා කිතුනු බැතිමතියක් වුවාය. මෙම දෙපළ ගේ එකම පුතු උදයන් තිරුබෙයි රාජා ද ශිව දෙවියන්ගේ හා ජේසු සමිදුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ කොළඹ 07 ටොරින්ටන් මාවතේ අංක 1 89/96 නිවසේ කල් ගෙවනුයේ මහත් වූ සතුටින්ය.
 
උපතින් වෙල්ලසාමි මුත්තලගේ වූ සූර්ය කුමාර මුත්තලගේ විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ලේඛනාරූඪ වුයේ වී මුත්තලගේ නමිනි. සිංහල ගී ගායනයේ අපුර්වතම හැකියාව නිසාම මුත්තලගේ සමඟ වැඩිම කැසට්පට ප්‍රමාණයක් නිෂ්පාදනය කළ බුද්ධි කීර්තිසේන මහතා පෙම් කැකුළ කැසට් පටය නිකුත් කිරීමත් සමඟ වී මුත්තලගේ නම වෙනස් කරනු ලැබුවේ. සූර්ය කුමාර මුත්තලගේ නමිනි. එතැන් පටන් වී මුත්තලගේ සුරිය කුමාර් මුත්තලගේ විය. එතැන් පටන් සංගීත ක්ෂේත්‍රයේ සුර්ය කුමාර් මුත්තලගේ අතිශයින් ජනපි‍්‍රය විය. ප්‍රසංග වේදිකාවට නැවතුවම බැරි පුද්ගලයකු බවට පත්විය.
 
කොට කලිසමකින් සැරසී 1957 දී ගුවන් විදුලියේ ගී ගැයීමට පිය නැගූ මුත්තලගේ පැමිණි ගමන් මගේ සුන්දර සැමරුම් බොහෝය. ඉන් බොහොමයක් මෙරට සේම විදෙස් රටවල් හී සංගීත ක්ෂේත්‍රයේ ගායන දිවිය හා බැදුණු ඒවාය. අද වනවිට ඔහු අසුවන විය ට පා තබා සිටිය ද එදා ගැයූ ගී මහත් සොම්නසින් ගායනා කරයි.
 
ඒ ජනපි‍්‍රයත්වය එලෙසම ඇත. නමුත් ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි. කියමින් ඔහු ද ගායනා කර අපිට කියයි. එලෙස බව අපිදු දනිමු. එහෙත් පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා මා හෙළා මේ දුක් අන්ධකාරේ.... කියාත් ඔහුම අපට මේ ගී අඹරේ ගයා පවසා සිටියි. කලා ක්ෂේත්‍රයේ නිහතමානීකමේ පරමාදර්ශී චරිතයක් වු සූර්යකුමාර මුත්තලගේ ගායන ශිල්පියාණෙනි ඔබට සුවහසක් ගීත ලෝලීන් සමඟ අපිත් දිගාසිරි පතමු.
 
chandana.chandana88@gmail.com
 
චන්දන දයාසිරිවර්ධන
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS