Piyasena Rathuvithana

Piyasena Rathuvithana

පියසේන රතුවිතාන

Born 15 October 1931

15 October 1931

60.68% · 444 votes
Rate this artist

Summary

NamePiyasena Rathuvithana
Sinhala Nameපියසේන රතුවිතාන
Born15 October 1931

Biography

සමාජයේ බහුතරයක් දෙනා ඔහු ගැන දැන සිටියේ ජ්‍යොතිෂවේදීයකු ලෙසය. නමුදු ඔහු ඉන් එහා ගිය මානව සබඳතා වලින් හෙමි පුද්ගලයකු විය. පාසල් ගුරුවරයකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ පියසේන රතුවිතාන කලක් කොළඹ නාලන්දා විද්‍යාලයේ ද ඉගැන්වීම් කටයුතු කළේය. පසුව විදුහල්පතිවරයකු ලෙස උසස්වීම් ලැබූ ඔහු දිවයිනේ පාසල් ගණනාවකම සේවය කළේය. ඒ අතර පොතපත ලීවීමේ ද උනන්දු වූ අයෙකි. කෙටිකතා, නවකතා මෙන්ම ජ්‍යොතිෂයට අදාළ පොතපත රැසක් ලියා පළකර ඇත. ඔහු විසින් ලියන ලද කෘති සංඛ්‍යාව එකසිය පනහකට වැඩිය. සුබසෙත පුවත්පතේ කතු පදවිය දැරු ඔහු ලේකහවුසියෙන් ඉවත් වීමෙන් පසු පෙරමඟ සඟරාවේ නියෝජ්‍ය කර්තෘ හා කර්තෘ මණ්ඩල කළමනාකරු ලෙසද සේවය කර ඇත. එමෙන්ම මිහිර ළමා පුවත්පත ආරම්භයේ සිට එනම් ශ්‍රිලාල් හික්කඩුව කතු පදවිය හොඹවන කාලයේ රතුවිතානයන් විසින් වැලිබත නමින් ලිපි මාලාවක් ද ලියා තිබිණ.

ශ්‍රී ලංකා රූපවාහිනීයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් ලෙස ද කලක් කටයුතු කළ ඔහු අංශ කිහිපයකම දක්ෂතා දැක්වූ අයකි.

“ආත්මා, මධුසිහිනය, සිස්ට මේරි යන චිත්‍රපට සඳහා තේමා ගී ද රචනා කර ඇති රතුවිතානයන් ලියූ “රණබිම මැරුණේ සිංහලයකු නම් - පපුවේ වෙඩි සලකුණ ඇත්තේ“ යන ගීතය බෙහෙවින් ජනප්‍රිය ය. විවිධ තේමා යටතේ ගීත විස්සක් පමණ රචනා කර ඇත. මේ හැරුණ විට හිටිවන කවියේ මෙන්ම කවි රචනයේ ද දස්කම් පෑ ඔහු කොළඹ කවි සමාජයේ හා අගනුවර තරුණ කවි සමාජයේ කැපිපෙනෙන සාමාජිකයෙකි. 2021 වසරේදී කාව්‍ය කලා කිර්ති සම්මානයෙන් ද පිදුම් ලබා ඇති ඔහු ජනතාව අතර වඩාත් ප්‍රචලිත වුයේ ජ්‍යොතීෂවේදීයකු ලෙසය.

තරුණ වියේදීම ජ්‍යොතිෂය කලාව ගැන උනන්දු වූ ඔහු ඒ පිළිබඳව හදාරන්නට විය. සෙත් කවි ලිවීමත්, හඳහන් බැලීම මෙන්ම ජ්‍යොතිෂය හා සම්බන්ධ කටයුතු කිරීමෙන් ඔහු රටේ ජනතාව අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය.