Meril Kariyawasam

Meril Kariyawasam

Born 6 April 1936 Died 05 Sep 1989

6 April 1936 - 05 Sep 1989

60.05% · 1,313 votes
Rate this artist

Summary

NameMeril Kariyawasam
Born6 April 1936
Died05 Sep 1989

Biography

ප්‍රවීණ දේශපාලනඥයකු, ලේඛකයකු හා සිනමා කරුවකු ද වූ මෙරිල් කාරියවසම් නීතිඥවරයකු ද විය. 1936 අප්‍රේල් 06 වැනි දා උපත ලැබූ හෙතෙම 1964 දී අධිනීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය. අති දක්‍ෂ කථිකයකු ද වූ මෙරිල් කාරියවසම් මහතා පුවත්පත් සඟරා ආදියට විවිධ ලිපි සපයමින් නවකතා කීපයක් ද රචනා කළේය. කලාවට විශේෂ ලැදියාවක් දැක්වූ ඒ මහතා ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි කථාව දෙබස් තිර නාටකය ද ලීවේය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිස්කම හඳුනා ගත් ගුණ ගරුක පුද්ගලයකු වූ හෙතෙම අගලවත්තේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ශික්‍ෂණ රෝහල් හා වනිතා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයකු ද විය.

පසුව රබර් පර්යේෂණ ආයතනයේ සභාපති ධූරයට පත් වූ ඔහු රත්මලානේ් පිහිටි එම කාර්යාලයේ සිටිය දී 1989 සැප්තැම්බර් 05 වැනිදා සාහසික වෙඩි පහරකට ගොදුරුව සඳහටම දෙනෙත් පියා ගත්තේය.

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 5621983 Muhudu Lihini මුහුදු ලිහිණි Dialogs Sunil Ariyaratne

Producer

#Film NoYearFilm RoleDirector
1 5621983 Muhudu Lihini මුහුදු ලිහිණි Producer Sunil Ariyaratne

Script

#Film NoYearFilm RoleDirector
1 5621983 Muhudu Lihini මුහුදු ලිහිණි Script Sunil Ariyaratne

Story

#Film NoYearFilm RoleDirector
1 5621983 Muhudu Lihini මුහුදු ලිහිණි Story Sunil Ariyaratne