Irani

Irani

ඉරානි

Colour 35m Yet to be released

Yet to be released

54.37% · 710 votes
Rate this film
Special Message

ජෙගන් සුබ්‍රමනියම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය

Summary

NameIrani / ඉරානි
Release StatusYet to be released
ColorimeterColour
Video Format35m
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Raj Kumar Main Actress: Jayani Weerasinghe Director: Jegan Subramaniyam Producer: Vishnu Prasanna Producer: Jegan Subramaniyam

Trailer

Description

සිරිලක අසිරි සිරිය විඳගැනීමේ අරමුණින් යුතුව සංචාරයේ නියැළීම පිණිස ඔහු මෙරටට පැමිණෙන්නේ, සිය බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දියණිය ද සමඟිනි. ඔවුන් සතුටින් සංචාරයේ නිරත වන අතරතුර කඳුකර ප්‍රදේශයකදී ඔහුගේ බිරිඳ සහ දියණිය පැහැර ගැනීමට ලක්වේ. මැර පිරිස ඔහුට පහරදී පලා යයි. වනාන්තරයේ අතරමං වන ඔහු සිහිසුන්ව ගං ඉවුරක ඇද වැටේ. සුනඛයකුගේ මඟ පෙන්වීම මත වනාන්තරයේ පතල් කපන්නෙකු පැමිණ ඔහු රැගෙන ගොස් සාත්තු කර යලි යථා තත්ත්වයට පත් කරනා මුත්, ඔහුට යෑමට ඉඩ නොදී ඔවුන්ගේ පතල් වැඩ සඳහා බලෙන් රඳවා ගනී. වසර විස්සකට පසුව ලද අවසරයකින් පතලින් පලායන ඔහු තේ වතු ආශ්‍රිත ගම්මානයකට සේන්දු වෙයි. ඒ මේ අත සැරිසරන ඔහුට මෙම ප්‍රදේශයේදී තම බිරිඳ සහ දරුවා පැහැරගත් අතීතය සිහිපත් වේ. තමාගෙන් දුරස්කළ තම එකම දියණිය සහ බිරිඳ සොයාගැනීමටත් එම අපරාධකරුවන්ගෙන් පළිගැනීමටත් ඔහු සැලසුම් කරයි. ඔහුගේ සැලසුමට අනුව අපරාධකරුවන් සොයා ගැනීමට හැකිවේද සහ දිගු කලකට පසු ඔහු සොයා යන බිරිඳ සහ දරුවා ඔහු හඳුනා ගනීවිද යනු “ඉරානි” තුළින් ප්‍රේක්ෂකයාට පහදා දෙනු ඇත.

ජෙගන් සුබ්‍රමනියම් දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ නියැළී සිටින්නෙකි. 2007 වසරේ තිරගත වූ “අන්ධ ගිම්හාන නිවාඩුව” (ANDHA SUMMER LEAVLELA) චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරු ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වන ඔහු, තිර පිටපත් රචකයකු සේම රංගන ශිල්පියෙක් ශිල්පියෙකුද වෙයි. 2011 වසරේ තිරගත වූ “වර්ණම්” චිත්‍රපටයේ සහය නිෂ්පාදකවරයාද වූ ඔහු, එමී සම්මානලාභී ඇල්ෆොන්ස් රෝයි සහ බලාජී තරණිතරන් වැනි ප්‍රකට අධ්‍යක්ෂවරුන් යටතේ ඔවුන්ගේ නිර්මාණයන් හා එක්වෙමින් සිනමා නිර්මාණකරණය පිළිබඳ හසල දැනුමක් ලද නිර්මාණවේදියකු වන අතර, ඉන්දු ශ්‍රී ලංකා සිනමාත්මක සුසංයෝගයක් වන “ඉරානි” ජෙගන් සුබ්‍රමනියම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew