Gambada Sundari

Gambada Sundari

ගම්බඳ සුන්දරී

Colour 16mm

Film No: 8  ·  Released: 27 Jan 1950

60.12% · 2,116 votes
Rate this film
Special Message

The first film shot outside studios & dialog was recorded on the spot

Summary

NameGambada Sundari / ගම්බඳ සුන්දරී
Film No8
Released Date27 Jan 1950
ColorimeterColour
Video Format16mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Winston De Paul Peiris Main Actress: Sheela Peiris Director: Whinston Bastian Director: George Wijegunarathna Producer: George Wijegunarathna

Trailer

Description

ලංකාවේ පෙන්වන ලද පළමු වෛවර්ණ චිත්‍රපටය.

මි. මී. 16 කැමරාගත කොට මි. මී. 35 ට විශාල කොට පෙන්වීම.

විමලවීර මාස්ටර්ට පසු සිංහලයකු තනිව හැදූ චිත්‍රපටය.

එක් පිටපතක් පමණක් මුද්‍රණය කිරීම.

ප්‍රදර්ශනය – මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි.

1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.

මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට.

---------------------------------------------------- -----------------------------------------------------

ලක්කාවේ තිරගත වූ පළමු වර්ණ චිත්‍රපටය වන්නේ 1950 වසරේ දී තිරගත වූ

ජෝර්ජ එස්. විජේගුණරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් තිරගත වූ "ගම්බද සුන්දරී" චිත්‍රපටයයි.

ගම්බද සුන්දරී මෙරට නිපද වූ අටවැනි කතානාද සිංහල චිත්‍රපටය වන අතර. 1950 ජනවාරි 27 ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා ඇත්තේ එකල වෙළෙඳ ඇමති හෙන්රි අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ ක්‍රවුන් සිනමාහලේදීය. එහිදී එය තිරගත වී ඇත්තේ දින 10ක් පමණි. ඒ වගේම මෙහි එක පිටපතක් පමණක් මුද්‍රණය කිරීමද විශේෂ කරුනක් වන අතර , මිලි මීටර් 16 ප්‍රමාණයෙන් රූපගත කොට මිලි මීටර් 35ට මෙය විශාල කළ බව කියවෙනවා. ඉන් පසුව 1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ ද තිරගත වීම ඇරබි අතර, එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.

චිත්‍රපටයේ ගම්බද සුන්දරී නොහොත් රූපා ලෙස ශීලා පීරිස්ද, විමල් ලෙස කිංස්ලි ජයසේකර ද, මුදලාලි ලෙස ඊ.සී. බුලත්සිංහල ද, සිරිල් ලෙස වින්සන්ට් ද පෝල් පීරිස් ද, හාමිනේ ලෙස එලන් පෙරේරා ද, ස්වර්ණා ලෙස සුජාතා බුලත්සිංහල ද, වැද්දා ලෙස ජී.ඕ. ෆොන්සේකා (බී.ඒ. ලන්ඩන්), ශාස්ත්‍රකරු ලෙස ඩබ්ලිව්. දළුවත්ත ද රඟපෑහ. සෙසු චරිත හර්බට් පෙරේරා, තිලකා සිරිවර්ධන, එච්. ගුණසේකර, තිලක් ගුණතිලක, මල්ලිකා මොරිස්, විමල් වික්‍රමරත්න, පද්මිණී වික්‍රමරත්න ද රඟ පෑහ.

#prashan_malith

තුම්පනේ ප්‍රසිද්ධ ධනවතෙකු වූ සේකර මුදලාලිට කොළඹ පැමිණි අවස්ථාවේ ශාස්ත්‍රකරුවෙකු හමුවෙයි. මුදලාලිගේ දියණිය වූ රූපා උසස් ධනවත් මහතෙකු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගත කරන බව ශාස්ත්‍රකරුවා සහතික වෙයි. මුදලාලි හාමිනේ මේ කිසිවක් මායිම් නොකොට තමා සැළසුම් කොට තිබූ මහියංගනයේ වන්දනා ගමනට සූදානම් වූවාය. පසු දින පිළියෙල කරගත් පරිදි මුදලාලි, තම හාමිනේ හා දියණියන් දෙදෙනා වූ රූපා හා ස්වර්ණා සමඟ වන්දනාවේ යති. මහියංගණයට ගොස් වන්දනා කර එන අතරමග ඔවුහු ආහාර ගැනීමට නතර වූහ. ස්වර්ණා වතුර ගැනීමට යන අතර රූපා මලක් නෙළා ගැනීමට කැලෑවට ගියාය. කැළේ සිටි වැද්දෙක් රූපා ඔසවා ගෙන අතුරුදන් වෙයි. ස්වර්ණා කෑ ගසා ගෙන දෙමාපියන් වෙත දිව්වාය. සියලු දෙනාම රූපාව සොයා කැලෑ වැදුණාහ. මුදලාලිට වූ කරදර දුටු විමල් හා සිරිල් නම් තරුණ මිතුරන් දෙදෙනෙක් රූපා සෙවීමට එක් වූහ.

රූපා සොයා ගැනීම දුෂ්කර බව දුටු මුදලාලි නැවත හැරී ගෙදර එයි. විමල් හා සිරිල් උත්සාහය අත නොහැරියහ. ඔවුන් වැද්දා සිටි තැන සොයා ගොස් ඔහු හා සටන් වැද රූපා ගලවා ගෙන, ඇය මුදලාලිගේ නිවසට ගෙන ගොස් භාර දෙති. තරුණයන් දෙදෙනාට ස්තුති කළ මුදලාලි කළගුණ සැලකීම වශයෙන් සංගීත කලාව ඉගෙන ගැනීම සඳහා ඔවුන් භාරතයේ ඉහළම සංගීත විද්‍යාලයට යවති. ඔවුන් සංගීතය හදාරා පැමිණෙති. විමල් රූපා විවාහ කර ගැනීමට අවසර ඉල්ලුවත් මුදලාලි එයට අකමැති වෙයි. සිරිල් කූට උපායක් යොදා මුදලාලි රවටා තම මිතුරා වූ විමල්ට රූපා විවාහ කරදෙයි. මේ උපාය හෙළි වූ පසු මුදලාලි සිරිල්ට තර්ජනය කරයි. මුදලාලි හාමිනේ සමාදානයට කැමති කාන්තාවක් නිසා මෙය හොඳ විවාහයක් බව තම සැමියාට තේරුම් කර දුන්නාය. නව යුවළ මුදලාලිගෙන් සමාව ඇයද දෙමාපියන්ගේ ආශිර්වාදය ලබති.

lankadeepa

Cast

Crew

Other Crew