Anthony

Anthony

අන්තෝනි

Colour Digital

Film No: 31  ·  Released: 13 Mar 2026

0% · 0 votes
Rate this film

Summary

NameAnthony / අන්තෝනි
Film No31
Released Date13 Mar 2026
ColorimeterColour
Video FormatDigital
Movie GroupTamil
CategoryDrama
CompanyOsai Films
Main Actor: Kayal Vincent Main Actress: Saumi Munasin Director: Sukirthan Cristhuraja Director: Jenosan Rajeswar Producer: Ramanadas Sathyanaadan Producer: Sugandinee

Trailer

Description

මෙරට සහ දකුණු ඉන්දියාවේ දමිළ සිනමා කර්මාන්තය තුළ වසර දහයකට අධික අත්දැකීම් සහිත සුකීර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනෝෂන් රාජේෂ්වර් දෙදෙනාම සහාය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන අතරතුර, ඔවුනගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් ‘අන්තෝනි’ හරහා අධ්‍යක්ෂවරුන් බවට පත් වී ඇත. සුකීර්තන් ක්‍රිස්තුරාජා නිෂ්පාදන සැලසුම්කරුවෙකු සහ ලේඛකයකු ලෙස කටයුතු කරන අතර, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් වන, බලා‍ජි ශක්තිවේල් සහ රංජිත් ජෝසප් සමග එක්ව ඔවුන්ගේ නිර්මාණයන් හා සම්බන්ධව කටයුතු කර ඇත . ‘ඕෂි -ද ඩාර්ක් නයිට්’, ‘ලුසී’ සහ ‘අධිරන්’ චිත්‍රපට සඳහා ඔහු දායකවී ඇත. ජෙනෝෂන් රාජේෂ්වර් , කාර්තික් සුබ්බරාජා මහතා යටතේ ස්ටෝන් බෙන්ච් ප්‍රඩක්ෂන් හී සේවය කරන අතර ‘නීලිරා’, ‘දෙයිව මචන්’ සහ ‘ඉරානි’ යන චිත්‍රපටිවල සහය සහය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිනමාවේ නව මංපෙත් සෙවූවෙකි. ඔහු මහජන සම්බන්ධතා සහ චිත්‍රපට බෙදා හැරීම පිළිබඳව ද ප්‍රවීණයෙකි.

Sarasaviya

ධීවර ප්‍රජාව පිළිබඳව දිගහැරෙන අනුවේදනීය හා මානුෂිකත්වය පෙරදැරි කරගත් මෙම කතාවට පසුබිම වන්නේ, යාපනයේ ගුරුනගර් සහ අල්ලයිපිඩ්ඩි යන වෙරළබඩ ධීවර ගම්මානයි. නොසන්සුන් රළ අතර දෝලනය වන ඔවුනගේ ජීවිතයන්හි එකම විශ්වාසය හා ඇදහිල්ල වන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන් වන අතර, ගමේ දේවස්ථානයේ පියතුමාගේ මග පෙන්වීම මත ඔවුන්ගේ ජීවිත හැඩගැන්වේ. මෙහි කතා නායකයා වන ඇන්තනි ධීවර කර්මාන්තයේ නිපුනයකු මෙන්ම, ධීවර ප්‍රජාවගේ හදවතේ වීරයාව සිටින්නෙකි. ඇන්තනිගේ බිරිඳ නාලිනී මවක් වන්නේ විවාහ වී වසර දහයකට පසුව, දෙවියන්ට කන්නලව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව ඔවුනගේ විස්වාසයයි. ධීවර ප්‍රජාවට ඔවුන්ගේම රිද්මයක් ඇත. මත්පැන්, රණ්ඩු දබරවීම් ඔවුනගේ ජීවිතයන්හි කොටසක්ව පවතී. ඇන්තනි පන්නයට යන්නේ ඔහුගේම කුඩා ඔරුවෙනි. ඔහු බිරිඳ හා දරුවා වෙත දක්වන්නේ අසීමිත සෙනෙහසකි . 25 හැවිරිදි තරුණයකු වන අශෝක් විශාල බෝට්ටුවකින් ධීවර වෘත්තීයේ නිරත වන්නෙකි. ඔහු වැඩිහිටි ධීවරයන් හට කිසිසේත් ගරු නොකරයි. බාස්කරන් නැමති ධනවත් ව්‍යාපාරිකයාගේ දියණියක වන කැරොලින් සමග අශෝක් ආදරයෙන් බැඳෙයි. මුහුදේ දී සිදුවන එක් අවාසනාවන්ත සිදුවීමකින් පසුව අශෝක් ඇන්තනි දෙස ගෞරවාන්විතව බැලීමට යොමු වෙයි. පසුව ඔවුන් මිතුරන් බවට පත්වීමෙන් අනතුරුව, අනපේක්ෂිත සිදුවීම් රැසක ආරම්භය සමඟින්, ඇන්තනි පවුල් ජීවිතය පවා උඩු යටි කුරු කරවන අයුරු අන්තෝනි තුළින් පෙන්වා දී ඇත.

Sarasaviya

Cast

Crew

Other Crew