INFO
Karthi Saha Banu / කාර්ති සහ බානු
[ Colour 35mm ]
Not Yet Released
57.627118644068
58% |   59  Vote(s) | Vote Here
1 2 3 4 5
 
අසම රන්දිල් ලියනගේ විසින් ලියූ “ආදර ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව” කෘතිය ඇසුරිනි.
 
SUMMARY

Karthi Saha Banu / කාර්ති සහ බානු
Not Yet Released
Colorimeter : Colour
Video Format : 35mm
Category :
Main Actor : Didula Induwara
Main Actress : Chamathka Lakmini
Director : Ashini Randini
Producer : Ashanthi Nandika

 
DESCRIPTION

කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය සහ කොළඹ නාගරීකය අවට ප්‍රදේශයන් තුළදී සම්පූර්ණයෙන්ම රූගත කිරීම් සිදුකර ඇති මෙම සිනමා නිර්මාණයෙන් සාකච්ඡාවට බදුන් වනුයේ, වර්තමාන සමාජය තාරුණ්‍යය කෙරෙහි බලපෑම් කරන ආකාරයත්, එම බලපෑම් හමුවේ ඇතිවන අභියෝග සහ ගැටලුවලදී ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරයත්, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හැසිරවීමේදී මතුවන යහපත්, අයහපත් ප්‍රවණතාවයන් සමඟින් නොපසුබටව ඉදිරියට යාමට නූතන තාරුණ්‍ය ප්‍රයත්න දරන ආකාරයත් වේ. තම ලේඛන වෘත්තයෙහි ස්ථාවර වීමට වෙර දරන “කාර්ති” නම් තරුණයාත් ඔහුගේ පෙම්වතිය වූ සුරූපී සුන්දර තරුණියක් වන “බානු” ඔවුනොවුන්ගේ ජීවිතවලට එල්ලවන විවිධ බාධක අභියෝග හමුවේ ගෙවී යන කාලයත් සමඟින් තාරුණ්‍යයේ ප්‍රේමණීය වූ සුන්දරත්වයේ සංකීර්ණත්වය හා පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ පවතින නොපෙනෙන අළු පැහැය සමාජගත කිරීමට මෙතුළින් උත්සාහ දරා ඇත.
 
මෙහි අධ්‍යක්ෂිකාව වන අශිනි රන්දිනි විමලදාස, කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරිනියක් වන අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ නිදහස් නිවේදිකාවක් ලෙසින්ද මේ වන විට කටයුතු කරමින් සිටී. “කාර්ති සහ බානු” ඇය විසින්ම තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කල ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. විශ්ව විද්‍යාලයේදී තම විෂයට අනුබද්ධිත ක්‍රියාකාරකම් රැසකට දායකත්වය දක්වා ඇති ඇය, ඉදිරියේ සිනමා ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් ලබාදීමටත්, තිර පිටපත් රචනයෙන් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණයට පිවිසීමටත් බලාපොරොත්තුවෙන් සිටී.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST


OTHER CREW

Assistant Director
Nadun Premachandra
Assistant Director
Dilki Kathriarachchi
Production Manager
Amantha Chanaka
Assistant Camera
Dulantha Silva
Assistant Camera
Dasuni Gunasekara
Assistant Makeup
Nishu Weerasinghe
Assistant Art Director
Nadeesha Samarakoon
Still Photographer
Dushan Perera
Sound Recordist
Tharindu Dissanayake
Sound Designer
Dilan Gunawardana
Colour Mixing
Dilan Gunawardana
Poster Design
Sajith Sandaruwan
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS