තොරතුරුකතාවගීතඡායාරූප
Akkara Paha / අක්කර පහ
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 213
නිකුත් වූ දිනය : 1970-05-09
58.421351504827
58% |   1761  Vote(s) | Vote Here
1 2 3 4 5
 
මඩවල එස්. රත්නායකගේ අක්කර පහ නවකතාව ඇසුරිනි
සාරාංශය

Akkara Paha / අක්කර පහ
චිත්‍රපට අංකය : 213
නිකුත් වූ දිනය : 1970-05-09
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Ceyloan Studio
ප්‍රධාන නළුවා : Milton Jayawardhana
ප්‍රධාන නිළිය : මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය : ලෙස්ටර් ජේම්ස් පීරිස්
නිෂ්පාදනය : P.E.E. Anthonypillai

 
විස්තරය

Tissa Abeysekera adapted Madawela S. Ratnayake's book as a follow-up to Golu Hadawatha. The film received a lukewarm response in Sri Lanka, but was well received in New York at the Museum of Modern Art's festival.

අක්කර පහ චිත්‍රපටයේ දක්ෂතම රඟපෑම මා දුටුවේ අතුරු චරිතයක් වූ කුමාරි ලෙස රඟපෑ මාලනී ෆොන්සේකාය. කුමාරිගේ චරිතය ක්‍රියාකාරීව හැල හැප්පීම් නොවුනද, හදවත තුළ බොහෝ දේ හිර කර ගනිමින් උපේක්ෂාවෙන් රඟපෑ යුතු චරිතයක් විය. එවකට නවක නිළියක්ව සිටි මාලනී ෆොන්සේකා අතීශයින්ම දක්ෂ ලෙස මෙම චරිතය තුළ ජීවත් විය. දඩබ්බර චරිතයක් වූ තෙරේසාට පණ පෙව්වේ ජානකී කුරුකුලසූරියය. මාලනී සේම, ජානකීද තම චරිතය මැනවින් අවබෝධ කරගෙන තිබුණි. ඇය කොතැනකදීවත් චරිතය වට්ටාගෙන තිබුණේ නැත. ජානකී කුරුකුලසූරිය ගේ ඉතාමත් සුළු රංගන ජීවිතයේදී මා දුටු හොඳම රංගනය මේ තෙරේසාගේ චරිතයයි. 'රැයත් දවාලත්' කෙටි චිත්‍රපටයෙන් පැමිණුනු අනෝමා වත්තලදෙනිය මෙහී සඳවති විය. ඇය අක්කර පහට 'සඳක්' මෙන් ආලෝකමත් විය. මිල්ටන් ජයවර්ධන සේන විය. මඩවලගේ පොතට අනුව තිස්ස අබේසේකර ලියූ තිරනාටකය තුළ සේනගේ තිබූ ඕලාරික ස්වරූපය මිල්ටන් ජයවර්ධන හඳුනා ගෙන තිබූ බවක් පෙනුණි. සුළු චරිතයක් වුවද සමරේ නොහොත් සමරසේකර ලෙස රැඟු ඩග්ලස් රණසිංහ චිත්‍රපටයට දැඩි ආකර්ෂනයක් විය. අමරසිරි කලංසූරිය ගුණේ විය. 
 
ශිරාණි කුරුකුලසූරිය ලීනා වූ අතර, ශ්‍රියානි පෙරේරා සුජාතා විය. රංජිත් වූයේ බැසිල්ද සේරම්ය. ගාමිණී විජේසූරිය සේනගේ හ කුමාරිගේ පියා වූ බන්ඩා මැදවත්ත විය. ශාන්ති ලේඛා, රුබීද මෙල්, මාපා ගුණරත්න, විජේරත්න වරකාගොඩ, සීතා කුමාරි, ලයනල් දැරිණියගල සෙසු චරිත රඟපෑහ. තිස්ස අබේසේකර තිරනාටකය ලියු අතර, එම් එස්. ආනන්ද කැමරා අධ්‍යක්ෂක විය. සංගීත අධ්‍යක්ෂනය ඩබ්ලියු ඩී අමරදේවය. සංස්කරණය සුමිත්‍රා පීරිස් වූ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂනයක් වූ "අක්කර පහ" චිත්‍රපටය නිශ්පාදනය කළේ පී.ඊ.ඊ. ඇන්තනී පිල්ලේය. ඒ සිලෝන් ස්ටුඩියෝ වෙනුවෙනි. 'අක්කර පහ' 1970 මැයි මස 08වන දින සිට තිරගත කිරීම ආරම්භ කළේය. 
 
ශෝන් මැක්ස්මස් දිසානායක
 
නළු නිළි කැල

Anoma Waththaladeniya
සඳවතී
මූලික ශිල්පින්

නිෂ්පාදනය
P.E.E. Anthonypillai
කැමරාකරණය
M.S. Anandan
සංස්කරණය
Sumithra Peiris
කලා අධ්‍යක්ෂණය
J.A. Vincent
ශබ්ද පරිපාලක
Nimal Weerakkody
අංග රචනය
Regie De Silva
සංගීත අධ්‍යක්ෂණය
ඩබ්ලිව්.ඩී. අමරදේව

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Ranjith Perera
සහාය අධ්‍යක්ෂණය
Upali Perera
සහාය අධ්‍යක්ෂණය
Ivan Weerakkody
ඇඳුම් නිර්මාණය
Anton De Silva
සහාය කලා අධ්‍යක්ෂණය
Lionel Silva
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS