තොරතුරුකතාවඡායාරූප
Thiththa Aththa / තිත්ත ඇත්ත
[ Colour ]
චිත්‍රපට අංකය : 1295
නිකුත් වූ දිනය : 2019-04-20
60.785083415113
61% |   2038  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

ඇත්ත සමහරුන්ට තිත්තය. එහෙයින් බොහෝ දෙනෙකු ඇත්තට කැමැති නැත. වලිසිංහ ඇමැතිද එසේමය. ඔහුට ද ඇත්ත තිත්තය. එහෙත් බොරුව පැණි රසය. මොන දේ වුණත් වලිසිංහ අන්ත මෝඩයෙකි. කරන්නේම මෝඩ වැඩය. බොරුවෙන් ජීවත් වන්නට ද උපන් හපනෙකි. වලිසිංහට උපදේශකවරයෙක් සිටියි. ඔහුගේ ද උපදෙස් වලිසිංහගේ මෝඩ වැඩවලට ඉනිමං බැන්දා හා සමානය. අතේ සතේ නැතුව දේශපාලනයට පිවිසුණු වලිසිංහ ඇමතිවරයකු බවට පත් වූදා සිට යහමින් මුදල් උපයයි.

දේශපාලනයෙන් කිසිවකුට සෙතක් නැත. සෙතක් ඇත්තේ වලිංසිංහට සහ මෝඩ උපදේශකටම පමණි. ඔවුන්ගේ කතාව එලෙස යද්දී වලිසිංහගේ හොරකම් මැරකම් වීඩියෝ කරන කොලු ගැටයෙකි. ඔහු විසේකුරුට්ටාය. තම ජංගම දුරකතනයට වලිසිංහගේ දුරාචාරාත්මක ක්‍රියාකාරකම් පටිගත කර ගන්නා ඔහු ඔවුන්ව බ්ලැක්මේල් කිරීමට පටන් ගනියි. මේ අතර හිඟන නායකයකු සිටියි. ඔහු ගෙම්බාය. හිඟන්නෙකු කිවුව ද බාහිරින් ඔහුට කිසිදු හිඟන ලක්ෂණයක් නැත. එහෙත් ගෙම්බා හිඟන වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ අවධානයෙන් පසු වෙයි. මේ අතර වලිසිංහ ඇමති කඹයක් අතැතිව උපදේශකගේ උපදෙස් මත රාජ්‍ය සේවකයකු ගසක් ළඟට රැගෙන යයි. මෙහි කතාව ඇරැඹෙන්නේ එතැනිනි.රසමුසු අවස්ථා මධ්‍යයේ වලිසිංහගේ ජීවිත කතාව හාස්‍යෝත්පාදක අන්දමින් එලෙස ගලා යන්නේය.

 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS