සාරාංශයඡායාරූප
B.S. Perera
බි. එස්. පෙරේරා
1924 - 1982
58.965238480194
59% |   1237  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

B.S. Perera බි. එස්. පෙරේරා
Balasuriyage Steven Perera
  • උපන්දිනය : 1924 March 31
  • විපත : 1982 July 24
  • සම්මාන

    1Actor - Most Number of Films
    4 වන දීපශිකා සම්මාන උළෙල 1974
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1වැරදුනු කුරුමානම
    නළුවා
    1948
    2ධීවරයෝ
    නළුවා
    1964
    3චන්ඩියා
    නළුවා
    1965
    4සතුටයි කඳුලයි
    නළුවා
    1965
    5යටගිය දවස
    නළුවා
    1965
    6අල්ලපු ගෙදර
    නළුවා
    1965
    7සත පනහ
    නළුවා
    1965
    8ළඳක මහිම
    නළුවා
    1965
    9සැඟවෙන සෙවනැල්ල
    නළුවා
    1966
    10මහ රෑ හමු වූ ස්ත්‍රිය
    නළුවා
    1966
    11සැනසුම කොතනද
    නළුවා
    1966
    12මහදැන මුත්තා
    නළුවා
    1966
    13ඇතුල්වීම තහනම්
    නළුවා
    1966
    14කපටිකම
    නළුවා
    1966
    15ඔබ දුටු දා
    නළුවා
    1966
    16සඳ නැග එද්දී
    නළුවා
    1966
    17සැනසිලි සුවය
    නළුවා
    1966
    18ලයට ලය
    නළුවා
    1966
    19සොරුන්ගෙත් සොරු
    නළුවා
    1967
    20පිපෙන කුමුදු
    නළුවා
    1967
    21සරණ
    නළුවා
    1967
    22වසන්ති
    නළුවා
    1967
    23රන්රස
    නළුවා
    1967
    24ඔක්කොම හරි
    නළුවා
    1967
    25හිත ගිය තැන
    නළුවා
    1967
    26සූර චව්රයා
    නළුවා
    1967
    27පිනිබිඳු
    නළුවා
    1968
    28ලන්ඩන් හාමු
    නළුවා
    1968
    29ඇමතිකම
    නළුවා
    1968
    30රුහුණු කුමාරි
    නළුවා
    1968
    31දෙහදක දුක
    නළුවා
    1968
    32අටවැනි පුදුමය
    නළුවා
    1968
    33ඔබ නැති නම්
    නළුවා
    1969
    34කොහොමද වැඩේ
    නළුවා
    1969
    35පික්පොකට්
    නළුවා
    1969
    36ප්‍රවේසම්වන්න
    නළුවා
    1969
    37පැන්චා
    නළුවා
    1969
    38ආත්ම පූජා
    නළුවා
    1970
    39තෙවන
    නළුවා
    1970
    40පේනවා නේද
    නළුවා
    1970
    41ඔහොම හොඳද
    නළුවා
    1970
    42කතුරු මුවාත්
    නළුවා
    1971
    43සීයේ නෝට්ටුව
    නළුවා
    1971
    44එදත් සූරයා අදත් සූරයා
    නළුවා
    1972
    45සුජීවා
    නළුවා
    1972
    46සිංගප්පූරු චාලි
    නළුවා
    1972
    47අද මෙහෙමයි
    නළුවා
    1972
    48ලොකුම හිනාව
    නළුවා
    1972
    49ඉහත ආත්මය
    නළුවා
    1972
    50අපරාධය සහ දඬුවම
    නළුවා
    1973
    51සුහද පැතුම
    නළුවා
    1973
    52තුෂාරා
    නළුවා
    1973
    53ගොපලු හඬ
    නළුවා
    1973
    54සිනාවයි ඉනාවයි
    නළුවා
    1973
    55සුනේත්‍රා
    නළුවා
    1973
    56දාහකින් එකෙක්
    නළුවා
    1973
    57හොඳට හොඳයි
    නළුවා
    1973
    58දුලීකා
    නළුවා
    1974
    59දිනුම් කනුව
    නළුවා
    1974
    60සුරේඛා
    නළුවා
    1974
    61ඔන්න බබෝ බිල්ලෝ එනවා
    නළුවා
    1974
    62ඔන්න බබෝ බිල්ලෝ එනවා
    නළුවා
    1974
    63සුසී
    නළුවා
    1974
    64චන්ඩි පුතා
    නළුවා
    1974
    65සාගරිකා
    නළුවා
    1974
    66දුප්පතාගේ හිතවතා
    නළුවා
    1974
    67වස්තුව
    නළුවා
    1974
    68ජීවන ගංගා
    නළුවා
    1974
    69රොඩී ගම
    නළුවා
    1974
    70සූරයා සූරයාමයි
    නළුවා
    1975
    71හිත හොඳ මිනිහෙක්
    නළුවා
    1975
    72ඔබයි මමයි
    නළුවා
    1975
    73කලියුග කාලේ
    නළුවා
    1975
    74රත්තරන් අම්මා
    නළුවා
    1975
    75සූකිරි කෙල්ල
    නළුවා
    1975
    76සිරිල් මල්ලි
    නළුවා
    1975
    77අමරණීය ආදරේ
    නළුවා
    1975
    78ලස්සන කෙල්ල
    නළුවා
    1975
    79කෝකිලයෝ
    නළුවා
    1975
    80ජීවන ගීතය
    නළුවා
    1975
    81දමයන්ති
    නළුවා
    1975
    82ලස්සන දවසක්
    නළුවා
    1975
    83සධානා
    නළුවා
    1975
    84ප්‍රදීපේ මා වේවා
    නළුවා
    1976
    85නයනා
    නළුවා
    1976
    86කව්ද රජා
    නළුවා
    1976
    87වාසනා
    නළුවා
    1976
    88වානරයෝ
    නළුවා
    1976
    89ආශා
    නළුවා
    1976
    90හරියට හරි
    නළුවා
    1976
    91ඔන්න මාමේ කෙල්ල පැනපි
    නළුවා
    1976
    92දෙයියන්ගේ තීන්දුව
    නළුවා
    1976
    93ආදරෙයි මං ආදරෙයි
    නළුවා
    1976
    94රන් තිලකා
    නළුවා
    1976
    95සකුන්තලා
    නළුවා
    1977
    96සුදු පරවියෝ
    නළුවා
    1977
    97ශ්‍රී මදාරා
    නළුවා
    1977
    98හරියනකොට ඔහොම තමයි
    නළුවා
    1977
    99චින් චින් නෝනා
    නළුවා
    1977
    100යලි ඉපදේ
    නළුවා
    1977
    101සජා
    නළුවා
    1977
    102ඇගේ ආදර කතාව
    නළුවා
    1977
    103මරුවා සමග වාසේ
    නළුවා
    1977
    104වනගත කෙල්ල
    නළුවා
    1977
    105සිතක සුවඳ
    නළුවා
    1978
    106චන්ඩි ශ්‍යාමා
    නළුවා
    1978
    107ජනක සහ මංජු
    නළුවා
    1978
    108මගේ රන් පුතා
    නළුවා
    1978
    109මධුවන්තී
    නළුවා
    1978
    110සිරිපතුල
    නළුවා
    1978
    111සරා
    නළුවා
    1978
    112කුණ්ඩල කේශී
    නළුවා
    1978
    113ටිකිරා
    නළුවා
    1978
    114වීර පුරන් අප්පු
    නළුවා
    1978
    115සැලි
    නළුවා
    1978
    116අප්සරා
    නළුවා
    1978
    117දීපාන්ජලි
    නළුවා
    1978
    118සඳ වට රන් තරු
    නළුවා
    1978
    119සමන්මලී
    නළුවා
    1979
    120ජීවන කඳුළු
    නළුවා
    1979
    121අමල් බිසෝ
    නළුවා
    1979
    122හිඟන කොල්ලා
    නළුවා
    1979
    123රජ කොල්ලෝ
    නළුවා
    1979
    124රාන් කුරුල්ලෝ
    නළුවා
    1979
    125අනුෂා
    නළුවා
    1979
    126අක්කේ මට අවසර
    නළුවා
    1979
    127සුගන්දි
    නළුවා
    1979
    128සව්ජන් ජෙමා
    නළුවා
    1979
    129සුභානි
    නළුවා
    1979
    130නුවන් රේණු
    නළුවා
    1979
    131හරි පුදුමයි
    නළුවා
    1979
    132සිල්වා
    නළුවා
    1980
    133අනුහස
    නළුවා
    1980
    134සීතා
    නළුවා
    1980
    135ආදර රත්නේ
    නළුවා
    1980
    136ඩොක්ට සුසන්තා
    නළුවා
    1980
    137රජ දවසක්
    නළුවා
    1980
    138මගේ අම්මා
    නළුවා
    1980
    139අපි දෙදෙනා
    නළුවා
    1980
    140කෝලම්කාරයෝ
    නළුවා
    1981
    141සැනසුම
    නළුවා
    1981
    142අම්මේ මට සමාවෙන්න
    නළුවා
    1981
    143සත්කුළු පව්ව
    නළුවා
    1981
    144රිදී තැල්ල
    නළුවා
    1981
    145බාදුරා මල්
    නළුවා
    1981
    146ගීතිකා
    නළුවා
    1981
    147දයාබර නිලූ
    නළුවා
    1981
    148හොඳම නළුවා
    නළුවා
    1981
    149ජීවන්ති
    නළුවා
    1981
    150සුද්දා
    ප්‍රධාන නළුවා
    1981
    151බයිසිකලේ
    නළුවා
    1982
    152සුදු අයියා
    නළුවා
    1982
    153ඒක දිග කතාවක්
    නළුවා
    1982
    154පෙති ගෝමර
    නළුවා
    1982
    155රහසක් නැති රහසක්
    නළුවා
    1982
    156සිතාරා
    නළුවා
    1982
    157තක්කිට තරිකිට
    නළුවා
    1982
    158චතු මධුර
    නළුවා
    1982
    159කඩවුණු පොරොන්දුව (නව)
    නළුවා
    1982
    160රන් මිනි මුතු
    නළුවා
    1983
    161සුමිතුරෝ
    නළුවා
    1983
    162චන්ඩි සිරියා
    නළුවා
    1983
    163චුට්ටේ
    නළුවා
    1983
    164කරාටේ ජෝ
    නළුවා
    1983
    165ලොකු තාත්තා
    නළුවා
    1983
    166මල් මධූ
    නළුවා
    1983
    167රතු මකරා
    නළුවා
    1983
    168හිතත් හොඳයි වඩාත් හොඳයි
    නළුවා
    1983
    169වැල්ලේ තැනූ මාලිගා
    නළුවා
    1984
    170මාල ගිරව්
    නළුවා
    1984
    171කිරි කවඩි
    නළුවා
    1984
    172කැකිල්ලේ රජ්ජුරුවෝ
    නළුවා
    1984
    173බඹර පැටික්කී
    නළුවා
    1984
    174කෝකිලා
    නළුවා
    1984
    175හිතවතිය
    නළුවා
    1984
    176නාමල් රේණු
    නළුවා
    1984
    177රණ දෙරණ
    නළුවා
    1984
    178සහෝදරියකගේ කතාව
    නළුවා
    1984
    179රන්මලීගේ වාසනාව
    නළුවා
    1984
    180ඇර සොයිසා
    නළුවා
    1984
    181බිරිඳ
    නළුවා
    1984
    182මුතු මැණිකේ
    නළුවා
    1984
    183චාලිත රන්ගාලි
    නළුවා
    1985
    184පුතුනි මට සමාවෙන්න
    නළුවා
    1985
    185ආදරයක මහිම
    නළුවා
    1985
    186මල් වරුසා
    නළුවා
    1986
    187ගිම්හානේ ගී නාදේ
    නළුවා
    1986

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1රොඩී ගම
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය
    1974
    ජීවදත්ත

    ට්‍රෑම් කාර් රියදුරු ජීවිතයේ නොකැළැල් රාජකාරියක් ඉටු කළ බී. ඇස්. ට පරීක්ෂක ධූරය ලබා දීමට කොළඹ නගර සභාව කාරුණික වී ඇත. ඉන් පසු ඇරඹෙන්නේ ට්‍රොලි බස් යුගයයි. නගර සභා මරණාධාර සංගමයට ආධාර පිණිස ඔහු 'නිකං ආවා' නාට්‍යය නිෂ්පාදනය කළේය. ට්‍රොලි බස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ බී. එස්. ගේ හැසිරීම් නිරීක්ෂණය කළ මිත්‍රයෙක් වූ සී.එම්. රූපසිංහ දවසක් මෙසේ කීය.
     
    ‘බී. ඇස්. පෙරේරා නම් වූ විකට නළුවෙක් මෑත භාගයේ ජීවත් වූයේය. චිත්‍රපට වැඩිම සංඛ්‍යාවක රඟපෑම වෙනුවෙන් 1974 දී ඔහු 'දීපශිඛා' සම්මානයෙන් පිදුම් ලැබීය. විකට නළු බී. එස්. පෙරේරාගේ සම්පූර්ණ නම බාලසූරියගේ ස්ටීවන් පෙරේරාය.' මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ 'ගාන්ධර්ව අපදාන -1' කෘතියේ බී. ඇස්. පෙරේරා නම් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා ගැන ලියූ සටහනේ 'බී. ඇස්' ලා දෙදෙනා ගැනම හැඳින්වීමේ සඳහන් වෙයි. බඹරැන්දගේ බුද්ධදාස ශ්‍රීනාත් පෙරේරා නම් සංගීතඥයා, තනු නිර්මාපකයා කපටි ආරක්ෂකයා (සම සංගීත අධ්‍යක්ෂ), පෙරෙළෙන ඉරණම, පෙරකදෝරු බෑණා, හදිසි විවාහය, කවට අන්දරේ ඇතුළු චිත්‍රපටල සංගීත අධ්‍යක්ෂවරයා විය.
     
    අද අප කතා කරන්නේ දේශීය සිනමාවේ ප්‍රමුඛ විකට නළුවකු වූ, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නාට්‍ය නිෂ්පාදකවරයකු, ගායකයකු වූ බී. ඇස්. පෙරේරා ගැනය. තව දින දෙකකින් ජූනි 23 වෙනිදාට බී. එස්. අප අතරින් වියෝ වී තිස් හය වසර සපිරෙයි.
     
    මීට වසර 43 කට එපිට මට මුලින් බී. එස්. පෙරේරා හමු වූයේ ඔහු පදිංචිව සිටි කොළඹ වේල්ස් කුමාර මාවතේ සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපස ඇති නාගරික නිවාසයකදීය. මේ නිවස අසල තිබූ ගසක සෑම සිංහල චිත්‍රපටයකම දැන්වීම් පුවරුවක් සවිකර තිබුණේය. ඇතැම් විට එහි අපූරු චිත්‍ර ද මට දැකගන්ට ලැබුණි.
     
    'මිස්ටර් පෙරේරා මොකද ගේ ගාව චිත්‍රපටවල දැන්වීම් ගහල තියෙන්නේ' මම වරක් ඔහුගෙන් ඇසුවෙමි.
     
    'කවුද ඉතින් මම මිසක්. මම හිතන්නේ අපේ රටේ නිෂ්පාදනය කරලා තිර ගතවන හැම චිත්‍රපටයක්ම ආදායම් ලබමින් ප්‍රදර්ශනය වෙන්න ඕනෑ. එතකොට තමයි සිනමාව රැකෙන්නේ. ඒ හැම චිත්‍රපටයකටම ප්‍රචාරය දෙන අදහසින් මම මේ දැන්වීම් බෝඩ් එක එල්ලන්නේ. සමහර වෙලාවට මගේ පුතා (සුනිල් වෙස්ලි පෙරේරා) අතින් අඳින දැන්වීම් මම මෙතැන ප්‍රදර්ශනය කරනවා.'
     
    'පුතා එහෙනං හොඳ ආටිස්ට් කෙනෙක්. කෝ එයා?' මම ඇසුවෙමි.
     
    එකල බ්ලූමැන්ඩල් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ කුඩා සුනිල් වෙස්ලි මට ඩ්‍රෝවින් පොතක් ගෙනවිත් පෙන්නුවේය. එහි තිබුණේ පුතා තාත්තාගේ ඡායාරූප 'ඉන්දියන් ඉන්ක්'වලින් අඳින ලද චිත්‍රය. එයින් එකක් ඉල්ලා ගත් මම එය සරසවිය පත්‍රයේ පළ කර දුනිමි. සුනිල් අද වෘත්තීය චිත්‍ර ශිල්පියෙකි. ඔහු මොරටුවේ සොයිසා පුර මහල් නිවාසයේ පදිංචිව සිටී.
     
    'බී. එස්. නමින් කලා ලොව හඳුනන බී. එස්. පෙරේරා හෙවත් බාලසුරියගේ ස්ටීවන් පෙරේරා 1924 වසරේ මාර්තු 31 වෙනිදා කොළඹ මාලිගාකන්ද ආණ්ඩුවේ පාසැලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව මරදානේ සංඝරාජ විද්‍යාලයේ වැඩිදුර ඉගෙනීම ලැබුවේය. ඔහු හැදී වැඩුණේ මරදානේ පිචෝස් ලේන් (අද දේවානම් පියතිස්ස පාර) කොලු රොත්ත අතරය.
     
    කුඩා කල සිටම පුංචි ස්ටීවන් ටවර් හෝල් නාට්‍යවල රඟපෑ බව අපට විස්තර කළේ ඒවා රඟපාමිනි.
     
    'ඔව් . . . මම ටවර්හොල් නළුවෙක්. මගේ තාත්තගේ නම බාලසූරියගේ ඇඩ්වින් පෙරේරා. එයත් ටවර් හෝල් යුගයේ දක්ෂ කලාකාරයෙක්. කොල්ල කාලේ මම තාත්තා පස්සෙන් යනවා, ගිහිල්ලා තාත්තා රඟපාන හැටි බලන් ඉන්නවා. ගෙදර ඇවිත් මම කාමරයේ දොර වහගෙන ඒවා රඟපානවා. අම්මා දවසක් මගේ මේ නාඩගම් මට හොරෙන් තාත්තට පෙන්නල තියෙනවා.
     
    'මං නැති කාලෙක කොලුව මගේ නම ගෙනියාවි'
     
    තාත්තා කිව්ව ඒ වචන පෙළ තාත්තා මැරුණට පස්සේ අම්මා මට කිව්වා. හුඟක් දෙනෙක් දන්නේ නැති වුණාට මම 'ශ්‍රී වික්‍රම' නාට්‍යයේ මොහොට්ටාල ලෙස රඟපෑවා. මං එච්චරයි ටවර් හෝල් නාට්‍යයක රඟපෑවේ. ඒ නාට්‍ය ලියලා තියෙන්නේ මියගිය නීතිඥ ජෝන් ද සිල්වා මහත්තයා බව දැනගත්තේ පස්සේ.' බී.ඇස්. අතීතයට යමින් කීවේය.
     
    ඔහු 1939 වසරේ යුද්ධ හමුදාවට බැඳී පසුව කොළඹ නගර සභාවේ කාර්මික අංශයට බැඳුණේ දෙවන ලෝක යුද්ධය නිමාවත් සමඟය. ඒ ලංකාවට ට්‍රෑම් කාර් ධාවනය පටන් ගත් කාලයේය. ඔහු ට්‍රෑම් කාර් රියදුරෙකු හැටියට සේවය කරන කාලේ වේදිකා නාට්‍ය රඟපෑවා පමණක් නොව නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළේය. 'සමදත්තර', 'ලංකාපුර', 'සාලිය අශෝකමාලා' මේ නාට්‍ය අතර ප්‍රධානය. ඒ කාලයේ ට්‍රෑම් කාර් රියදුරෙකු ලෙස බී. එස්. කොටුව, පිටකොටුව, මරදාන, ග්‍රෑන්ඩ්පාස් දක්වා ධාවනය කළා. ඔහුට මේ ගමන හරිම විනෝද වුණේ මඟ තොටදී හමු වන අපූරු චරිත හමුවීම නිසාලු. දවසක් බී. ඇස්.ට නොසිතූ අනතුරකට මුහුණ දෙන්න සිදු විය. ට්‍රෑම් රථයේ වහලය මත සවිකර තිබූ බාර් දෙකක් විදුලි කම්බි දිගේ ඇදෙන විදිහටයි ධාවනය වන්නේ. ට්‍රෑම් කාර් එකක් වංගුවක් ළඟදී විදුලි බාර් කම්බිවලින් අහකට පැනීම නිසා විදුලි කම්බිවලින් ගිනිපුපුරු වීසි වෙයි. එය අවධානම් අවස්ථාවකි. එදා ඔහු කොටුවේ බ්‍රිස්ටල් වටරවුම ළඟදී ඔහු පදවාගෙන යන ට්‍රෑම් රථයේ බාර් එකේ විදුලි කම්බිවලින් අහකට පැන ඇත. ඒ වෙලාවෙදී වීසි වුණ ගිනි පුපුරක් ඔහුගේ ඇහැට වැදුණි. ඇසට සැත්කමක් කළ ද එයින් ඔහුගේ ඇහේ වපරයක් ඇති විය.. 'අපි එක ඇහැක් බේර ගත්තෙත් අමාරුවෙන්' කියලා දොස්තරවරයෙක් බී. එස්. ට කියා ඇත. මේ විස්තරය ඔහු කියා තිබුණේ පාලිත සමරසිංහ ගුවන් විදුලියෙන් කළ 'මතක සටහන්' වැඩ සටහනටය. බී. ඇස්. ගේ වපරය ඔහුට වාසියක් විය. වපරය තුළින් ඔහු සිනමා නළුවෙකු වීමේ වාසානව උදා කර ගත්තේය.
     
    ට්‍රෑම් කාර් රියදුරු ජීවිතයේ නොකැළැල් රාජකාරියක් ඉටු කළ බී. ඇස්. ට පරීක්ෂක ධූරය ලබා දීමට කොළඹ නගර සභාව කාරුණික වී ඇත. ඉන් පසු ඇරඹෙන්නේ ට්‍රොලි බස් යුගයයි. නගර සභා මරණාධාර සංගමයට ආධාර පිණිස ඔහු 'නිකං ආවා' නාට්‍යය නිෂ්පාදනය කළේය. ට්‍රොලි බස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ බී. එස්. ගේ හැසිරීම් නිරීක්ෂණය කළ මිත්‍රයෙක් වූ සී.එම්. රූපසිංහ දවසක් මෙසේ කීය.
     
    'අයිසේ, තමුසෙගේ තියෙන්නේ කොමික් මුහුණක්. චිත්‍රපටවල විකට නළුවෙකුට උචිත මුහුණක්. ඉන්නවකෝ මම තමුසෙව චිත්‍රපටවලට සම්බන්ධ මහත්තයකුට හඳුන්වල දෙන්න' රූපසිංහ කීවේය.
     
    එකල සිනමාස් සමාගමේ සේවය කළ ඇස්. සිවානන්දන් රූපසිංහ දැන සිටියේය. එකල නිෂ්පාදනයේ තිබූ 'ධීවරයෝ' චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ඔහු. (පසුව ඔහු 'ඔබ දුටු දා' චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය). සිවානන්දන් 'ධීවරයෝ' චිත්‍රපටයේ සුළු චරිතයකට බී. එස්. තෝරා ගත්තේය. ඔහුට ලැබුණු මුල්ම දර්ශනය ගීතමය අවස්ථාවක්. හියුගෝ ප්‍රනාන්දු, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ඇන්තනි සී. පෙරේරා සමඟ ගයන ගීතයකි.
     
    'රෑ බෝ වී එයි
    වැඩ පළ ඉවරයි
    අපෙ ගෑනුන්ට රජ සැප දුක අපටයි
    එය නැති වෙන්න කමු බොමු තරිකිට තෙයි'
     
    මේ ගීතය පසුබිමින් ගැයුවේ මිල්ටන් පෙරේරා, හරුන් ලන්ත්‍රා සහ නොයෙල් ගුණරත්නය.
     
    බී. එස්. වඩාත් මතක හිටින චරිතයක් රඟපෑවේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරගේ 'සැනසුම කොතනද?' චිත්‍රපටයේ රෝහලක සිටින රෝගියෙක් හැටියටය. ඔහුගේ මිතුරු රෝගියා ලෙස රඟපෑවේ ගැමුණු විජේසූරියයිි. මේ දෙදෙනා විවේකීව සිටින අවස්ථාවක බී. එස්. කල්පනා කරමින් සිටින ගැමුණුගේ ඇඳ ළඟට ගොස් මෙසේ අසයි.
     
    'මොනවද කල්පනා කරන්නේ?'
     
    'දැන් බලන්න හැම ගෙඩියකම ඇටය ඇතුළේ තිබුණත් කජු පුහුලමේ විතරක් . . .' ගැමුණු කියයි.
     
    'ඇටය එළියේ . . .' බී. එස්. කියන්නේ සිනාසෙමිනි.
     
    'ඇටේ එළියේ' කියමින් ගැමුණු මහ හයියෙන් සිනා සෙද්දී හෙදිය (ජීවරාණී කුරුකුලසූරිය) ඔවුන්ට සැර වන්නී 'මේක ඉස්පිරිතාලයක්' කියමින් බැන වදිමිනි.
     
    'කපටිකම' චිත්‍රපටයේ රඟපෑමට ගොස් වූ ඇබැද්දියක් බී. එස්. විස්තර කළේ මෙහෙම.
     
    'මේ චිත්‍රපයේ මම රඟපෑවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ චරිතයක්. ලංකා චිත්‍රාගාරයේ ඇතුළේ. දවසක් මම මගේ චරිතයේ කොටසක් රඟපාමින් හිටියේ. දර්ශනය අවසානයේදී 'කට් . . කට්' කියලා මම ඉදිරියට ආවා. එතකොටම අර බිම තිබුණු වයර් එකක් මගේ කකුලේ පැටලුණා. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. මාව බිම ඇද වැටුණා දඩෝරිං ගාලා. කොහේද මට නැගිට ගන්නවත් බැහැ. වැලමිටවල් තුවාල වෙලා. එක එකා බඩවැල් අල්ලාගෙන හිනා. මට මෙහෙ වේදනාව. ඉතින් අනේ ඔක්කෝම දුවගෙන ඇවිල්ලා මාව උස්සා ගත්තා. ඒත් සමහරු මගේ වේදනාව පෙනි පෙනී හිනාව. ඔහොම තමයි චිත්‍රපටවල රඟපාන කොට ඇත්තට මළත් හිනාව . . .'
     
    'මහදැනමුත්තා' චිත්‍රපටයේ රඟපාන්න ගිය එක් සිද්ධියක් සරසවිය පත්‍රයේ මිල්ටන් ද සොයිසාට (1967) විස්තර කර තිබුණේ මෙසේය.
     
    'ඒක කුඹුරක සීසාන දර්ශනයක්. ජෝ අබේවික්‍රම මැස්ස උඩ. මැස්ස උස්සාගෙන ඉන්නේ මමයි, රිචඩ් ඇල්බට් (ටාසන්) ඔලිවරුයි තවත් එක් කෙනෙකු. ඔන්න සී සානවා. රොබින් තම්පෝ මහත්තයාත් බලාගෙන ඉන්නවා. අපි වෙලට බැස්සා. මාව කරවටක් එරුණා එක පාරටම. මැස්ස උඩ හිටපු ජෝව මැස්සෙන් වෙලට වැටුණා 'ජබොක්' ගාලා. ජෝ මඩේ දඟලනවා. කොහොමටවත් ගොඩට එන්ඩ බැහැ. එක එකාගේ උදව්වෙන් ඔන්න මාත් ගොඩට ආවයි කියමුකො. ඔන්න ආයෙ දර්ශනය ගන්ඩයි ලෑස්තිය. කොහේද . . . ඒ පාර මාව එරුණ තැන රිචඩ් (ටාසන්) එරිලා. මිනිහව ගොඩ ගන්න තිබුණ අමාරුව. වදෙන් පොරෙන් මිනිහවත් ගොඩ ගත්තයින් පස්සේ අපේ දර්ශනය කැමරාවට ගත්තා. පස්සේ ගොඩට ඇවිදින් බලන කොට අපේ ඇඟපතේ කුඩැල්ලො පිරිලා . . . ඉතින් මොකද වුණේ . . . හිරිකිතේ බැහැ, බයේ බැහැ . . . කෑ ගසමින් නියරවල් දිගේ දුවමින් කූඩැල්ලේ කඩන්න අපට සිද්ධ වුණා. ඒක දැකපු අනිත් අයට හරි හිනා. අපිට මේ මරු ජුවල්'.
     
    බී. එස්. රඟපෑ විකට චරිත අතිශයින්ම ජනප්‍රිය විය. චණ්ඩියා චිත්‍රපටයේ රිෆායි නානාය. 'තුෂාරා' හි කුකුල් හොරුන් ලෙස ඔහු ජෝ සමඟ රඟපෑ අතර 'හරි පුුදුමයි' හි බොකුදිරාස් විය. හොඳට හොඳයි හි පඩික්කමයාය. එක දවසක් බී. එස්. බස් එකේ යන විට 'පඩික්කමා' යයි කොල්ලෝ කෑගැසූ බව ඔහු කියා ඇත. සැනසිලි සුවයේ ඔහු පොපට් ලාල්ය. මහදැනමුත්තා හි පුවක්බඩිල්ලා වූ බී. එස්. 'රිදීතැල්ලේ' කට්ටඩියා ලෙස ප්‍රකට විය.
     
    'හිනා . . ඇති තරම් . . හිනා ගැස්සුවා. මට ඇති වුණේ නැහැ. ඇතිවීමක් ඇති වෙන්නෙත් නෑ. තව හිනා වෙන්න ඕනෑ. හිනහ වී තර වෙන්න කියලා පරණ කතාවක් තියෙනවානේ' බී. එස්. කියා ඇත.
     
    බී. එස්. මුලින්ම රඟපැවේ ඉංග්‍රීසි චිත්‍රපටයක බව දන්නේ ටික දෙනෙකි. මෙරට රූගත වු ලෙක්ස් බාකර් රඟපෑ ජාත්‍යන්තර චිත්‍රපටයක රඟපෑ බව බී. එස්. මට කියා තිබුණි. ඔහු විනෝද අවස්ථාවල කියන පෘතුගිසි - සිංහල ගීතයක් තිබුණි.
     
    'ක්‍රිස්මස් පුස්පර
    කේක් බුරුදර
    ලැම්බෝයි පුස්තෙයි පුරා පේරු'
     
    බී. එස්. ට 1974 වසරේ එතෙක් සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑ නළුවාට හිමි දීපශිඛා සම්මානය හිමි විය. බී. එස්. රඟපෑ චිත්‍රපට 110 ක පමණ චිත්‍රපට ලේඛන ගත කළොත් එය දිගු එකක් වනු ඇති. 'අනුරාගම්' 'මාමියාර් වීඩු' ඔහු රඟපෑ ලාංකේය දෙමළ චිත්‍රපට වේ. ඔහු මුලින්ම රඟපෑ මුල්ම චිත්‍රපටය වූ සිරිසේන විමලවීරගේ 'රොඩී කෙල්ල'ය. විමලවීර මාස්ටර්ගේ හදිසි මරණය නිසා මෙය නතර වී ඇත.
     
    කලාවට කැප වූ ඔහු හලාවත ඉඩමක් මිල දී ගෙන 'රොඩීගම' චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි සම අධ්‍යක්ෂවරයා විය. එහි ඔහු පසුබිම් ගී ගැයුවේය. විකට රංගනයෙන් මිදී ඔහු චරිතාංග නළුකු ලෙස මතු වූයේ සුබානි, බඳුරා මල්, රණ දෙරණ හා රිදී තැල්ල චිත්‍රපටයන්හිදීය. රඟපාන අතර අසනීප වී හලාවත මූලික රෝහලේදී මිය ගියේ 1982 ජූනි 23 වෙනිදාය.
     
    ගැහැනු දරුවන් පස් දෙනකු (ශ්‍රියානි (මියගිය) ශ්‍රියානි, බ්‍රින්ද්‍රා, රාජති, ප්‍රින්සි) හා පුතුන් දෙදෙනකුගේ පියකු වූ බී. එස්. ගේ බිරිඳ වූයේ ගාල්ලේ බී. ඒ. ඩී. ඥනවතීය. සුනිල් වෙස්ලි පුතා වෘත්තීය වාණිජ චිත්‍ර ශිල්පයෙක් හා ගායකයකු වූ අතර අනික් පුතු රවීන්ද්‍ර පෙරේරා යකඩයා, දුප්පතාගේ හිතවතා චිත්‍රපටවල රඟපෑ අතර ඔහු හලාවත දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කොට විශ්‍රාම ලබා ඇත.
     
    ඒ. ඩී. රන්ජිත් කුමාර
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS