INFOPLOT
Maya (new) / මායා (නව)
[ Colour ]
Film No : 1229
Released Date : 2016-09-01
59.012096774194
59% |   1984  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Maya (new) / මායා (නව)
Film No : 1229
Released Date : 2016-09-01
Colorimeter : Colour
Category :
Studio : Real Image Pictures Studios
Main Actor : Ranjan Ramanayaka
Main Actor : Pubudu Chaturanga
Main Actress : Shehara Franciscus
Director : Donald Jayantha
Producer : Srimathi Sadesh Kumar
Producer : R. Shadesh Kumar

TRAILER


 
FULL MOVIE

 
DESCRIPTION

මායා 2016 සැප්තැම්බර් 01 දා තිරගත කළ සිංහල ත්‍රිමාණ චිත්‍රපටියකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ හෙවත් 3D සිනමාපටය යි. මෙම චිත්‍රපටිය හොල්මන්, ත්‍රාසජනක, ක්‍රියාදාම, විනෝදකාමී සිනමා නිර්මාණයකි. මෙහි අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත වන අතර මෙහි තිර රචනය පුබුදු චතුරංගගේ ය. මායා හි රංගනයෙන් රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, සොමී රත්නායක, ගිරිරාජ් කෞෂල්‍ය, නිල්මිණී කෝට්ටගොඩ ඇතුළු ප්‍රසිද්ධ නළු නිළි රැසක් දායක වේ. දිවයින පුරා පිහිටි සියලුම ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල දී හා ත්‍රිමාන සිනමාහල් වලදි මෙය අති සාර්ථක ව තිර ගත විය.
 
මෙහි කතාව දමිළ චිත්‍රපටියක් වූ මුනි 2: කාංචනා හි අනුවර්තනයකි. නමුත් තිර රචනයේ දී කාංචනා පිටපත විවිධ වෙනස් කම් වලට භාජනය කර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා හට ඔබින සේ නිර්මාණය කර ඇත. මෙහි තිර දර්ශන පිටපත පුබුදු චතුරංගගේ වන අතර මෙය ඔහුගේ දෙවන තිර රචනය වේ.මීට පෙරාතුව ඔහු විසින් සාරා හි තිර රචනය ටෙලි නාට්‍යයක් ඇසුරන් පිටපත ලියා සිනමාවට නැගුණ මුල්ම නිර්මාණය ලෙස එය ඉතිහාසයට එක් විය. සම්මානනීය සහාය අධ්‍යක්ෂක වරයෙකු වූ ඩොනල්ඩ් ජයන්ත ගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය යි. ප්‍රවේගය (2015) ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය යි. ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් යුවල විසින් නිෂ්පාදනය කරනු ලැබූ තෙවැනි සිනමාපටය යි. මින් පෙර ඔවුන් නිෂ්පාදනය කළ සුපර් සික්ස් (2012) ලංකාවේ අධික ආදයම් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටිය වූවා. නමුත් එහි වියදම පියවා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබිණ. නැවත ප්‍රවේගය සමඟින් දෙවන නිෂ්පාදනය හා පැමිණි ඔවුන්ගේ පරමාර්ථය සඵල විය. එය එ දිනවල තිබූ රජ චිත්‍රපට රැල්ල ගලවාලීමට සමත් විය. එම චිත්‍රපටිය වර්තා තබමින් සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරිණ.
 
රන්ජන් රාමනායක මෙහි දී කාන්තා චරිතයක් රඟ දක්වන අතර ඔහු ප්‍රථම වතාවට මෙලෙස කාන්තා චරිතයක් මෙන්ම අසීරු රංගනයකට එක් වූයේ ය. ඔහු ඇතැම් චිත්‍රපට හිදී සුළු සුළු ලෙස ස්ත්‍රී වෙස් ගෙන ඇතැත් මෙලෙස කාන්තාවක් හා සමානව ම රංගනයේ යෙදෙනුයේ ප්‍රථම අවස්ථාවටයි. මින් පෙර විකට යුගලය සමඟ ඇතැම් චිත්‍රපටවල ස්ත්‍රී වෙස් ගෙන ඇත.
 
CAST


OTHER CREW

Assistant Director
Niroshan Edirimanna
Assistant Director
Janaka Chamara
Production Manager
Ashoka Ariyarathne
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS