Solomon Fonseka

Solomon Fonseka

Full Name: Prof. Salaman Fonseka Born 17 July 1940 Died 21 Jul 2000

17 July 1940 - 21 Jul 2000

58.14% · 1,806 votes
Rate this artist

Summary

NameSolomon Fonseka
Full NameProf. Salaman Fonseka
Born17 July 1940
Died21 Jul 2000

Biography

ප්‍රකට රංගන විශාරදයකු, රංග කලා ගුරුවරයකු හා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදකවරයකු ද වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා 1940 ජූලි 17 වැනිදා උපත ලැබීය.

දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑණා නාට්‍යයේ නරියාගේ භුමිකාව මුලින්ම නිරූපණය කළේ සාලමන් ෆොන්සේකාය. සාලමන් නමින් ප්‍රසිද්ධ වුවත් ඔහුගේ මුල් නම සොලමන් ෆොන්සේකා විය. සාලමන් නමින් ප්‍රසිද්ධ වූයේ ඔහු අධ්‍යක්ෂණය කළ ‘අහිමි ජීවිත’ වේදිකා නාට්‍යයේ ප්‍රචාරක කටයුත්ත සමඟිනි.

චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් නුවර චාල්ස් විශ්ව විද්‍යාලයට ඇතුළු වී නාට්‍ය කලාව හා රංගනය පිළිබඳ ශාස්ත්‍රපති ගෞරව උපාධියත් නාට්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලබා ගැනීමට ඔහු සමත් විය.

රංග කලාව පිළිබඳ ආචාර්ය උපාධියක් ගත් ලංකාවේ ප්‍රථම තැනැත්තා සාලමන් විය. ඔහුගේ විශිෂ්ට රංගනයන් අතර දයානන්ද ගුණවර්ධනයන්ගේ ස්වර්ණ තිලකා, පරාස්සයා, නරිබෑනා, ගුණසේන ගලප්පත්තිගේ දෙවතා එළි සහ හෙන්රි ජයසේනගේ තවත් උදැසනක් විශේෂ තැනක් ගනී.

සුද්දිලාගේ කතාව, සිරි මැදුර ඔහු රඟපෑ චිත්‍රපට දෙකකි. ජාතික රූපවාහිනියේ ද සිය රංගන මාධුර්්‍යය විදහා දැක් වූ ඔහු ‘අහිමි ජීවිත’ වේදිකා නාට්‍ය මගින් නව රංගන කලාවක් ශ්‍රී ලංකාවේ වේදිකාවට හඳුන්වා දුන්නේය

Sarasaviya

As a Cast

#Film NoYearFilm RoleDirector
1 6061985 Suddilage Kathava සුද්දිලාගේ කතාව Actor Dharmasiri Bandaranayake
2 6771989 Sirimadura සිරිමැදුර Actor Parakrama Niriella