SUMMARYPHOTOS
Dayananda Jayawardena
දයානන්ද ජයවර්ධන
1934 - 2007
59.029411764706
59% |   1360  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Dayananda Jayawardena දයානන්ද ජයවර්ධන
Dayananda Jayawardena
  • Birthday : 1934
  • Died : 2007 February 04
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Daskon
    Actor
    1962
    2Gatavarayo
    Actor
    1964
    3Kolamba Hadayo
    Actor
    1966
    4Sudusu Da
    Actor
    1967
    5Naarilatha
    Actor
    1969
    6Dewena Pipasaya
    Actor
    1971
    7Kesara Sinhayo
    Actor
    1971
    8Welikathara
    Actor
    1971
    9Pem Kurullo
    Actor
    1975
    10Raththaran Amma
    Actor
    1975
    11Siril Malli
    Actor
    1975
    12Amaraneeya Adare
    Actor
    1975
    13Gijulihiniyo
    Actor
    1975
    14Asha
    Actor
    1976
    15Selinage Walawwa
    Actor
    1978
    16Anupama
    Actor
    1978
    17Divi Thibena Thuru
    Actor
    1979
    18Monarathenna
    Actor
    1979
    19Anusha
    Actor
    1979
    20Uthumaneni
    Actor
    1980
    21Kanchana
    Actor
    1980
    22Doctor Susantha
    Actor
    1980
    23Hondama Naluwa
    Actor
    1981
    24Pethi Gomara
    Actor
    1982
    25Sanasanna Maa
    Actor
    1982
    26Anuradha
    Actor
    1982
    27Ridee Nimnaya
    Actor
    1982
    28Mihidum Sihina
    Actor
    1982
    29Karate Joe
    Actor
    1983
    30Podi Ralahami
    Actor
    1984
    31Rana Derana
    Actor
    1984
    32Batti
    Actor
    1984
    33Sahodariyakage Kathava
    Actor
    1984
    34Birinda
    Actor
    1984
    35Yuganthaya
    Actor
    1985
    36Asipatha Mamai
    Actor
    1986
    37Maldeniye Simiyon
    Actor
    1986
    38Koti Valigaya
    Actor
    1986
    39Soora Saradiyel
    Actor
    1986
    40Hitha Honda Chandiya
    Actor
    1987
    41Nommara Ekai
    Actor
    1987
    42Randamwel
    Actor
    1987
    43Varadata Daduvam
    Actor
    1989
    44Pem Rajadahana
    Actor
    1990
    45Kristhu Charithaya
    Actor
    1990
    46Kelimadala
    Actor
    1991
    47Juriya Mamai
    Actor
    1993
    48Madara Parasathu
    Actor
    1993
    49Ege Vairaya
    Actor
    1995
    50Dalulana Gini
    Actor
    1995
    51Seema Pawuru
    Actor
    1996
    52Ragaye Unusuma
    Actor
    1997
    53Good Bye Tokyo
    Actor
    1997
    54Akkai Nangi
    Actor
    1998
    55Ege Vairaya 3
    Actor
    1998
    56Sexy Girl
    Actor
    1998
    57Mohothin Mohotha
    Actor
    1998
    58Sellam Kukka
    Actor
    2001
    59Aswesuma
    Actor
    2001
    60Mamath Geheniyak
    Actor
    2002
    61Kamasutra
    Actor
    2002
    62Ginigath Horaawa
    Actor
    2004
    63Katawath Kiyanna Epa
    Actor
    2004
    64Rosa Diganthe
    Actor
    2008
    65Wassane Sihinaya
    Actor
    2021

    AS CREW MEMBER

    1Amaraneeya Adare
    Director
    1975
    2Samanmalee
    Director
    1979
    3Doctor Susantha
    Director
    1980
    4Batti
    Director
    1984
    5Birinda
    Director
    1984
    6Pem Rajadahana
    Director
    1990
    BIOGRAPHY

    ජනප්‍රිය සිනමා හා ටෙලි නළුවකු, අධ්‍යක්ෂවරයකු ලෙස පතළව සිටි දයානන්ද ජයවර්ධන මිය ගොස් මේ වන විට වසර අටකි. පළමු ටෙලි වෘත්තාන්තය වූ දිමුතු මුතු හි උඩුබැද්දේ රාලහාමි ලෙසින් පුංචි තිරයේ නොමැකෙන රංගනයක නියැළියේ අද ද ඒ සොඳුරු මතකයන් ප්‍රේක්ෂකයන්ට ආවර්ජනය කරමිනි. ඔහු සිනමාවට පිවිසියේ 1963 වසරේ දස්කොන් චිත්‍රපටයේ ජවනිකාවක අශ්වයකුගේ තෝන් ලණුව අල්ලමිනි.
     
    මේ සොඳුරු කලාකරුවාගේ නික්ම යාම මීට අට වසරකට එපිට සිදු වුව ද අප අද ඔහු පිළිබඳ මතක ආවර්ජනයක නියැළෙන්නේ දයානන්ද ජයවර්ධනයන්ගේ වැඩිමල් පුත් සමන්ත ජයවර්ධන සමඟය.
     
    පියා නැති වෙලා අට වසරකුත් ඉක්ම යමින් පවතින්නේ?
     
    ඔව්. තාත්තා නැති වුණේ 2007 පෙබරවාරි 4 වැනිදා.
     
    මොන ආකාරයේ සිහිපත් කිරීමක් ද ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් පියා වෙනුවෙන් අද සිද්ධ කරන්නේ?
     
    අපි තාත්තාගේ භස්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නේ කඩවත ජපන් පන්සලේ. තාත්තා මිය ගියාට පස්සේ හත් දවසේ, තුන් මාසේ දානමාන සිද්ධ කළාට පස්සේ අපි හැම වර්ෂයකදීම තාත්තා වෙනුවෙන් සිහිපත් කිරීමේ කටයුත්ත සිද්ධ කරනවා ජපන් පන්සලේදී. තාත්තා මියගිය දිනයේම තව මියගිය අයගේ භස්මාවශේෂ ජපන් පන්සලේ තැන්පත් කරලා තියෙන ඥාතීනුත් එකතු වෙලා තමන්ගේ අයව සිහිපත් කිරීමේ පින්පෙත් අනුමෝදන් කිරීමේ කටයුත්තක් සිද්ධ කරනවා. අපිත් ඒ වෙනුවෙන් ඒ දිනයට සහභාගි වෙනවා තාත්තා සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න.
     
    තාත්තා මිය ගියත් හරි ඔබලාට එදා මෙන් කලා ක්ෂේත්‍රයේ පිළිගැනීමක් අදටත් තියෙනවාද?
     
    නෑ. වර්තමානයේ කවුරුවත් අපි කවුද කියලවත් දන්නේ නැහැ. අපිම කිව්වොත් අර අහවල් කෙනාගේ පුතා කියලා ඔන්න හඳුනා ගනියි. එහෙම නැතුව අපි තාත්තාගේ දරුවෝ කියලා කවුරුවත් දන්නේ නැහැ.
     
    අම්මා වුණත් තාත්තා නිසා කලා ක්ෂේත්‍රයේ අය හඳුනාගෙන තිබුණේ නැද්ද?
     
    රාණි ජයවර්ධන තමයි අම්මා. එයා වුණත් තාත්තා කලාවට සම්බන්ධ වූ පුද්ගලයෙක් කියලා කලා ක්ෂේත්‍රයේ අය වැඩිමනත් ගැන හැඳුනුම්කමක් නැහැ.
     
    කවුරු කවුරු වගේ නළු නිළියන් ද අදටත් ඔබ සමඟ සමීප?
     
    ටෙනිසන් කුරේ, රවීන්ද්‍ර රන්දෙනිය, රන්ජන් රාමනායක, නදීකා ගුණසේකර වගේ සුළු පිරිසක් තමයි.
     
    ඔබේ පියාගේ රංගනයෙන් එක් වූ චිත්‍රපට රැසක්ම චිත්‍රපට නාමාවලියට එක් වී හමාරයි?
     
    මම දන්න තරමින් චිත්‍රපට හැත්තෑ පහක් සීයක් අතර ප්‍රමාණයක් තාත්තා රඟපාලා තියනවා.
     
    ටෙලි නාට්‍ය ප්‍රමාණයත් එච්චර ඇති නේද?
     
    තාත්තාගේ මුල්ම ටෙලි නාට්‍ය රඟපෑම වුණේ දිමුතු මුතු. ඒ අනුව ඒකාංගික ප්‍රාසංගික ටෙලි නාට්‍ය සියයකට වැඩි ප්‍රමාණයක රඟපාන්න ඇති.
     
    රංගනයට පමණක් නොවෙයිනේ ඔබේ පියා සම්බන්ධ වුණේ. චිත්‍රපට අධ්‍යක්ෂණයටත් එක් වුණා නේද?
     
    තාත්තා මුලින්ම අමරණීය ආදරේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ පිළිවෙළින් ඩොක්ටර් සුසන්තා, සමන්මලී, බිරිඳ, බට්ටි, පෙම් රජදහන ආදී චිත්‍රපට හයක් අධ්‍යක්ෂණය කළා.
     
    කෝ අද මේ තාත්තාගේ නිර්මාණ?
     
    ඒ සියලු චිත්‍රපටවල අයිතිය අද අපි තිස්ස නාගොඩවිතාන මහත්තයාට පවරලයි තියෙන්නේ. අපි චිත්‍රපට තියා ගත්තා කියලා ඒවා රැකගන්න බැහැ. ඊට වැඩිය හොඳයි ඒවා රකින කෙනෙකුට දීලා ඒවා රැක ගන්න එක.
     
    ටෙලි නාට්‍ය පැත්තෙන් අධ්‍යක්ෂණය කළ නිර්මාණයන් සිහිපත් කළොත්?
     
    රුව, හිමගිර අරණ, අලුත් ලොවක් ටෙලි නාට්‍ය නිර්මාණය කළා.
     
    අලුත් ලොවක් ප්‍රදර්ශනය වුණේ නැහැ නේද?
     
    තාත්තා නැතිවුණාම මම ඔය ටෙලි නාට්‍ය අරන් රූපවාහිනී ආයතනවලට ගියා. එක ආයතනයක අය මගෙන් ඇහුවා මේ දයානන්ද ජයවර්ධන කියන්නේ කවුද කියලා. ඔන්න තත්ත්වය. මට එපා වුණා ටෙලි නාට්‍ය විකුණන එකත්. අදත් ඒ ටෙලි නාට්‍ය අම්මා ළඟ පුස්කකා තියෙනවා.
     
    ඔබේ පවුලේ සෙසු සාමාජිකයින් කලාවට එක් වුණාද?
     
    අපේ පවුලේ දරුවෝ හය දෙනයි. පිරිමි තුනයි, ගැහැනු තුනයි. මම වැඩිමලා සමන්ත ජයවර්ධන. ඊට පස්සේ සමින්ද ජයවර්ධන, අසංක ජයවර්ධන, මනෝරි ජයවර්ධන, සිතාරා ජයවර්ධන, විශාඛා ජයවර්ධන. අපි කවුරුවත් තාත්තා කලාකාරයෙක් කියලා රඟපාන්න ආවේ නැහැ. අපිට එහෙම ආශාවක් තිබුණෙත් නැහැ. තාත්තා එන්න කියලා බල කළෙත් නැහැ.
     
    අද ඔබ යම් ප්‍රමාණයකින් කලාවට අවතීර්ණ වෙලා?
     
    මම නර්තනය, ගීත රචනය, පෙන්සිල් ආර්ට්ස් කරනවා. මල්ලි අසංක ජයවර්ධන කැමරා ශිල්පියෙක්. එයා කීප විටක් සම්මානයට පාත්‍ර වූ කැමරා ශිල්පියෙක්. ඒ ඇරෙන්න වෙන කවුරුවත් අපේ පවුලේ කලාවට ඇවිත් නැහැ.
     
    පියා ජීවතුන් අතර සිටියදීම කලාවට අවතීර්ණ වුණා නම් හොඳයි කියලා අද ඔබට හිතෙන්නේ නැද්ද?
     
    අද ඇත්තෙන්ම දුකක් තියනවා කලාවට අවතීර්ණ වෙන්න ප්‍රමාද වීම ගැන. තාත්තා ඉන්න කාලෙම අපිත් කලාව තුළ හිටියා නම් යම් ප්‍රමාණයක තාත්තාගේ හැඳුනුම්කම් අපිටත් පිහිටට එන්න තිබුණා.
     
    ඒ කාලේ ඇයි ඔබ මන්දෝත්සාහි වුණේ කලාවට එන්න?
     
    කලාකරුවන් හරි දුප්පත් කියන මතය සමාජය තුළ කිඳා බැස තිබුණා. ඒ වගේ වටපිටාවක් තුළ තාත්තා වුණත් අපිව උනන්දු කළේ නැහැ කලාවට ගෙන්න ගන්න. ඒත් අද මට හිතෙනවා අපේ කලාකාරයෝ අද ඉන්න තැන දැක්කම මම එදා කරගත්තේ මෝඩකමක් කියලා. එදා අපේ තාත්තා චිත්‍රපටයක් ඩිරෙක් කරලා ගත්තේ රුපියල් දහදාහක්. ඒ වෙන කොට මම රැකියාව කරන රක්ෂණ සමාගමේ වැඩ කරලා මාසෙට රුපියල් තිස් දාහක් හම්බ කළා. ඔය වගේ තත්ත්වයක් තුළ කවුද කලාව රැකියාව කර ගන්නේ.
     
    තාත්තාගේ මුහුණුවර ඔබට නොවූවත් තාත්තාගේ එක් සුවිශේෂ දෙයක් ඔබට පිහිටලා තියෙනවා නේද?
     
    අපේ පවුලේ මට විතරයි තාත්තාගේ කටහඬ පිහිටලා තියෙන්නේ. මම කෙනෙක් සමඟ කතා කළොත් තාත්තාට ආවේණික ඒ හඬ මගෙන් නිකුත් වෙනවා. සමහරු මම කවුද කියලවත් නොදැන කියනවා ඔයාගේ කටහඬ දයානන්ද ජයවර්ධනගේ වගේ කියලා.
     
    මනෝරි ජයවර්ධන දියණිය විවාහ ගිවිසගත් දා දයානන්ද ජයවර්ධන යුවළ හා සමන්ත, සමින්ද පුතුන් සමඟ
     
    ඔබ ගීත රචනයෙන් සුවිශේෂී පුද්ගලයෙක් බවයි හැඟෙන්නේ?
     
    ඒක මට විශේෂ දෙයක් වෙන්නත් පුළුවන්. මම රචනා කරන්නේ විරහ ගීත පමණයි. මට ඒ හැකියාව හොඳට පිහිටලා තියෙනවා. මේ වෙන කොට මම එවැනි ගීත දොළහක් විතර රචනා කරලා තියෙනවා. 'මන්ද අහසේ' ගීතය ඒ අතරින් සුවිශේෂයි.
     
    විරහ ගීත ලියන්න ඔබ ආදරයෙන් පැරැදුන කෙනෙක්ද?
     
    අපෝ නැහැ. මම කවදාවත් බූට් එකක් කාපු කෙනෙක් නෙමේ. ඒත් මා තුළ ඒ පැත්තේ හැකියාවක් පුදුම විදියට පිහිටලා තියෙනවා.
     
    පෙන්සිල් ආට්ස් පැත්තෙන් වුණත් ඔබ සුවිශේෂී චිත්‍ර ශිල්පියෙක්?
     
    මම පෙන්සිල් ආට්ස්වලින් අඳින්නෙත් කාන්තාවන් පමණයි. මම දන්නේ නෑ ඇයි කියලා.
     
    නර්තනය පැත්තෙන් ද ඔබ වඩාත් හැකියාවන් පෙන්වන්නේ?
     
    නර්තනය මගේ ඇඟේ තියෙන දෙයක්. සිංදු කීපයකට මම නර්ථනයන් ඉදිරිපත් කරලා තියෙනවා.
     
    තාත්තා රඟපෑ චිත්‍රපටවල අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු අදටත් තාත්තාට ණයයි කියන්නේ ඇත්තද?
     
    අපේ තාත්තා සල්ලි පස්සේ එලවපු නැති කෙනෙක්. එයා සල්ලි ඉස්සරහට දාගෙන කවදාවත් රඟපාන්න ගියේ නැහැ. දෙන්නම් කියන පොරොන්දුව පිට ගිවිසුම් ගහලා තමයි රඟපෑවේ. එයා එක්ක ගිවිසුම් ගහපු නිෂ්පාදකයෝ අදත් තාත්තට සල්ලි නොදී පොලු තියල තියෙනවා.
     
    අඩුම තරමේ ඒ පොලු තිබ්බ සල්ලිවත් තාත්තා මියගියාට පසුවවත් ලැබුණේ නැද්ද?
     
    කලාව කියන්නේ උතුම් දෙයක්. මේ උතුම් කලාව තුළත් වංචනිකයන් රජ කරනවා. අම්මා කවදාවත් ගිවිසුම් තිබුණා කියලා නිෂ්පාදකයෝ හොයාගෙන ගියේ නැහැ දෙන්න තියෙන සල්ලි ඉල්ලාගෙන. හැබැයි කවුරුවත් තාත්තා මියගියාට පස්සේ ආවෙත් නැහැ තාත්තා රඟපාපු නිර්මාණවල දෙන්න තිබුණ සල්ලි කියලා අපිට දෙන්නවත්.
     
    තාත්තා මියගියත් අදටත් උපන් දින සුබපැතුම් වගේම උත්සව සඳහා ආරාධනාත් ගෙදරට එනවා කියන්නේ ඇත්තද?
     
    මගේ තාත්තා මිය ගොස් දැනට අවුරුදු අටකටත් වැඩියි. ඒත් තාත්තාට උපන් දිනයට අපේ රටේ මැති ඇමැතිවරු අදටත් කාඩ් එවනවා හැපි බර්ත් දේ ටූ යූ කියලා. ඒ වගේම තමයි තාත්තාට උත්සවවලටත් ආරාධනා කර කාඩ් එවනවා. මම කීප විටකදීම ඔය වගේ උපන් දින කාඩ් එවන මැති ඇමැතිවරුන්ට ආයෙත් ලියලා ඇරියා අපේ තාත්තා දැන් මිය ගිහින් කියලා.
     
    152/4, ශ්‍රී දේවානන්ද පාර, විල්ලෝරාවත්ත, මොරටුව සමන්ත ජයවර්ධනගේ ලිපිනයයි.
     
    චන්දන දයාසිරිවර්ධන
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS