තොරතුරු
Rosa Kele Api Yan / රෝස කැලේ අපි යං
[ Colour ]
තිරගත වීමට නියමිතයි
60.108695652174
60% |   184  Vote(s) | Vote Here
1 2 3 4 5
 
තරිඳු විමලවීරගේ කුලුඳුල් සිනමා නිර්මාණය
 
සාරාංශය

Rosa Kele Api Yan / රෝස කැලේ අපි යං
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : රොෂාන් පිලපිටිය
ප්‍රධාන නිළිය : දමිතා අබේරත්න
අධ්‍යක්ෂණය : Tharindu Wimalaweera
නිෂ්පාදනය : N.K. Films

 
විස්තරය

ළමා ලෝකේ හරිම සුන්දරයි කීවාට හැම දරුවෙකුටම ඒ සුන්දරත්වය විඳීමට වාසනාව ලැබෙන්නේ නෑ. නමුත් හැම දරුවාම සොයන්නේ සතුට මේ කතාවේදී ඔයාලට හමුවන අයියයි මල්ලියි දෙන්නත් ඒ වගේ. අග නගරයේ වුවද දැඩි ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන මේ දරු දෙන්නගේ තාත්තා යම් කරුණක් හේතුවෙන් නීතියට යටත්ව දඬුවම් විඳීන්නෙක්. එදාවේල හොයාගන්න නොවිඳීනා දුක් විඳීන අම්මාට මේ පොඩ්ඩො දෙන්නත් පිටුවහලක් වෙනවා. සම වයසේ මිතුරන් සතුටින් පසු වෙනවා දකිද්දී,මේ පුංචි හිත් අසරණවුණ වාර අනන්තයි. නමුත් ඔවුන් දන්නවා තම පවුලේ පවතින අග හිඟතා මැද ඔවුන් දකින දකින හීන හැබෑ නොවන බව. නමුත් එයාලා උත්සාහ කරනවා එයාලගේ හිත් වලටත් සතුට ළඟා කර ගැනීමට. ඒ සඳහා ඔවුන් දෙදෙනා විවිධ උපක්‍රමයන් යොදනවා. ඒ උත්සාහයන් විටෙක අතිශය සංවේදී වගේම, තව විටෙක හරිම හාස්‍යජනකයි. කුතුහලය මැද ආදරය සතුට සෙනෙහස සොයා යන ඔවුන්ගේ ගමනයි “රෝස කළේ අපි යං” තුළින් කියැවෙන්නේ. දරුවන් සෙවු සතුට ඔවුන්ට හිමිවේද? පියා නීතියට කොටුවූයේ ඇයි යන පැනයටත් පිළිතුරු නොපමාව ප්‍රේක්ෂකයාට ලැබෙනු ඇත.
 
“රෝස කැලේ අපි යං” අධ්‍යක්ෂ තරිඳු විමලවීරගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයයි. නිර්මාණකරණයට නවකයෙකු නොවූ ඔහු, දිගු කලෙක පටන් ගීත රූප රචනා සහ වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ නියැළී සිටින්නෙක්. ජනප්‍රිය ගීත රූප රචනා නිර්මාණකරණය වෙනුවෙන් අවස්ථා රැසකදීම සම්මානයට පාත්‍රව ඇති ඔහු, විශාල ගීත ප්‍රමාණයක් සඳහා තම නිර්මාණශීලී දායකත්වය එක්කර ඇත. පසුගිය කාලයේ ප්‍රචාරය වූ කුමාර ධර්මසේනගේ “උනන්දුවා” සුවඳ විලවුන් වෙළඳ දැන්වීමේ නිර්මාණකරුවාද ඔහු විය. කැමරා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රතිභාපූර්ණ සංස්කරණ ශිල්පියෙකදු වන තරිඳු, ඔහුගේ දෙවන සිනමා නිර්මාණය සඳහා මේ දිනවල මූලික කටයුතු සූදානම් කරමින් සිටී.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Tharindu Wimalaweera
නිෂ්පාදනය
N.K. Films
තිර රචනය
Malinda Madushanka
කැමරාකරණය
Nishan Buddhika
කැමරාකරණය
Tharindu Wimalaweera
සංස්කරණය
Nishan Buddhika
කලා අධ්‍යක්ෂණය
Dhanushka Hemantha
ශබ්ද පරිපාලක
Radeesh Vandabona
අංග රචනය
Shen Silva
අංග රචනය
Sameera Wijesinghe
සංගීත අධ්‍යක්ෂණය
Radeesh Vandabona

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Malinda Madushanka
සහාය අධ්‍යක්ෂණය
Umendra Shehan
නිෂ්පාදන කළමනාකරු
Nilantha Pradeep
ඇඳුම් නිර්මාණය
Dhanushka Hemantha
ඇඳුම් නිර්මාණය
Sameera Wijesinghe
සහාය කැමරාකරණය
Chaminda Lakmal
විදුලි ලාම්පු
Udaya Wasantha
විදුලි ලාම්පු
Manjula Padma Kumara
විදුලි ලාම්පු
Niroshan Krishantha
විදුලි ලාම්පු
Sampath Wasantha
විදුලි ලාම්පු
Channa Kumara
නිශ්චල චායාරූප
Kaveeth Malinda
වර්ණ සංයෝජනය
Hasith Jayasankha
සංස්කරණ සහය
Tharindu Wimalaweera
දෙබස් පටිගත කිරීම
Sanjaya Godakawela
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS