Sri Lanka Cinema Database
 
Official Sponsor of
Latest Films

View All

Upcoming Films

View All

Artist categories

View All

Cinema Halls by City

View All

Award Ceromonies

View All

Happy Birthday

We need your Help
Mahinda Rajapaksha Tele Cinema Village

By : Sarasaviya News Paper

 

 

 

මේ අපේ රටේ වාසනාවන්තම කාලයයි. වසර තිහක කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගත් ලක් අම්මා සංවර්ධනයෙන් පෝෂණය කරන පින්බර යුගයයි.අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ගම් නියංගම් සංවර්ධනයේ අරුණලු දකිද්දී උතුරුකරයට අව්‍යාජ සංවර්ධනයේ වැසිදිය ළංවෙද්දී මේ සියලු කටයුතු හරහා එදා මහින්ද චින්තනයෙන් ජනතාවට අභීත නායකත්වය දුන් පොරොන්දු ඉටුවන සුබ ලකුණු අපට යථාර්ථයක් වී තිබේ.

අපේ රටේ සියලුම අංශ වෙත වෙන වෙනම අවධානය යොමු කරමින් ගෙන යන වැඩපිළිවෙළේදී කලාවට කවදත් හිතැති කලා ජීවිතයේ සුවඳ තැවරූ අපේ ජනපතිඳුන් කලාව අමතක කළේම නැත.

එතුමාණන්ගේ සංකල්පයක් අනුව ඉදිවෙන “ටෙලි සිනමා උද්‍යානය” එදා මෙදාතුර කලාවට තිළිණ වූ සුවිශේෂීම තිළිණය වන්නේ ඒ නිසාය.

මේ උතුම් සංකල්පය යථාර්ථයක් බවට පත්කරන්නට බාරවුයේද කලාවට කවදත් හිතැති පපුවේ තෙතමනයෙන් පිරුණු අපේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර

පි‍්‍රයදර්ශන යාපා මහතා වෙතයි.

මේ සියලුම කලාකාමී හිතවතුන්ගේ එකමුතුවෙන් දැන් තිස්සමහාරාම නගරයට නුදුරු රන්මිනිතැන්නේ මේ සුවිශේෂී ඵෙතිහාසික ටෙලි සිනමා ගම්මානය ඉදිවෙමින් පවතී. මේ එහි වර්තමානය සහ අනාගතය පිළිබඳ

ලියැවෙන සුවිශේෂී සටහනකි.

2008 වසරේ ඔක්තෝබර් 30 වැනිදා සුබ මොහොතින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මහින්ද රාජපක්‍ෂ ජාතික ටෙලි සිනමා ගම්මානය සඳහා අයත් භූමි ප්‍රමාණය අක්කර 235කි. භූමිය මධ්‍යයේ අක්කර 25ක් පුරා දිවෙන අලංකාර ජම්බුගස් වැවේ දියවරින් පෝෂණය වන මේ රන්බිම පුරාවටම විවිධ භූ විෂමතා කලාප හමුවීම සුවිශේෂත්වයකි. පළමු අදියර සඳහා ඉදිකිරීම් සිදුවන්නේ සම්පූර්ණ බිම් ප්‍රමාණයෙන් අක්කර 110.5ක පමණය. එම බිම් ප්‍රමාණයෙන් අක්කර 16ක සම්පූර්ණයෙන්ම ඉදිවෙන්නේ ටෙලි සිනමා ගම්මානය සඳහා අත්‍යවශ්‍ය ගොඩනැගිලිය. නිමාවෙමින් පවතින පළමු අදියරේ ඉතිරි භූමිභාගයේ ඉදිවෙන්නේ ටෙලි නාට්‍ය සඳහාත් චිත්‍රපට සඳහාත් අත්‍යවශ්‍ය දර්ශනතලයි. අක්කර 16ක බිම්කඩෙහි ඉදිවන ගොඩනැගිලි අතර “ෆිල්ම් බිස් පාක්” ලෙස හඳුන්වන සිව්මහල් ගොඩනැගිල්ල ටෙලි සිනමා ගම්මානයේ පරිපාලන ඒකකයයි.

එම ගොඩනැගිල්ලේ ටෙලි සිනමා ගම්මානයට අදාළ සියලුම පරිපාලන අංශ ස්ථානගත වේ. ප්‍රධාන පිවිසුම් දොරටුවට ඉතාමත් ආසන්නයේ මෙම පරිපාලන ඒකකය ඉදිවී තිබීම නිසා ඕනෑම අයකුට දත්ත ලබාගැනීමට මෙන්ම පරිපාලනය සම්බන්ධයෙන් පැන නගින ගැටලු විසඳා ගැනීම ඉතා පහසු කටයුත්තක් බවට පත්වෙයි.

පරිපාලන ගොඩනැගිල්ල තුළම ඉදිවන “සේවා මධ්‍යස්ථානය “ නිර්මාණකරුවන්ගේ කටයුතු තව තවත් පහසු කරන සංධිස්ථානයකි. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණය සඳහා අවශ්‍ය මෙවලම් සහ උපකරණ සපයන ආයතන වල ශාඛා මෙම සේවා මධ්‍යස්ථානයේ ඉදිවෙයි. යම් නිර්මාණයක් සඳහා ට්‍රැක් එකක අවශ්‍යතාවයක් මතුවුවහොත් සේවා මධ්‍යස්ථානයේ ආයතනයකින් එය ලබාගැනීමේ පහසුව නිර්මාණවේදීනට හිමිවෙයි. එපරිදිම ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිර්මාණයේදී අත්‍යවශ්‍ය සියලුම අංග මෙම සේවා පියසේදී ලබාගැනීමට පහසුකම් සැපයීමට බලාපොරොත්තු වේ.

නිර්මාණයක් සඳහා ටෙලි සිනමා ගම්මානයට පැමිණෙන කලාකරුවන්ට ඉතාමත් සුඛෝපභෝගී, නිස්කලංක නවාතැන් පොළක් ලබාදීම අරමුණ කොට ගනිමින් ආකාර ත්‍රිත්වයකින් නවාතැන් පොළ තුනක් ඉදිවෙමින් පවතී.

ඉන් “ විලාස්” ආකාරයෙන් ඉදිවෙන නිවාස 10 අධ්‍යක්ෂවරුන්ට සහ තිරපිටපත් රචකයන්ට නිදහසේ කාලය ගත කිරීමට ඉතාමත් යෝග්‍ය නවාතැන් පොළකි. ඉතාමත් නිර්මාණශිලී මේ නවාතැන් පොළට යා Type B නවාතැන ඉදිවෙයි. එය කාමර 110 කින් සමන්විත කාමර පරිශ්‍රයකි. ජල උද්‍යානයට ඉහළ භූමියෙහි ඉදිවන මෙම නවාතැන් පොළ නළු නිළියන්ට මෙන්ම නිර්මාණය සඳහා දායකවන ඕනෑම අයකුට නවාතැන් සපයන කදිම තෝතැන්නකි.

“ටයිප් සී” Type C ගොඩනැගිල්ලේ ඉදිවෙන්නේ අවන්හල සහ වැඩිදෙනකුට නවාතැන් ගතහැකි කාමර පරිශ්‍රයයි.

කාර්මික ශිල්පීන්ට මෙන්ම තාක්ෂණික අංශවල ශීල්පීනට කණ්ඩායම් වශයෙන් නවාතැන් ගැනීමට ඉඩසලසන්නේ දැනට වැඩ නිමවෙමින් පවතින Type C නවාතැන් පොළයි. මෙම නවාතැන් පොළෙහි තාක්ෂණික උපකරණ සහ මෙවලම් ගබඩා කිරීමට අවශ්‍ය ගබඩා කාමර පහසුකම් වෙනුවෙන් ද ස්ථාන වෙන් වෙයි.

වාහන නවතා තැබීමට ඉතා විශාල වාහන නැවැතුම් පොළක් ද හිමි අපේ ටෙලි සිනමා ගම්මානයේ ‘වර්ක් ෂොප්’ ලෙස හඳුන්වන ගොඩනැගිල්ල ද සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී.

නිර්මාණකරුවකුට තමාට අවශ්‍ය පසුතල නිර්මාණය කර ගැනීමට ඒ ගොඩනැගිල්ල සෙවණ සදයි.

විදේශ රටක ආකෘතියකට අනුව නිවෙසක් ඉදි කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පසුතල නිම වෙන්නේ ‘වර්ක් ෂොප්’ හිදීය.

එමෙන්ම මෙම බිම් කඩෙහි චිත්‍රාගාරයට හිමි වන්නේ ද සුවිශේෂ ස්ථානයකි. එකවර කණ්ඩායම් දෙකකට රූ ගත කිරීම් කළ හැකි මෙම චිත්‍රාගාරය නවීන තාක්ෂණයෙන් යුතු වූවකි. දර්ශන තළ චිත්‍රාගාරයේ ඉදි කිරීමට අවශ්‍ය පහසුකම් ද එක් වේ. එම දර්ශන තල ඉදි කිරීමට අවශ්‍ය කොටස් ‘වර්ක් ෂොප්’ හිදී සාදා ගැනීමට හැකි වීම ද විශේෂත්වයකි.

දෙවැනි අදියරේදී ඉදි කිරීමට නියමිත ශබ්දාගාරය සහ තාක්ෂණික මැදිරි සංකීර්ණය ද ඉදි වන්නේ මෙම චිත්‍රාගාරයට යාබද බිම්කඩේය.

ටෙලි සිනමා ගම්මානයේ විශේෂිතම භූමි භාගය වෙන් වන්නේ දර්ශන තල වෙනුවෙනි. ප්‍රවීණ පසුතල නිර්මාණ ශිල්පී එරල් කෙලී, වෙලේගෙදර රණසිංහ සහ සේනක නවරත්නගේ අධීක්ෂණය යටතේ නිම වෙමින් පවතින මෙම දර්ශන තල සමූහයේ ප්‍රධානතම දර්ශන තලය නගරයයි.

(CITY) නගරයකට අවශ්‍ය සියලුම අංශවලින් සහ මං මාවත් වලින් පරිපූර්ණ මෙම නගරය පැරැණි සහ නවීනතම නගරයක් ලෙසට අවශ්‍ය පරිදි සකසා ගැනීමට හැකිය.

මෙම නගරයට සුපිරි වෙළෙඳ සංකීර්ණ, බැංකු ගොඩනැගිලි හෝටල්, නවාතැන්, සති පොළ, රෝහල්, උසාවි, පාසල්, අවන්හල්, පොලීසිය, ඉන්ධන පිරවුම් හල සහ තවත් අංග ඇතුළත් වේ. ස්ථාන සැකිල්ලට විවිධ පසුතල සවි කරමින් මෙම ගොඩනැගිලි ඉදි වෙයි.

උදාහරණයක් ලෙස පැරැණි කොළඹ නගරය දර්ශන තලයකට අවශ්‍ය වුවහොත් ඒ පැරැණි ගොඩනැගිලි රටා අනුව මෙම දර්ශන තලය සැකසීමට හැකිය. එමෙන්ම නවීන නගරයක් අවශ්‍ය වුවහොත් පැරැණි කොටස් ස්ථාවර සැකිල්ලෙන් ගලවා සුරක්ෂිතව ඉවත් කොට අලුත්ම නගරයක් නිර්මාණය කිරීමට ද හැකියාව තිබේ.

සුපිරිම වෙළෙඳ සංකීර්ණයේ සිට ගමේ කෝපි කඩය දක්වාම මෙම දර්ශන තල ඉදි වූ බිමේ දක්නට ලැබේ.

එමෙන්ම තවත් පසෙක නිර්මාණය වන්නේ පැරැණි ගම්මානයයි. කම්මල, කෝපි කඩය, පැල, ගම්මණ්ඩිය මෙම දර්ශන තල බිමෙහි හරි අපූරුවට නිර්මාණය වෙයි. ගමක දර්ශන නිර්මාණයකට අවශ්‍ය පරිදි මෙම දර්ශන තල අධ්‍යක්ෂවරයාට සහ කලා අධ්‍යක්ෂවරයාට සකසා ගැනීමට අවශ්‍ය පහසුකම් ද එහි වෙයි. වැව ආශ්‍රිතව නිර්මාණය වන ධීවර ගම්මානය ද එපරිදිම වෙයි.

අක්කර 235 ක් පුරාවට විවිධ භූ® විෂමතා දක්නට ලැබෙන නිසාම ඕනෑම දර්ශන තලයක් නිර්මාණය කර ගැනීමට නිර්මාණකරුවන්ට මේ භූ®මියේදී වාසනාව උදා වෙයි.

ලී ආශ්‍රිතව නිර්මාණය කරන ලද විවිධ දර්ශන තල අවශ්‍ය ඕනෑම තැනකට ගෙන ගොස් තමාගේ් හිතේ් ඇඳි දර්ශන තලය පිහිටුවා ගැනීමට හැකි වීම ද විශේෂයකි.

2011 වසරේදී සම්පූර්ණයෙන්ම නිම කිරීමට යෝජිත මෙම ඓතිහාසික ටෙලි සිනමා ගම්මානය අදියර තුනකින් නිම කිරීමට නියමිතය. එය යටතේ පළමු අදියරේ දී නිම කිරීමට බලාපොරොත්තු වන ඉහත සඳහන් කළ ගොඩනැගිලි මේ වන විටත් කඩිනමින් ඉදි වෙයි. 2009 නොවැම්බර් 08 වැනිදා පළමු අදියර නිමා වී ටෙලි සිනමා ගම්මානය නිර්මාණ සඳහා විවෘත කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 2000 ක පිරිවැයක් අවශ්‍ය වෙයි.

එම මුදල් ආනයනික ටෙලි නාට්‍ය සඳහා පැන වූ බදු මුදලෙන් පෝෂණය වෙයි.

කතාවක් , නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් සමඟ ටෙලි සිනමා ගම්මානයට ඇතුළු වන අධ්‍යක්ෂවරයකුට තමාගේ් නිර්මාණයේ අවසන් ඵලය ද ගෙන පිටවීමට හැකි පරිසරයක් අදියර තුන අවසානයේදී නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ ඒකායන අපේක්ෂාව බවට පත්ව තිබේ.

එමෙන්ම විදෙස් ටෙලි නාට්‍ය සහ සිනමා ශිල්පීන්, අධ්‍යක්ෂවරුන් මෙරටට ගෙන්වා ගනිමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා උපරිම පහසුකම් ලබාදීම ද මෙම උදාර කටයුත්තේ අරමුණයි.

රන්මිනිතැන්නේ මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය ඉදි වන බිම් ප්‍රමාණය කිරින්ද, තිස්සමහාරාමය, කතරගම වැනි විවිධ දැකුම්කළු දර්ශන තල රැසක ආසන්යේ තැනීම තවත් වාසිසහගතය. එමෙන්ම යාල ජාතික වනෝද්‍යානය ද තවත් අතකින් මෙම පින් බිමට සම්පතකි.

මෙම ටෙලි සිනමා උද්‍යානයේ වැඩ අරඹන නිර්මාණයකට කෙටි කලකින් අඩු දුර ප්‍රමාණයකින් තවත් ස්වභාවික දර්ශන තල රැසකට ළඟාවීමද නිර්මාණකරුවන්ට වාසිදායකය.

සැබෑවකි. එපමණක් නොව මේ ඓතිහාසික ගම්මානය පුරා තවත් බොහෝ දෑ කියැවෙයි.

එය කලාවේ උන්නතිය උදෙසා රටට තිළිණ වන අපූරුම සම්පතකි.


http://www.sarasaviya.lk/2009/10/08/_art.asp?fn=sa09100813&pn=*20,21
 

  Photo Gallery

    
 

Latest News