DESCRIPTION
මෙම චිත්‍රපටය සමඟ රජයේ චිත්‍රපට අංශය නිෂ්පාදනය කළ ‘රන්වන් කරල්’ නමැති අර්ධ වෘතාන්ත කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයට ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් ගායනා කරන ලද ‘ආලේ බැන්ද මාගේ පනේ’ ගීතය ද ඇතුළත් විය.
1969 පැවැති 6 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම ගායකයා (වික්ටර් රත්නායක – ‘ඈත හිමාලේ’) සහ හොඳම ගායිකාව නන්දා මාලනී ( ‘දවසක මුතුවැල් ගෙනෙනව’) සම්මාන ලැබීය.