තොරතුරුකතාව
Sona / සෝණා
[ Colour ]
තිරගත වීමට නියමිතයි
55.714285714286
56% |   112  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

දකුණු ඉන්දීය සිනමා ආභාසය සහිතව ස්වතන්ත්‍ර තිර රචනයක් ඔස්සේ ඉදිරියේදී තිරයේ දිගහැරීමට නියමිත “සෝණා” කතා තේමාවට අනුව එහිදී හමුවන, පිරිමින් වසඟයට ගන්නා සුලු සුරූපි රූ සපුවකින් යුත් ආලියා සූසෑන් දක්ෂ පොලිස් පරීක්ෂකවරියකි. දිනක් තම නිල රාජකාරියෙන් විරාමයක් ලැබ නිවසේ හුදෙකලාව සිටිනා මොහොතක සෝණා නමැති භයානක අපරාධකරුවා ඇයගේ නිවසට ඇතුළු වෙයි. එම සිදුවීමෙන් අනතුරුව ඇය තම සහායක නිලධාරීන් හා එක්ව සෝණාගේ පැටිකිරිය සෙවීමට පටන් ගනී. එහිදී ඇයට දැන ගැනීමට ලැබෙන්නේ, මේ වන විට සේවයෙන් පහකර සිටින ශ්‍රීකාන්ත විජේබණ්ඩාර යන පොලිස් පරීක්ෂකවරයා සතුව සෝණා පිළිබඳව තොරතුරු ඇති බවයි. ඒ අනුව සෝණා සොයා යන ඇගේ ගමන් මඟ වෙනතකට යොමු වන්නේ “මාෂා” නමැති තවත් පුද්ගලයෙකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට සිදුවන නිසාය. ප්‍රබල දේශපාලන රැකවරණය සහිත පාතාල නායකයකු වන ලියෝ ද, සෝණා සහ මාෂා පිටුපස ඇති බව ආලියා සැක පළ කරයි. මෙම අපරාධකරුවන් නීතිය රැහැනට හසුකර ගැනීම සඳහා ශ්‍රීකාන් ආලියාට උදව් කරාවිද, මාෂා හා සෝණාගේ අරමුණු හා ඔවුන් පසුපස සිටින්නේ කවුරුන්ද සහ සෝණා ආලියාගේ නිවසට ඇතුළු වූයේ ඇයිද යන ගැටලුවලට පිළිතුරු, ත්‍රාසය කුතුහලය සමඟින් අතිශය යාවත්කාලීන වූ රූපණ හා ශබ්ද රීතියන් සමඟින් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක ආශ්වාදය සහ අත්දැකීම ලබාදෙන “සෝණා” තිරගත වූ දිනෙක ලැබෙනු ඇත.   antonjocic@gmail.com ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS