තොරතුරුකතාවගීතඡායාරූප
Allapu Gedara / අල්ලපු ගෙදර
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 120
නිකුත් වූ දිනය : 1965-09-17
58.858725761773
59% |   1805  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

අල්ලපු ගෙදර කතා සාරාංශය

චිත්‍රපටිය ඇරඹෙන්නේ සේපාලිකා හා නිර්මලා යන මිතුරියන් දෙදෙනා ගීතයක් ගයමින් මෝටර් සයිකලයකින් කොළඹ වටා යන දර්ශනයකිනි. මේ අවස්ථාවේ හමුදා සේවයෙන් ඉවත් වී එන කපිල මල්කිරණ නම් තරුණයා ඔවුන්ගේ මෝටර් සයිකලයෙහි ගැටීම නිසා තරුණියන් දෙදෙනා බිම ඇද වැටෙන අතර ඔවුන් මොහුට බැන වැදියි. ඔහුබැනුම් අසාගෙන යන්නට යයි.

කපිල තම මව සමග පදිංචිව සිටිනුයේ දෙමහල් නිවසකය. ඔහුගේ කාමරය එහි උඩු මහලේ පිහිටා ඇත. උඩු මහලට පිවිසෙන ඔහු දකින්නේ තම නිවස ඉදිරිපස නිවසෙහි උඩුමහලෙහි ගී ගයමින් නටන සේපාලිකාය.

ඇගේ ගීතය අවසන් වෙත්ම කපිල ඇත්පොලසන් දෙයි. එය දකින ඇය ඔහුට තදින් බැන වැදියි. එනමුත් ඔහුගේ සිතෙහි ඇය ගැන ආදරයක් ඇති වෙයි. සේපලිකාගේ ආදරය දිනා ගැනීම සඳහා කපිල තම මිතුරෙකු වන චන්ද්‍රා මුණ ගැසීමට යයි. චන්ද්‍රා හට සංගීතය ගැන මනා දැනීමක් ඇති අතර ඔහු තම මිතුරන් සමග නතර වී සංගීත කටයුතු වල යෙදෙන අයෙකි.සේපාලිකා හට සංගීතය ඉගැන්වීම පිණිසගුරුවරයෙකු යැයි කියා ගන්නා වයසක පුද්ගලයෙකු ඇගේ නිවසට නිතරම පැමිණෙයි.            

ඇය ඔහු හා එක්ව ගී ගයමින් නටන අයුරු කපිල චන්ද්‍රා හට පෙන්වයි. එම වයසක සංගීත ගුරුවරයාද ඇය ගැන බලාපොරොත්තු ඇති කර ගෙන ඇති බව පෙනී යයි.

මේ අනුව සේපාලිකගේ ආදරය දිනා ගැනීම සඳහා ගීත ගායනා කරන ලෙස කපිල හට චන්ද්‍රා උපදෙස් දෙන නමුත් ඔහුට ගී ගැයීමේ හැකියාවක් නැත. මේ නිසා චන්ද්‍රා අලුත් උපක්‍රමයක් යොදයි. ඒ කපිලගේ උඩුමහලේ සිට සේපාලිකා හට පෙනෙන අයුරෙන් කපිල ගී ගයන අයුරින් කට සොලවන අතර ඇයට නොපෙනෙන පරිදි පසුපස සිට චන්ද්‍රා ගී ගැයිමය.

රැකියාවක් නොමැතිව සිටින චන්ද්‍රා හට මේ අවස්ථාවේ සේපාලිකගේ මිතුරිය වන නිර්මලා සතු සමාගමක රැකියාවක් ලැබේ.

දිනය උදාවෙයි කපිලගේ  නිවසට චන්ද්‍රා හා ඔහුගේ මිතුරන් පැමිණෙති, කපිල උඩුමහලේ කාමරයේ  සිට ගී ගයන අයුරින් රගපෑමක යෙදෙන අතර චන්ද්‍රා ආවරණය වී ඔහු පසු පස සිට මැනවින් ගායනයේ යෙදෙයි.

සේපාලිකා තම කාමරයේ සිට ගීතයට වශී වී කපිල ගීතය ගයනු බලා රස විදියි. ඇය සිතන්නේ ගීතය ගයනුයේ කපිල කියාය.කපිල හට ගී ගැයිමට හැකි බව පිලි ගත්තද සේපාලිකාද යටත් වීමට සුදානම් නැත. තම සංගීත ගුරුවරයා සමග විවාදයකට එන ලෙස ඇය කපිල හට අභියෝග කරයි.

මේ වන විට චන්ද්‍රා නිර්මලාගේ හිත දිනා ගනිමින් රාජකාරි කටයුතු හොදින් ඉටු කරයි. නිර්මලාගේ සිත ක්‍රමයෙන් ඔහු වෙත බැදී යන අතර දිනක් ඔහු ගීයක් ගයනු අසා සිටින ඇය ඔහුට ගී ගැයිමේ හැකියාවක් ඇති බැව් දැන ගනියි.

සේපාලිකාගේ අභියෝගය භාර ගත් කපිල චන්ද්‍රාගේ උදව්වෙන් සේපාලිකාගේ සංගීත ගුරුවරයා සමග වන ගායනා තරගයෙන් ගුරුවරයා පරාජය කරයි.

පරාජයට පත් ගුරුවරයා නැවත වරක් කපිල වෙතින් පරාජය වන්නේ උද්‍යානයකදී කපිල වෙතින් නොසෑහෙන අන්දමින් පහර කෑමෙනි. මෙසේ දෙදෙනා අතර ඇති වන ගුටි බැට හුවමාරුවකින් පසු කපිල ඔහු ඔසවා වතුරට විසි කරයි.

මෙයින් තව තවත් ප්‍රකෝපයට ඇත ගුරුවරයා කපිලගෙන් පලි ගැනිම සඳහා උපක්‍රමයක් යොදයි. ඒ සඳහා ඔහු සේපාලිකා යොදා ගන්නා අතර මේ අනුව  සේපාලිකාගේ ඇරයුමින් කපිල ඇය හා උද්‍යානයට යාම පිණිස පැමිනෙයි. සේපාලිකා එහිදී ඔහුට ලෙන්ගතු අහුරින් හැසිරෙන අතර උද්‍යානයෙදී කපිල තනිවූ අවස්තාවක් බලා ගුරුවරයා සැගවී සිට මිනිසුන් කිහිප දෙනෙක් ලවා කපිලට පහර දෙයි.

                                       කෙසේ නමුත් මෙහි බරපතලකම වටහා ගන්නා සේපාලි කපිලව මුදා ගැනීමට උත්සහ ගන්නා නමුත් එය සාර්ථක නොවෙයි. මෙහිදී කපිලහට පහර දෙනු දැක මිනිසුන් ඒ දෙසට එන විට මැර පිරිස පලා යති. ඒ අනුව සේපාලිද වහාම එතනින් ඉවත් වන්නිය.

එතනට පැමිණෙන මිනිසුන් බරපතල ලෙස තුවාල ලබා සිටින කපිලව මුදා ගෙන ඔහුගේ නිවසට රැගෙන එති. මෙහිදී කපිලගේ මවගේ විලාපය අසා සේපාලිකගේ මව හා පියාද කපිලගේ නිවසට පැමිනෙති. එහිදී කපිලට පහර දුන් ස්ථානයෙහිතරුණියකද සිට පැන දිව බැව්  කපිලව මුදවා ගෙන ආ පිරිස ප්‍රකාශ කරන අතර කපිල සේපාලිගැන කිසිත් නොකියයි, තම නිවසේ සිට මෙය අසා සිටින සේපාලිගේ සිතෙහි මේ අවස්ථාවේ කපිල ගැන පැහැදීමක් ඇති වෙයි.

පසුව බලවත් සේ තුවාල ලබා සිටින කපිල හට සාත්තු කිරීම සඳහා සේපාලි ඉදිරිපත් වන අතර මේ අවස්ථාවේ දෙදෙනා අතර සබඳතාවය දැඩි වේ. කපිලට පහර දීතම උපක්‍රමය සාර්ථක වුවායැයි කියා සංගීත ගුරුවරයා සේපාලිකගේ නිවසට පැමිනෙන අතර ඇය ඔහුට බැන වැදී එළවා දමයි. මේ අතර සේපාලිගේ උපන් දිනය වෙනුවෙන් ගීයක් ගයන ලෙස ඇය කපිල හට ආරාධනා කරයි.

මෙහිදී ඔහු පවසන්නේ තමා හට තවමත් සුපුරුදු සුවය නොමැති බැවින් තමා නිවසේ උඩුමහලේ සිට ගායනා කරන බවයි. සේපාලි එයට එකඟ වෙයි.

සේපාලිකාගේ උපන් දින සාදය සඳහා නිර්මලාද ඇරයුම් ලබා සිටින්නිය. සුපුරුදු ලෙස චන්ද්‍රා ඇතුලු පිරිස මෙහිදීද කපිලගේ උදව්වට එති. චන්ද්‍රා සැගවී සිට ගයයි. කපිල ගායනා කරන අයුරින් රඟපායි. මෙහිදී සේපාලි අසල සිටින නිර්මලා තුල කිසියම් සැකයක් ඇති වන්නේ ගැයෙන්නේ සුපුරුදු හඩකින් බැවිනි.

ගීතය අවසන් වීමෙන් පසු සේපාලි තම පෙම්වතා වන කපිල වර්ණනා කරන නමුත් එය නොපිළිගන්නා නිර්මලා එය චන්ද්‍රාගේ හඬ යැයි තරයේ පවසා සිටියි . පසුව පරික්ෂා කිරීම සඳහා නැවත වරක් ගීතය ගයන ලෙස සේපාලි කපිලගෙන් ඉල්ලා සිටින අතර ඔවුන් නැවතත් ගීතය ගයයි. මෙහිදී ඉදිරියට එන නිර්මලා කපිලගේ නිවස දෙසට විදුලි පන්දමක් යොමු කරන අතර එහිදී ගීතය ගයන්නේ චන්ද්‍රා බැව් මැනවින් පෙනී යයි. ඒ සමගම කපිලගේ උපක්‍රමය සේපාලිට අවබෝධ වෙයි.

කපිල කෙරෙහි කලකිරීමට පත් සේපාලිකා මිට පෙර තම දෙමාපියන් යෝජනා කර තිබු විවාහයකට කැමැත්ත පළ කරයි. මේ අනුව ඇ ය කපිල හටද තම විවාහ මංගල්‍යට ආරාධනා කරයි. මේ වන විට කපිලගේ මිත්‍ර චන්ද්‍රා හා නිර්මලා අතර පෙම් සබඳතාව වඩාත් ස්ථිර වී ඇති අතර සියලු බලාපොරොත්තු බිඳ වැටුණු කපිල චන්ද්‍රාසොයා යයි.

සේපාලිකා තමා හට ලබා ගැනීම සඳහා කපිල, නිර්මලා හා චන්ද්‍රාගේ මිතුරන් පිරිසගේ උදව් ඉල්ලා සිටින අතර සේපාලිකාගේ විවාහ මංගල්‍ය දිනය උදා වෙයි. නෑදෑ හිතවතුන් මංගල්‍ය උත්සවය සඳහා පැමිනෙමින් සිටිති.

සේපලිකාගේ විවාහය සඳහා සියල්ල සුදානම්ය. කපිල හා මිතුරන් ඔවුන්ගේ අවසන් උපක්‍රමය අත්හද බැලීමට සුදානම් වෙති. මිතුරන් පිරිස ඔහු කාමරයේ ඇඳක් මත දිගා කරවා ඔහු දිවි හානි කර ගත් බැව්  පවසමින් විලාප දෙන්නට පටන් ගනිති. මංගල උත්සවයට පැමිණි  පිරිස මෙන්ම සේපාලිකාද වහාම කපිලගේ නිවසට දුව එති.

සේපාලිකා නොලැබිම මත කපිල දිවි නසා ගෙන ඇති බැව් ඔහුගේ මිතුරන් පවසති. මේ අවස්ථාවේ එමස්ථානයට පැමිණෙන මනාලයා ඇතුලු පිරිසද බිය ගන්වා හරවා යවන්නට කපිලගේ මිතුරන් සමත් වන අතර තමා නිසා කපිල මිය ගිය බැව් පවසමින් සේපාලි දුක් වන්නට වෙයි.

මේ අවස්ථාවේ මෙතෙක් බොරු රඟපෑමක යෙදී සිටි කපිල නැගිට සිටියි. අවසානයේ සියල්ලන්ගේම එකගත්වයෙන් කපිල හා සේපාලි  එක් වන අතර ඔවුන්ගේ විවාහය අවස්ථාවට නිර්මලා හා චන්ද්‍රාද  එක වන්නේ ඔවුන්ද  විවාහ වෙමිනි.

සැකසුම - අනිල් වීරසිංහ 
දුරකථන - 0716358123

 
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS