SUMMARY
Sugath Janaka
සුගත් ජානක
58.583877995643
59% |   918  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Sugath Janaka සුගත් ජානක
Sugath Janaka

NATIONAL AWARDS

 
FILMOGRAPHY


AS CAST MEMBER

1Athuru Mithuru Hari Apuru
Actor
2018
2Goree
Actor
2019
3Kabaddi
Actor
2021
4Sri Wickrama
Actor
2023
5Meka Puduma Kathawak
Actor
2023
6Kambili
Actor
2024
7Rosa Adare
Actor
2025

UPCOMING

1Kidnap
Actor
BIOGRAPHY

දශක දෙකකට වැඩි කාලයක් කලා ක්ෂේත්‍රයේ විවිධ රංගන විවිධ චරිත ඔස්සේ පුංචි තිරයෙන් ඔබ හමුවන ඔහු නමින් සුගත් ජානක. සරසවිය අප කා සමඟත් බොහොම ලෙන්ගතු සුගත් පසුගිය දවසක අප සොයා ආවේය. ඔහු සමඟ කළ කතාබහකි මේ.
 
මේ දිනවල පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඔබව දකිනවා?
 
ඔව්. හිරු ටීවී හි විකාශය වන මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ මහසෙනවිගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව නොබෝ දිනකට පෙර නිමාවට පත්වුණු ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ හිතුවක්කාරි හි සාරංගගේ චරිතය, දෙරණ හි විකාශය වූ දියණි ටෙලිනාට්‍යයේ දාබරේගේ චරිතය වගේ චරිත කිහිපයක්ම නිරූපණය කළා.
 
ප්‍රතිචාර කොහොමද?
 
එයට හොඳ ප්‍රතිචාර තිබුණා. මගේ උපන්දිනයට ආදරණීය රසිකාවියක් මට ලියා තිබුණා රන්මිණීට බලහත්කාරකම් කරන්න ආපු තමුසෙට හොඳක්නම් වෙන්න එපා කියලා. මෙවැනි ප්‍රතිචාර එක්ක හිතන්න පුළුවන් මම චරිතය හොඳීන් නිරූපණය කළා කියලා. දාබරේගේ චරිතයට පිටපතෙන් ඔබ්බට කෑල්ලක් මම එකතු කළා 'අන්ජබජල් මනිකුන්ජල්' කියලා. පසුව එය බොහෝ දෙනා අතරට ගියා.
 
කොතරම් කාලයක් වෙනවද කලාවට ඇවිත්?
 
දශක දෙකකට වැඩියි. හරියටම කිව්වොත් අවුරුදු විසිතුනක්. පාසල් කාලයේ සිටයි කලාව පටන්ගත්තේ. එකම චරිතයකට කොටු නොවි චරිතාංග නළුවෙක් විදිහට විවිධ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ආසාවෙන් ඉන්නවා අන්ධයෙකුගේ චරිතයක් නිරූපණය කරන්න.
 
ක්ෂේත්‍රයට ඇවිත් ගෙවුණ කාලය තුළ රංගනයෙන් ඔබ්බට ඔබ කළ කී දෑ මොනවද?
 
මගේ අරමුණ වුණේ අධ්‍යක්ෂකවරයෙක් වීම. එය මං ඉටුකරගත්තා. පසුගිය කාලයේ පෝය ඒකාංගික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එහි නම 'අතීතස්මරණ'. එය ඉතාම සතුටින් කළ වැඩක්. එහි නිෂ්පාදන කටයුත්තත් කරන්නේ මමයි. එළබෙන පෝයක එය නරඹන්න හැකිවේවි. මම ගායකයෙක්. නර්තන ශිල්පියෙක්. කෙනෙක් අහන්න පුළුවන් ඇයි අධ්‍යක්ෂණයට මෙතරම් ප්‍රමාද කියලා. කාලය අරන් සැලසුමකට අනූව කරන කියන දෑ සාර්ථකයි. ආදරෙත් එහෙමනේ
 
අලුත් ගීතයක් කළේ නැද්ද?
 
ගීතයේ නම ආදරේ මතකයන්. තනු නිර්මාණය මගේ. පද රචනය කළණි අප්සරා. රූප රචනයත් එක්කම ප්‍රේක්ෂකයාට බලන්න පුළුවන්.
 
කලාව වෘත්තීයද?
 
ඔව්. මම කලාව වෘත්තීය කරගෙන ඉන්නේ. කලාව කියන්නේ මගේ ජීවිතේ. පොඩි කාලේ විජය කුමාරතුංගව දැකලා මමත් හිතුවා ලොකු වෙලා මේ වගේ නළුවෙක් වෙනවා කියලා.
 
නර්තන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද?
 
මගේ කලා කටයුතුවලටම යොදාගන්නවා මිසක රියැලිටි තරඟවලට ඉදිරිපත් වෙන්න මම කැමැති නෑ. මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් මම නර්තනයේ යෙදෙනවා.
 
ඔබට ඉන්දියාවෙන් සම්මානයක් ලැබුණා නේද?
 
ඔව් 2019 වසරේ වර්ල්ඩ් අවෝඩ් අයිකන් -2019 සම්මානය මට ලැබුණා. ලංකාවේ හෝලා ලංකා සමගම සමඟ සම්බන්ධ වී අවුරුද්දක් පාසා විවිධ රටවල මේ සම්මාන උළෙල කරනවා. බොම්බේ වෙල්වට් කියන හින්දි සිනමාපටයේ මට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. එහි මස්තාන්ගේ චරිතයයි මා නිරූපණය කළේ. ඒ වෙනුවෙන් මට එය ලැබෙන්නේ.
 
ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?
 
මායාජාල සිනමාපටයේ කොටස් කරුවෙක් වෙන්න මටත් අවස්ථාව ලැබුණා. අවසාන වශයෙන් මම රඟපෑ චිත්‍රපටයක් වුණේ කබඩි. පුදුම කතාවක්, ශ්‍රී වික්‍රම, අග පිපි මල් සිනමාපට තුන ඉදිරියේදී බලන්න පුළුවන්.
 
තිළිණි රාජපතිරණ
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS