සාරාංශයඡායාරූප
Swarna Kahawita
ස්වර්ණා කහවිට
1946 - 2022
63.125548726953
63% |   1139  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Swarna Kahawita ස්වර්ණා කහවිට
Swarna Kahawita
  • උපන්දිනය : 1946 November 01
  • විපත : 2022 May 23
  • සම්මාන

    1Best Actress
    7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
    බිනරමලී
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1රහස් දූපත [ මිමී 16 ]
    ප්‍රධාන නිළිය
    1967
    2රෑන ගිරවු
    නිළිය
    1967
    3බිනරමලී
    ප්‍රධාන නිළිය
    1969
    4පූජිතයෝ
    නිළිය
    1971
    5රන් ඔන්චිල්ලා
    ප්‍රධාන නිළිය
    1971
    6අභිරහස
    නිළිය
    1971
    7හොඳයි නරකයි
    නිළිය
    1973
    8ඔන්න බබෝ බිල්ලෝ එනවා
    ප්‍රධාන නිළිය
    1974
    9සූරයා සූරයාමයි
    නිළිය
    1975
    10සිරිල් මල්ලි
    ප්‍රධාන නිළිය
    1975
    11ලස්සන දවසක්
    ප්‍රධාන නිළිය
    1975
    12හරිම බඩු තුනක්
    නිළිය
    1976
    13උන්නත් දාහයි මලත් දාහයි
    නිළිය
    1976
    14ඔන්න මාමේ කෙල්ල පැනපි
    නිළිය
    1976
    15හරියනකොට ඔහොම තමයි
    ප්‍රධාන නිළිය
    1977
    16නිවෙන ගින්න
    නිළිය
    1977
    17සසර
    නිළිය
    1978
    18දයාබර නිලූ
    නිළිය
    1981
    ජීවදත්ත

    1969 වසරේ තිරගත වුණු බිනරමලී චිත්රපටයේ බිනරමලී ලෙස ප්රධාන චරිතයට පණ පෙවූ ඇය 1970 වසරේදී සරසවිය සම්මාන උළෙලේ සිය රංගන භූමිකාව වෙනුවෙන් වසරේ හොඳම නිළියට හිමි සරසවිය සම්මානය දිනා ගන්නවා. ලංකාවේ රංගන ක්ෂේත්රයේ දැනට ඉන්න ප්රවීණ රංගන ශිල්පිනියන් අතරින් තාමත් රංගන ක්ෂේත්රය තුළ ඇගේ නම අපූරුවට රඳවාගත් අපූරු රංගන ශිල්පිනියක් තමයි ස්වර්ණා කහවිට. සරසවිය හොඳම නිළිය ලෙස සම්මානය ලැබීමත් එක්ක ඇය චිත්රපටවල ප්රධාන චරිත සඳහා තෝරා ගන්නවා. ලස්සන දවසක්, රන් ඔන්චිල්ලා ,පූජිතයෝ, හරි යනකොට ඔහොම තමයි ,අබිරහස, සිරිල් මල්ලි, සසර, ඔන්න බබෝ බිල්ලො එනවෝ, නිවෙන ගින්න, සූරයා සූරයාමයි, හරිම බඩු තුනක් වගේ චිත්රපට 35කට ආසන්න සංඛ්යාවකට ඇය රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. ඇය සමඟ වැඩි වාර ගණනක් ප්රධාන චරිතයක් ලෙස චිත්රපටවලට රංගන දායකත්වය ලබා දෙන්නේ එවකට රංගන ක්ෂේත්රයේ දැවැන්ත චරිතයක් වන විජය කුමාරතුංගයන්. ඇය අවසාන වශයෙන් රංගනයෙන් දායක වුණේ කඳපොල කුමාරතුංගගේ ‘දයාබර නිලූ’ චිත්රපටයේ.
     
    ඇගේ රංගනයට ප්රවිෂ්ට වීම ගැන කතා කරන විට දෙමව්පියන්ගේ දැඩි අකමැත්ත මත තමයි ඇය රංගනයට ප්රවිෂ්ට වන්නේ. සරසවිය පුවත්පතේ සඳහන් වූ බිනරමලී චිත්රපටයට නිළියන් තේරීමේ දැන්වීමට දාපු පිළිතුරු ලිපියක් නිසාවෙන් තමයි ඇයට මේ අවස්ථාව හිමිවන්නේ. නමුත් ඇය රංගනයෙන් දායක වුණු බිනරමලී නිසාම ඇයට සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන්නටත් හැකියාව ලැබෙනවා. ඇගේ වැඩිමහල් සහෝදරයා තමයි ආරියරත්න කහවිට. ඔහු සිනමාවට සම්බන්ධ රංගන ශිල්පියෙක්. නමුත් රංගන ශිල්පිනියක් වෙනවට අයියත් කැමති නැති බවක් තමයි ඇය පවසලා තිබුණේ.
     
    කුඩා කාලයේ පටන් තිබිච්ච ආසාවක් නිසාවෙන් ඇය රංගනය නවත්වලා ජපානයට යන තීරණය කරනවා. ඉතින් එහිදී ඇයට අවස්ථාව ලැබෙනවා මුද්රණ ආයතනයක සේවය කරන්න. සේවය කරන අතරතුරේ දී මවට අංශභාගය වැලඳීම නිසාවෙන් ඇයට සිද්ධ වෙන නැවත ලංකාවට පැමිණෙන්නට. ලංකාවට පැමිණෙන මුල් කාලයේදී ඇයට ටෙලිනාට්ය සඳහා ආරාධනා ලැබුණත් ඒ සියල්ල ගිලිහී යනවා.
     
    ස්වර්ණා කහවිට කියන්නේ අදටත් තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්.දෙමව්පියන්ගේ තිබූ දඩි අකමැත්ත නිසාවෙන් ඇයට සිදු වෙනවා එවකට තිබූ ආදරසම්බන්දය නවතා දමන්නට.ආදරය උපරිමයෙන් විදපු කෙනෙක් විදියට එය අතහැර දමන්නට ඇය සූදානම් නෑ කියල තමයි ඇය කියන්නෙ. නිවසෙන් කොතෙකුත් යෝජනා ආවත් ඇය ඒ කිසිවකට කැමති වන්නේ නැහැ .විවාහ වෙන්න කියා බලකලත් මම කැමති කෙනා නොලැබුණු නිසාවෙන් විවාහ නොවන බව ඇය පවසලා තිබුනා.ජපානයට යන්නට කළ තීරණයත්, රංගනයෙන් ඉවත් වෙන්නට කළ තීරණයටත් හේතුව වෙලා තිබුණේත් ඇයගෙ ආදර සම්බන්ධය නැවැත්වීම.
     
    ජීවිතයේ ගොඩක් ප්රශ්න දැන් වෙනකොට අඩුවෙලා ගිහින් තියෙන නිසා වයසට ගැළපෙන හොඳ චරිතයක් රඟපාන්න කැමැත්තෙන් සිටින බව සඳහන් කරලා තිබුනා .ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී මෙතෙක් ගලාගෙන ආපු ගැටලු ප්රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියනවා. නමුත් ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව, කඳුළු සලන්නේ නැතුව ජීවිතය ජය ගත්තා වගේ ඉදිරියටත් පිනක් දහමක් කරගෙන සතුටින් ජීවත් වෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS