1965 දී පලාමල්ල වේදිකා නාට්‍යයේ රඟපාමින් කලා ලොවට පිවිසි ඔහු කෙළෙස්ගිර පරිවර්තන නාට්‍යයේ ද රඟපෑවේය. ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී හිඳිමින් සිනමාවට පිවිසි අශෝක, ප්‍රධාන චරිතයක් රැඟුවේ තණ ගිරවි චිත්‍රපටයේය.
යුගාන්තය, බැද්දේගම, කලියුගය, සත්‍යග්‍රහණය, විරාගය, ගුරුගෙදර, යක්ෂාවේෂය ඇතුලු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා ඇතුලු විදෙස් චිත්‍රපට කීපයකද රඟපෑවේය.
‘බයිසිකලේ’ ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපාමින් ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වූ ඔහු රැහැන්පොට, සමන්තැන්න, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍යවලද රඟපෑවේය. |