ජනප්‍රිය නළුවකු, අධ්‍යක්ෂවරයකු හා සිනමා ශාලා කළමනාකාරවරයකු වූ ඩඩ්ලි වානගුරු 1922 දෙසැම්බර් 16 වැනිදා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ලෙසින් කොළඹ දී උපත ලැබීය.
සිලෝන් තියටර්ස් සමාගමට බැඳී සිනමාහල් පරීක්ෂකවරයකු ලෙස ජීවිතය ආරම්භ කළ ඩඩ්ලි පසුව රොක්ෂි, එම්ෆයර්, එල්ෆින්ස්ටන්, ටවර් සිනමා ශාලාවල කළමනාකාර ධූරය ද දැරීය.
ශාන්ති කුමාර්ගේ ‘එදා රෑ’ චිත්‍රපටයෙන් නළුවකු බවට පත් වූ ඔහු පසුව දෛව විපාකය, හදිසි විවාහය, නළඟන, ජීවිත පූජාව, දස්කම, ගැහැනු ගැට, පටාචාරා, උන්නත් දාහයි මලත් දාහයි ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රාශියක දුෂ්ඨයාගේ සහ ප්‍රේමවන්තයාගේ චරිත රඟපෑවේය.
‘සැඟවුණු මැණික’ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු හා එකම චිත්‍රපටය විය. ඔහුගේ දියණිය මානෙල් වානගුරු සිනමාවට හඳුන්වා දුන්නේ එම චිත්‍රපටයෙනි.
පුරා හතළිස් වසරකට අධික කාලයක් සිනමා ලොව ජය කෙහෙළි නැං වූ ඩඩ්ලි වානගුරු 2003 ජූලි 29 වැනිදා එංගලන්තයේදී අවසන් හුස්ම හෙළීය
Sarasaviya |